• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ පිහිටීම් නැත්නම් ග්‍රහයෝ මාරුවුණාට ටිකට් ඇදෙනව නම් බොරු!Sri Lanka Latest News

November 2, 2025
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනා අතර පවතින දුර්මතය වන්නේ ග්‍රහ ගෝචරයෙන් එක් රාශියක සිට තවත් රාශියකට යෑමේදී ලොතරැයි වාසනා ලැබේද සහ අධික ධන වාසනා හිමිවේද යන්නයි. එමෙන්ම බොහෝ ජ්‍යොතිර්වේදීන් ධන වාසනා ලැබීම් පිළිබඳව පෙන්වා දෙනුයේ ග්‍රහයකු එක් රාශියක සිට තවත් රාශියකට ගෝචර වූ විගසම “මෙම ලග්න හිමියන් ධන කුවේරයන් බවට පත් වේ” යන්න ඉතා ඉහළින් වර්ණනා කරමින් පැවසීමයි.Sri Lanka Latest News

එමෙන්ම එය විචක්ෂණශීලී බුද්ධියකින් තොරව විශ්වාස කරන පුද්ගලයින් මෙන්ම මූල්‍යමය ගැටලු ඇති පුද්ගලයින් බොහෝමයක් එකවර ධනවතුන් වීම පිණිස අධික ලෙස සූදුවට ඇබ්බැහි වීම මෙන්ම ධන වරුෂාවක් ලැබෙන තුරු අතපය හකුළා බලා සිටීමට පුරුදුවීමයි. ශෝකජනක කාරණාවක් බවට පත්වන්නේ වටිනා ජීවිත තුළ ඉතා වටිනා කාලය නිකරුණේ නාස්ති කිරීමයි. ඉන්පසු එලෙස බලා සිටීමෙන් කිසිදු ප්‍රතිඵලයක් තමන්ට නොලැබුණු විගස ජ්‍යොතිර්වේදය සඳහා ඇති විශ්වාසය බිඳ හෙළා වෛර කිරීමට පෙලඹීම ඇතිවේ. ඇත්තෙන්ම අධික ධන වාසනා ලැබෙන ග්‍රහ පිහිටීම් රාශියක් ඇත. තවද මෙකී ග්‍රහ පිහිටීම්වලින් පමණක්ම ලොතරැයි වාසනාව හෝ සූදුවෙන් ජයග්‍රහණ ලැබීම සිදුවන්නේ නැහැ. ඒ වගේම මෙකී සියල්ලම සිදුවීමට පෙර තමන්ගේ සිත ශක්තිමත් විය යුතුමයි එමෙන්ම ඒ සඳහා මහන්සි විය යුතුයි. මෙම ලිපිය මගින් පෙන්වා දීමට උත්සාහ කරනුයේ ජ්‍යොතිෂය නිවැරදිව තමන්ගේ ජීවිතයට උපයෝගී කරගැනීමත් අතපය හකුළා නොසිට උත්සාහයෙන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට උපදේශයන් ජ්‍යොතිෂය තුළින් ලබා දීමයි. ඇත්තෙන්ම ග්‍රහ පිහිටීම් මගින් ඔබ ධනවතුන් වන ග්‍රහයෝග ඇති බව ඔබ දත යුතුය. එය අධ්‍යනය කීරීම ඉතා වැදගත් කරුණකි. මෙය හුදෙක් පොදු ජනතාව වෙනුවෙන් වන වටිනා ජ්‍යොතිෂය දැනුමක් පමණක්ම නොවන අතර ජ්‍යොතිෂයවේදීන් සඳහාද වැදගත් ලිපියක් බව ඔබ දත යුතුය. මෙකී ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ ගෝචරයන් ඇති නම් නිසැකවම ඔබට අධික ධන ලාභ, භූමි ලාභ, ලොතරැයි වාසනා මෙන්ම මැණික් වාසනාද හිමිවන බව ඔබ දත යුතු කාරණාවකි.

