• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙ කොහෙදිවත් ලැබුණේ නෑ ආලෝකාට මෙච්චර ආදරයක්….! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෝකෙ කොහෙදිවත් ලැබුණේ නෑ ආලෝකාට මෙච්චර ආදරයක්….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා ආකර්ෂණයට ලක්වන පුද්ගලයකු, සත්වයකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යමය යමක් සම්බන්ධ සමාජමය ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට ‘සාම සුනඛයා’ යනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ‘ආලෝකා’ වෙනුවෙන් ද එය එපරිද්දෙන්ම බලපවත්වා ඇත. Sri Lanka Latest News

පසුගිය කාලයේ එම සුනඛයාද කැටුව ඇමෙරිකාවේ පාගමනක යෙදුණු භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් මෙම අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේද පාගමනක යෙදීම පිණිස ආලෝකා සමග පැමිණීමේ පුවත මේ වනවිටත් දේශීය ජන විඥානය උණුසුම් කිරීමට සමත් වී තිබේ. ඒ අනුව මෙම පැමිණීමට විවිධ අයුරින් සම්මාදම් වීමට සේම ආලෝකාට හිමිකම් කීමට විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ ආයතන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සැදීපැහැදී සිටින අයුරු මනාව නිරීක්ෂණය කළ හැකිය.

මෙය හුදෙක් එක් සුනඛයකු කෙරෙහි දක්වන ආදරයට එහා ගිය, ගැඹුරු සමාජ මානව විද්‍යාත්මක පදනමක් සහිත සංසිද්ධියක් බැවින් විවිධ කෝණ කිහිපයකින් විමසුමට ලක්කළ හැකිය. මෙය මූලික වශයෙන් සමාන වනුයේ ‘මෙවර පහේ ශිෂ්‍යත්වයෙන්, අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතමයන් වැඩිම පිරිසක් බිහිකළ’ යන වදන් යොදා ප්‍රචාරක යාන්ත්‍රණයේ යෙදෙන උපකාරක පන්ති ගුරුවරුන්ගේ ක්‍රියාවකටය. නමුත් මේ සම්බන්ධ සමාජ මනෝවිද්‍යාත්මක කියැවීම් පොදු සමාජය වෙත සම්ප්‍රේෂණය වීමේද බරපතළ අඩුවක් පවතී. මෙවන් අවිචාරවත් සමාජමය සංසිද්ධීන් බහුල වීමට එයද බලපා ඇති බව නොරහසකි.

පළමුව, මෙම ආලෝකාගේ ලංකාගමනය සංකේතාත්මක අනුභූතියක් ලෙස හැඳින්විය හැකිය. සමාජයක් ලෙස මිනිස්සු සැමවිටම ‘සාමය’ හෝ ‘අහිංසාව’ වැනි වියුක්ත සංකල්ප පහසුවෙන් තේරුම් ගැනීමට ප්‍රත්‍යක්ෂ සංකේත සොයති. එහිදී ආලෝකා යනු හුදෙක් සත්වයකු නොව සාමයේ සහ සංහිඳියාවේ සජීවී සංකේතයකි.

බටහිර ලෝකය ජයගත් බෞද්ධ භික්ෂුන් සහ අපේ උරුමය වැනි දෑ නැවත මෙරටට පැමිණීම තුළින් ජනතාව තුළ ආගමික මෙන්ම ජාතික අභිමානය මුසු වූ හැඟීමක් ජනිත වේ. දෙවැනුව, මෙහිදී ප්‍රතිරූප ප්‍රාග්ධනය සහ සමාජ පිළිගැනීම කෙරෙහි ඇති සමාජමය උනන්දුව කැපීපෙනේ. විවිධ පාර්ශ්වයන් මෙම සිදුවීමට උරුමකම් කීමට උත්සාහ කරන්නේ තම සමාජ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමටය. ආයතනික මට්ටමින් මෙය ‘ගුණාත්මක වෙළෙඳ නාමකරණයක්’ ලෙස භාවිත කෙරේ. පුද්ගල මට්ටමින් ප්‍රසිද්ධ සංසිද්ධියක් සමග අනන්‍ය වී සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් ලබාගැනීමට ඇති කැමැත්තද මෙහිදී දැකගත හැකිය. මෙම පුද්ගල, ආයතනික හා ප්‍රජා චර්යාවන් ඔබටද මේ දිනවල මනාව නිරීක්ෂණය වනු ඇත.

