• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටේ‍රන්ඩින් හීන අකුරු කරන හර්ෂණ…! මුලින්ම සින්දුවක් හිට් වුණේ 2019දී…! මගේ නිර්මාණ කාලෙන් කාලෙට වෙනස් වෙනවා…! මගේම සින්දු අහන සෙට් එකක් වෙනම ඉන්නවා…! හර්ෂණ කේ. පේරේරා I Sri Lanka Latest News

April 25, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ටේ‍රන්ඩින් හීන අකුරු කරන හර්ෂණ…! මුලින්ම සින්දුවක් හිට් වුණේ 2019දී…! මගේ නිර්මාණ කාලෙන් කාලෙට වෙනස් වෙනවා…! මගේම සින්දු අහන සෙට් එකක් වෙනම ඉන්නවා…! හර්ෂණ කේ. පේරේරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථකත්වය රඳා පවතින්නේ වාසනාව මත නොව, තමන් ඉලක්ක කළ ගමන වෙනුවෙන් කරන කැපකිරීම් මතය. අද වන විට ලාංකේය සංගීතයේ නොමැකෙන නමක් සටහන් කර ඇති හර්ෂණ කේ. පේරේරා යනු ඒ කැපකිරීම්වල සැබෑ ප්‍රතිඵලයයි. 2017 වසරේ දුෂ්කරව ඇරඹි ගමන 2019 වන විට ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරමින් අද වන විට ගීත 160කට අධික නිර්මාණ ප්‍රමාණයකට උරුමකම් කියයි. ‘ලෝකයෙන් යමු‘ සහ ‘කොමලියා‘ වැනි රටක් හඳුනන ගීත ලියූ හර්ෂණ සිය නිර්මාණ ගමන ගැන ‘හාට්’ අපිත් එක්ක හඬ අවදි කළා…‍ Sri Lanka Latest News

ඉතින් හර්ෂණ, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
මේ දවස්වල ඉතින් වෙනසක් නෑ. කලින් වගේම වැඩ ටිකත් කරගෙන නිදහසේ ජීවිතේ ගෙවන ගමන් අලුත් වැඩ ගැන අවධානය යොමුකරගෙන යනවා.
අපිට දැනගන්න පුළුවන්ද ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද කියලා?
මං මේ ක්ෂේත්‍රයට ආවෙ මේකට තිබ්බ ආශාවයි උනන්දුවයි එක්ක. මට අවුරුදු 17, 18 කාලෙදිම මම ආසා දේ කළා. හැබැයි ඒක ලේසි වුණේ නෑ. මට මතකයි කිසිම පහසුකමක් නැතුව ජනප්‍රිය ගායක ප්‍රගීත් පෙරේරා එක්ක ඒ කාලෙ සින්දු හැදුවා හරිම අමාරුවෙන්. අපි දෙන්නම එකටම තමයි ෆීල්ඩ් එකට ආවේ.
ඔබගේ මුලින්ම ජනප්‍රිය වුණු ගීතය මතකද? ඒ ගැන මතක් කිරීමක් කරමුද?
මම ෆීල්ඩ් එකට ආවෙ 2016 – 2017 වගේ. හැබැයි මුලින්ම සින්දුවක් හිට් වුණේ 2019. ඒ තමයි මංජුල පුෂ්පකුමාරට කරපු ‘තේරුම් ගත්තා හැමදේම හොඳම දේ වුණේ සමුදීම’ කියන ගීතය. ඒත් එක්කම 2019 රිලීස් වුණා නිලාන් හෙට්ටිආරච්චිගේ ‘ලෝකයෙන් යමු’ කියන ගීතය. ඒක තමයි මගේ ටර්නිං පොයින්ට් එක. එදා පටන්ගත්ත ගමන තමයි අද මේ විදිහට ගෙවිලා යන්නේ. මෑත කාලයේදී ජනප්‍රිය වුණු ගීත ගත්තොත් 2025 අන්තිම රිලීස් කරපු ‘මල් කුමරිය’ සහ ‘ආශා’ කියන ගීත දෙක.