ප්‍රථමයෙන් ඔබ ඔබගේ ජන්ම පත්‍රය රැගෙන ඔබට මැණික් වාසනාවන් සහ භූමිලාභ ලැබෙන ග්‍රහ පිහිටීම් තියෙනවා දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මෙහි ඉතාමත් කෙටි ග්‍රහ පිහිටීම් අතලොස්සක් පමණක් ගෙනහැර දක්වමු. මැණික් වාසනාවන් සහ භූමි ලාභ ලැබෙන ග්‍රහ පිහිටීම් අතර ප්‍රබලව බලපානුයේ සිකුරු, කුජ සහ ශනි වේ. එමෙන්ම දෙවැන්න නවවැන්න එකොළොස්වැන්නෙහි අධිපතීන් ශුභ ස්ථානයක ශුභ ග්‍රහ දෘෂ්ටි සමඟ පිහිටා ඇති විට රාහු මහ දසා කාලයක් හෝ රාහු අතුරු දසා කාලයක් යන කාලසීමාවක් තුළ තමන්ගේ පක්ෂියා රජවන මොහොතක, සම්පත් නැකතක් උදාවන දිනයක ගත් ඉල්ලම් තුළ මැණික් ලැබීමද ලොතරැයි වාසනා හිමිවීම ද සිදුවේ. භූමි ලාභ ලැබෙන ග්‍රහ පිහිටීම් අතර කුජ, ශනි, සිකුරු ජල රාශී වල හෝ පොළොව සම්බන්ධ රාශි වල සිටිය යුතුය. ජල රාශි වන්නේ කටක, වෘශ්චික සහ මීනය. වෘෂභ, කන්‍යා සහ මකර යන රාශි පොළොව සම්බන්ධ රාශි වේ.
එමෙන්ම මකර ලග්න හිමියන්ගේ හා මේෂ ලග්න හිමියන්ගේ කුජ ලග්නෙහි ඇති විට ඉතා වටිනා යෝගයක් වන රුචක යෝගය යෙදේ. එවිට සඳු ලග්නයෙන් දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නවවැන්න, එකොළොස් වැන්න යන භාවයක ගෝචරව ඇති විට කුජ මහ කාලයක් හෝ කුජ අතුරු දසා කාලයක් යනවා නම් අධික ධන ලාභ හිමිවේ.
වෘෂභ ලග්න හිමියන්ගේ සිකුරු ලග්නයේ ඇති විට මෙන්ම බුධ එකොළොස් වැන්නෙහි තැන්පත්ව ගුරු දෙවැන්නෙහි තැන්පත්ව ඇතිවිට අයස්ථානාධිපති සහ ධනස්ථානාධිපති පරිවර්තනය ප්‍රභල ධන යෝගයන් උදා කෙරේ. එවිට ගුරු මහ දසා කාලයක් හෝ ගුරු අතුරු දසා කාලයක් යනවා නම් මෙන්ම ගෝචරයෙන් ගුරු දෙවැන්නේ නම් මෙකී ධන යෝග උදා කෙරේ.

මිථුන ලග්න හිමියන්ගේ ගුරු-ශනි යෝගගතව එකොළොස්වැන්නේ මෙන් ම, කුජ දස වැන්නේ තැන්පත්ව ඇත්නම් දස වැන්න එකොළොස්වැන්න පරිවර්තනය වී ධර්මකර්මාධිපති යෝගය මෙන්ම මහා පරිවර්තන යෝගයද උදාවේ. එවිට බුධගෝචරයෙන් පළවැන්න, දෙවැන්න, හතරවැන්න, හයවැන්න, අටවැන්න, එකොළොස්වැන්න භාවයක හැසිරෙන කාලසීමාවල් තුළ ධන යෝග උදා කෙරේ.

කටක ලග්න හිමියන්ගේ උප්පත්ති කේන්දරයේ ගුරු ලග්නේ ඇති විට, ශනි හත්වැන්නෙහි ඇති විට, කුජ දස වැන්නේ ඇති විට, ගුරු හංසයෝගය මෙන් ම රුචක යෝගය යෙදේ. එවිට ගෝචරයෙන් දෙවැන්න පස්වැන්න එකොළොස්වැන්නෙහි ගුරු ගෝචර වන විට අධික ධන ලාභ මෙන්ම මැණික් ලාභද හිමිවේ.

