• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

July 12, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ජෙනට් ඇන්තනී කියන්නේ ප්‍රේක්ෂක ඔබ අතර ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මෙවර සුමති සම්මාන උලෙළේ ජනප්‍රිය තරු අතරට එක්වෙන්නත් ඔහුට හැකියාව ලැබුණා. ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ උපාලි ලෙස ඉතා තාත්වික රංගනයක යෙදෙන ජෙනට්, ‘බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයේ ජාලියගේ චරිතයද ඉතා දක්ෂ අයුරින් නිරූපණය කරනවා. ඉතින් ‘හාට්’ අපේ අද කතාබහ ජනප්‍රිය රංගන ශිල්පී ජෙනට් ඇන්තනී සමගයි. Sri Lanka Latest News

‘පෝරකයක මඟුල් ගෙක්’ සමග ජෙනට් මේ දිනවල කාලය ගතකරන බව ආරංචියි?
චාලක රණසූරිය අධ්‍යක්ෂණය කරන, දිලූපා අල්විස් සහ ආශා ලොකුවඩුගේ නිෂ්පාදනය කරන ‘පෝරකයක මඟුල් ගෙයක්’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු මේ දිනවල ඩිනක්ෂි ප්‍රියසාද්, කුසල් මදුරංග, චනුක සංදීප යන රංගන ශිල්පීන් කරගෙන යනවා. ඒ වැඩකටයුතු එක්ක තමයි මේ දවස්වල මගේ කාලය ගතවෙන්නේ.
අපි ජාලිය ගැන කතාකරලම කතාවට මුලපුරමු?
බෝල්ට් ඇණයක් ගැන කතා කළ යුතුමයි. ජාලියගේ චරිතය තමයි මම රඟපාන්නේ. පිටපත අතට ලැබුණට පස්සේ මට මුලින්ම දැනුණේ ජාලිය චරිතය හරිම ප්‍රවේසමෙන් කරන්න ඕනේ චරිතයක් කියලා. ලස්සනට ගලාගෙන යන කතන්දරයක් බෝල්ට් ඇණයක් පිටපතේ තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මා සමග රංගනයෙන් දායක වන ශෙහානි කහඳවලගෙන් ලොකු සහායක් ලැබෙනවා ජාලියගේ චරිතය ගොඩනගා ගෙන යන්න. වචනවලින් කියන්න බැහැ ඒ සහාය. සියලු ශිල්පීන්, කාර්මික ශිල්පීන් දෙන සහාය නිසා තමයි මේ තරම් දුරට ජාලිය චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙන්නේ.
ජාලිය චරිතය වෙනුවෙන් ඔබේ පැත්තෙන් මොන වගේ දේවල්ද එකතු කරගත්තේ?
මගේ ගම දෙහිවල. මම සමාජයත් සමග ගනුදෙනු කරන කෙනෙක්. මට විවිධාකාර මිනිස්සු හමුවෙනවා. ඒ හරහා විවිධ චරිත මට හමුවෙනවා. ඒ දැකපු චරිත ඇතුළේ ජාලිය වගේ කෙනෙක් හිටියා. ඔහුත් එක්ක ඇසුරෙන් ලැබුණු අත්දැකීම් එක්ක ජාලිය චරිතයට අවතීර්ණ වෙන්න පුළුවන් වුණා. අනිත් දේ තමයි ජාලියගේ චරිතය මට වඩා ගොඩක් දුර වෙනස්ම චරිතයක්. ඒ නිසා පරිස්සමෙන් කරන්න වුණා. ජාලිය චරිතය ඇතුළේ ආදරය, දුක, හාස්‍යය මේ සියලු දේ මුසු වෙලා තියෙනවා. අපි කතාබහ කරන මිනිස්සුන්ට වඩා ජාලිය ගොඩක් වෙනස්. මට ටිකක් අමාරු වුණා ජාලිය ගොඩනගා ගන්න. ගොඩනැගුවට පස්සේ සුන්දර චරිතයක් වුණා ජාලියගේ චරිතය.
ඔබ සාමාන්‍යයෙන් චරිතය තුළදී අධ්‍යක්ෂවරුන්ට වධ දෙන කෙනෙක් කියන්නේ ඇත්තද?
මට චරිතයක් ලැබුණට පස්සේ මම ඒ චරිතය ගැන ගොඩක් අහන කෙනෙක්. මම නිරන්තරයෙන්ම හිතන දෙයක් තමයි අධ්‍යක්ෂවරයකු ඉන්නේ අපිට මග පෙන්වන්න කියන එක. අපි චරිතය සමග යන පාර හරියට පෙන්වන්න. අධ්‍යක්ෂවරයාට අනුව හැඩගැහෙන එක තමයි මම ගොඩක් කරන්නේ. අධ්‍යක්ෂට දැනෙන දේ චරිතය තුළින් ඔහු බලාපොරොත්තු වෙන දේ අවශ්‍ය විදියට මම ලබාදෙන්න කැමැතියි.