පද රචනයට අමතරව ගායන කටයුතු කරනවා නේද?
ඔව්. මම ෆීචරින් කරපු ගීත 8ක් තියෙනවා සහ මගේ සෝලෝ එකක් තියෙනවා. ඉස්සහරට මගේ තනි ගීත 4ක් එන්න තියනවා. එකක් නම් සම්පූර්ණ ඉවරයි. ඒක ඉක්මනින්ම ඔයාලට අහන්න දකින්න පුළුවන් වෙයි.
මේ වනවිට හර්ෂණගේ ජනප්‍රියම ගීතය මොකක්ද?කවුද ගායනය කරන්නේ?
ජනප්‍රියම ගීතය මේක කියලා මට එකක් නම් කියන්න අමාරුයි. නම් වශයෙන් කිව්වොත් ඉතින් කෝ කොමලියා, මට ඉන්න හිතුණා, අරාබි කුමාරි, ටිකිරිලියා, හැදුනද රිදුනද මේ වගේ සින්දු 30ක් විතර තියෙනවා හොඳටම ජනප්‍රිය වෙච්ච. ඒ අතරින් ප්‍රගීත් පෙරේරාට ලියපු කොමලියා සහ අමන්දි සුලෝචනාට ලියපු මට ඉන්න හිතුණා වගේම මටම ලියපු ටිකිරිලියා කියන ගීතවල මම වෙනසක් දකිනවා.
මේ වනවිට ගී පද රචන කීයක් වගේ කරලා තියෙනවද?
මම මේ වනවිට ගීත 160ක් විතර රචනා කරලා තියෙනවා.
ඔබ ජනප්‍රිය ගායකයන් කිහිප දෙනකුගේම ගීතවල පද රචනය සිදුකරලා තියෙනවා. කොහොමද ඔවුන් එක්ක වැඩ කරනකොට අත්දැකීම්?
ඇත්තටම අපි කතාබහ කරලා තමයි වැඩ කරන්නෙ ගොඩක් වෙලාවට. අපි සින්දු හදලා ඒ සින්දුවට හරියන ආටිස්ට් සිලෙක්ට් කරගෙන අපි එයාට සින්දුව යවනවා. නැත්තම් අපිට කියලා සින්දුවක් හදාගන්න කතා කරන ක්ලයන්ට් කියන විදිහට එයාට සින්දුවක් හදලා දෙනවා.
ඔබගේ වචනවලට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
ඒක ඉතින් මගේ සින්දු අහන බලන අය කියන විදිහට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ලියන හැම සින්දුවකටම වගේ හොඳ කමෙන්ට්ස් ලැබෙනවා. ඒ අහන බලන අය තාමත් මාත් එක්ක ඉන්න එක ගැන මට සතුටුයි. මගේ ගීත කාලෙන් කාලෙට ගැළපෙන වෙනස් විදිවලට රචනා කරන නිසාම තමයි එයාලා මාත් එක්ක රැඳිලා ඉන්නේ.
ඔබට මේ පිළිබඳ හැකියාව තියෙන බව හඳුනාගත්තේ කොහොමද?
ඒක නම් මම දන්නෙත් නෑ. ඉස්කෝලේ යන කාලෙ ඉඳන්ම මම ලියන සින්දුවල වචන වෙනස් කරලා මට ඕනෙ විදිහේ වචන දාලා ඩෙසක්වලට ගහ ගහ යාළුවො එක්ක කියලා තියෙනවා. ඒක වෙන්න ඇති මම කොහොම හරි මේ ෆීල්ඩ් එකට ආවේ.
මේ ගමනේදී ඔබට ආපු බාධා මොනවද?
බාධා නම් අදටත් නොඅඩුව ලැබෙනවා. හැබැයි ඉතින් මගේ ගමන මම යනවා. වෙනසක් නෑ බාධක තිබ්බට.
මේ වනවිට ටේ‍රන්ඩින් ගීත ගණනාවක ගී පද රචකයෙක් ඔබ. ඒ කාලෙට ගැළපෙන පද රචනා කරන්නේ කොහොමද?
මම හිතනවා මගේ සින්දු අහන සෙට් එකට ඕනෙ විදිහ මොකක්ද කියලා වගේම සමාජෙට ඕනෙ මොන විදිහේ සින්දුද කියලත් මම තේරුම් ගැනීම නිසා වෙන්න ඇති මේ වගේ වචන ගළපගන්න පුළුවන් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා.
ඉතින් හර්ෂන, ඔබගේ ඉදිරි වැඩකටයුතු මොනවද?
ඉදිරි වැඩ කිහිපයක් එන්න තියෙනවා. තව වැඩ ගොඩක් අලුතින් නිර්මාණය කරන්න තියෙනවා. තාම හරි පොඩ්ඩයි කරලා තියෙන්නෙ. ඉතින් අපි බලමු ඉස්සහරට මොකද වෙන්නෙ කියලා.

SendShareShare
Previous Post

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ලෝකෙ කොහෙදිවත් ලැබුණේ නෑ ආලෝකාට මෙච්චර ආදරයක්….! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.