සිංහ ලග්න හිමියන්ගේ බුධ එකොළොස් වැන්නෙහිද රවි ලග්නයේද සෙනසුරු හත්වැන්නේද ඇත්නම් ගුරු සමග සංයෝගව හෝ ගෝචරයෙන් සිකුරු ලග්නය දෙවැන්න හතරවැන්න දසවැන්න එකොළොස්වැන්නේ ගෝචර වන කාලසීමාවන් තුළ අධික ලාභ හිමිවේ. මෙකී කාලසීමාව ඔබගේ සම්පත් නැකතින් පක්ෂියා රජවන සමයක ලොතරැයි ගත්තොතින් ලොතරැයි වාසනා ලැබීමටද ඉඩකඩ උදාවේ.

කන්‍යා ලග්න හිමියන්ගේ ගුරු ශනි යෝගගතව හතරවැන්නෙහි ඇති විට නව වැන්නාධිපති වන සිකුරු දසවන්නහිද දසවැන්නාධිපති වන බුධ නමවන්නෙහිද ඇතිවිට නවය සහ දහය පරිවර්තනය වී ධනයෝගයක් වන මහා ධර්ම කර්මාධිපති යෝගය උදා කෙරේ. එමෙන්ම ගෝචරයෙන් සෙනසුරු තුන, හය, එකොළහ යන භාවයන් තුළ ගෝචර වීමේදී මෙන්ම බුධ මහ දසා කාලයක් හෝ බුධ අතුරු දසා කාලයක් යනවා නම් මෙම ධනයෝගය හිමි වේ.

තවද තුලා ලග්න හිමියන්ගේ රවි එකොළොස්වැන්නේ ඇති විට ගෝචරයෙන් රවී තුන්වැන්න, පස්වැන්න, නමවැන්න, දහවැන්න, එකොළොස්වැන්න යන භාවයක හැසිරෙන කාලසීමාවන් තුළ රවි මහ දසා කාලයක් හෝ රවි අතුරු දසා කාලයක් යනවා නම් ධන ලාභ ලැබීමේ ඉඩකඩ ඇත.

වෘශ්චික ලග්නයේ කේතු ලග්නයේද රාහු හත්වැන්නේ ද ඇති විට ගුරු ශනි යෝගතව හතරවැන්නෙහි ඇති විට කුජ දසවැන්නෙහි ඇති විට කුජ මහ දසා කාලයක් හෝ අතුරු දසා කාලයක් යනවා නම් ධන ලාභ ඇති වේ. එවිට රාහු ගෝචරයෙන් තුන, හය, දහය, එකොළහ යන භාවයක ගෝචර වන විට මහා ධනයෝග උදා කෙරේ.

ධනු ලග්නයේ ගුරු ශනි හතරවැන්නෙහිද සෙනසුරු එකොළොස් වැන්නෙහිද ගුරු දෙවැන්නෙහි ඇත්නම් ධන යෝග උදා කෙරේ. මෙහිදී රාහු එකොළොස්වැන්නේ ඇත්නම් ගෝචරයෙන් රාහු තුන, හය, එකොළොස් වැන්නේ ගෝචර වන විට ධන යෝග උදාවේ. එමෙන්ම ගුරු ලග්නය දෙවැන්න හත්වැන්න එකොළොස්වැන්නේ ගෝචර වන විට ද ධනු ලග්න හිමි ඔබට ඉතාමත් ප්‍රබල ධනයෝග හිමිවේ.

මකර ඔබේ ගුරු ශනි යෝගගතව හතරවැන්නේ ද කුජ ලග්නයේත් ඇත්නම් බුධ දස වැන්නේ ද සිකුරු නව වැන්නේ ද ඇත්නම් මහා පරිවර්තන යෝගයක් සහ රුචක යෝගය උදා වේ. රවි එකොළොස්වැන්නෙහි ඇති කාලසීමාවක් තුළ ගෝචරයෙන් රවි එකොළහ, දෙවැන්න, හයවැන්න තුළ ගෝචර වන කාල සීමාවක් තුළදී තමන්ගේ පක්ෂියා රජවන දවසක සම්පත් නැකැතක් හිමි අවස්ථාවකදී ලබාගන්නා ටිකට් පත් වල ලොතරැයි වාසනා හිමිවීමද භූමිය සම්බන්ධයෙන් අධික ලාභ ලබාගැනීමටද හැකියාව පවතී.