‘පට්ටි ගෙදර’ උපාලි චරිතය හරහා ඔබේ රංගනයේ වෙනස්ම පැතිකඩක් දැකගන්න ලැබුණා?
මාව පොළොවේ ගහලා කුඩුකරපු අධ්‍යක්ෂවරයෙක් ලෙස අනුෂ්ක රසාංජන හඳුන්වන්න පුළුවන්. රංගනය පැත්තෙන් මම හිතුවෙත් නැති පැතිකඩකට දාලා මාව කුඩුපට්ටම් කළා. උපාලි වගේ චරිතයක්, මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් චරිතයක් මම කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට මට කරන්න ලැබෙයි කියලා. නමුත් අනුෂ්කට ‘පට්ටි ගෙදර’ පිටපත ලියද්දි මතක් වෙලා තියෙන්නේ මාව. ඔහු විශ්වාස කළා මාව ඒ චරිතයට ගැළපෙයි කියලා. ඒ විශ්වාසය තුළින්ම අනුෂ්ක, උපාලිගෙ චරිතය ගොඩනැගුවේ. ඔහු සමග වැඩ කරද්දි හරිම සුන්දරයි. අනුෂ්කට නිර්මාණ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. ඒ හරහා තමයි උපාලි, නෝනා, නන්දනී ඇතුළු ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ චරිත ගොඩනැගුණේ.
මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතරට ඔබත් එකතු වී තිබෙනවා?
අපිට චරිතයක් ලැබුණම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. චරිතයට ලැබෙන්න තියෙනවා නම් නිසි ඇගයීම ලැබෙයි. සම්මානයක් නොලැබුණත් කිසිම දුකක් නැහැ මට. මම කැමැති ලැබෙන චරිතයට ජීවය දෙන්න. ඒ චරිතය හොඳින් කරන්න තමයි මගේ අරමුණ. ලංකාවේ ගොඩක් දක්ෂ ශිල්පීන් ඉන්නවා. ඉතින් ඒ අතරින් සම්මානය කාට ලැබුණත් මගේ තියෙන්නේ නිහතමානී සතුටක්. සම්මානයක් කාට ලැබුණත් සතුටින් භාරගන්න ඕනේ. අපේම කාට හරිනෙ එය ලැබෙන්නේ.
ලැබෙන ඕනම චරිතයක් භාර ගන්නවද? නැත්නම් තෝරාගැනීමක් කරනවද?
මුල් කාලයේ එහෙම තෝරා බේරාගෙන චරිත කරන්න ලැබුණේ නැහැ. ලැබෙන චරිතය හොඳින් කරන එක තමයි මගේ අරමුණ. ලැබෙන චරිතයට වෙලාව අරගෙන කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා නම් ඒ ලැබෙන චරිතය මම හොඳින් කරනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

Next Post

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

Load More
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය දේශිය ආර්ථිකයට ශක්තියක් මෙන්ම පෞරාණික ආහාර සංස්කෘතියට පණ පොවන ගෞරවාන්විත ගොවියාට නිරන්තරයෙන්ම අපහාස උපහාස කර ගොවියා හෑල්ලුවට...

Read more
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.