කුම්භ ලග්න හිමියන්ගේ ගුරු, ශනි ලග්නයේද රවි එකොළොස්වැන්නෙහිද ඇත්නම් හෝ රවිගුරු යෝගතව එකොළොස් වැන්නෙහි ඇත්නම් මහා ධනයෝග හිමිවේ. එවිට සඳු ලග්නයෙන් දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නවවැන්න, එකොළොස් වැන්න යන බාවයක ගෝචරව ඇති විට කුජ මහ කාලයක් හෝ කුජ අතුරු දසා කාලයක් යනවා නම් අධික ධන ලාභ හිමිවේ.

මීන ලග්නයේ ගුරු ලග්නයේද, කුජ එකොළොස්වැන්නෙහිද, ශනි දෙවැන්නෙහිද ඇති විට ගුරු හංස යෝගය මෙන්ම පරිවර්තන යෝගයක් යෙදේ. මෙම යෝගය ඇති විට ගුරු මහදසා කාලයක් හෝ ගුරු අතුරු දසා කාලයක් යනවා නම් රවි ගෝචරයෙන් තුන්වැන්න පස්වැන්න නමවැන්න එකොළොස්වැන්න යන්න තුළ ගෝචර වන කාලසීමාවන් තුළ ධන වාසනා හිමිවේ.

මෙකී සියලු ග්‍රහ පිහිටීම් අනුව ඔබේ ජන්ම පත්‍රයෙහි පක්ෂියා රජවන මොහොතක සහ සම්පත් නැකැතක් හිමි අවස්ථාවකදී ඔබට ධනයෝග උදාවෙන කරුණු කාරණා සඳහා ආරම්භ කිරීම් කළ යුතු ය. එමෙන්ම නවංශකය තුළ චන්ද්‍රයා නීචව ඇත්නම් මෙකී හදිසි ධන ලාභ ඇති වන ඉඩකඩ ඉතාමත්ම අඩුය. තවද අනිවාර්යයෙන්ම ඔබේ ජන්ම පත්‍රයෙහි කේමද්‍රම යෝගය නොතිබිය යුතුය. මෙකී යෝග පිළිබඳව ඉදිරියේ සති තුළදී ලිපියක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි. තවද ඔබට අවශ්‍ය ජ්‍යොතිෂය දැනුම ලබා ගැනීමට ජයසර්බවැැඅ්බස ්ිඑරදකදටහ හදමඑමඉැ නාලිකාවද ජයසර්බවැැඅ්බස ්ිඑරදකදටහ ෆේස්බුක් හා ටික් ටොක් නාලිකාවද අනුගමනය කරන්න.

ඉදිරියේදී ඔබට දැනගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය ගැටලු පවතිනවා නම් අපි ලිපි මාර්ගයෙන් ඔබට එයට පිළිතුරු ලබාදීමට කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා ඔබගේ ජ්‍යොතිෂමය ගැටලු චිරංජීවණී ඇස්ට්‍රොලොජි ෆේස්බුක් නාලිකාව හෝ අපගේ දුරකතනයට කෙටි පණිවිඩයක් හරහා හෝ මව්රට පුවත්පතට එවීම මගින් ඔබගේ ගැටලු අප වෙත යොමු කිරීම සිදුකර ගත හැකියි.

මිහිරාජ් සිසිල

ශාස්ත්‍රවේදී (ගෞරව) ජනසන්නිවේදනය රජරට විශ්වවිද්‍යාලය

077 381 3006

SendShareShare
Previous Post

චැනල්ස්වලට කොටුවෙන්න ඕනෙ නෑ… හොඳ තක්සේරුවක් තියෙනවා නම් ඕනෙ තරම් චාන්ස් තියෙනවා… හැකියාවට දක්ෂතාවට අභියෝග කරන්න කාටවත් බෑ… බිමල් ජයකොඩි! Sri Lanka Latest News

Next Post

තද වෙනවා නම් මේ සතියේ පරිස්සමෙන් ඉන්න! හැබැයි සල්ලි බාගේ නැත්තෙමත් නැහැ…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.