එමිල් ඩර්ක්හයිම් වැනි මානව විද්‍යාඥයන් පෙන්වා දෙන සාමූහික සවිඥානිකත්වය මෙහිදී ක්‍රියාත්මක වේ. ආලෝකා වැනි වීරත්වයට නැංවූ චරිතයක් වටා සමාජයේ විසිරී සිටින පුද්ගලයන් පොදු හැඟීමකින් රොක් වීම තුළින්, පවතින ආර්ථික හෝ දේශපාලනික පීඩනයන්ගෙන් මිදී මානසික සහනයක් සෙවීමේ සාමූහික ප්‍රයත්නයක් නිරූපණය වේ. මෙය පවත්නා දේශපාලන ක්‍රමයේ අඩු ලුහුඬුකම් සපුරා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද හඳුනාගත හැකිය.

මීට අමතරව, නූතන සමාජ මාධ්‍ය විසින් නිර්මාණය කරන අධි-සත්‍යය මගින් මෙම තත්ත්වය තීව්‍ර කර ඇත. මාධ්‍ය විසින් ගොඩනගනු ලබන අතිශයෝක්තිමය ආකර්ෂණය සහ ‘යම් දෙයක් මගහැරේවි යැයි ඇති බිය’ හේතුවෙන් බොහෝ පිරිසක් මෙම රැල්ලේ කොටස්කරුවන් වීමට උත්සාහ කරති. මේ සම්බන්ධ සජීවී උදාහරණ ලෙස දළදා දැක්ම සහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගත හැකිය.
අවසාන වශයෙන්, ආලෝකාගේ පැමිණීම යනු සත්වයෙකුගේ සංචාරයකට වඩා ලාංකික සමාජයේ පවතින ආගමික භක්තිය, බටහිර පිළිගැනීම කෙරෙහි ඇති ළැදියාව සහ සමාජ මාධ්‍ය හරහා ගොඩනැගෙන තාවකාලික ආවේගාත්මක එකමුතුව නිරූපණය කරන කැඩපතකි. මෙවැනි සංසිද්ධි මගින් විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ ආයතන ස්වකීය ප්‍රවර්ධනයන් අපේක්ෂා කිරීමද අතිශය සුලබ සමාජ විද්‍යාත්මක සංසිද්ධියකි. එහිදී කල දුටු කල වළ ඉහගැනීමේ න්‍යායට අනුව විවිධ ආයතනයන් ආලෝකා ‘තමන්ගේම බව’ ජනතාවට අනියමින් ඒත්තු ගැන්වීමට ගන්නා අනේකවිධ උපාය මාර්ගයන් ඔබටද දැකගත හැකි වනු ඇත.

ඉන්දියාව මුල් කොටගත් පෙරදිග සේම ශ්‍රී ලාංකේය ජන සමාජය තුළද කිසියම් පුද්ගලයකු හෝ සත්වයෙකු වටා අධි මානුෂීයත්වයක්, දේවත්වයක් හෝ බෝධිසත්ව ගුණ ආරෝපණය කිරීම සාමාන්‍ය ලක්ෂණයකි. 1950 අගෝස්තු 09 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුරේ ඇත්ගාලේදී වෙඩිතබා ඝාතනය කරන ලද කෙනෙරක (අලියාගේ ගැහැනු සතකු) වටා ගොඩනැඟුණු ප්‍රවාදය මෙයට කදිම නිදසුනකි.

මෙම පනාමුරේ ඇත්ගාල යනු හිටපු කතානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේට අයත් වූවකි. එහි සිටි කෙනෙරක ඇත් ගාලේ වැට කඩාදැමීමට නිරතුරුවම වෙර දැරීමත්, එවිට එහි සිටින අලි ඇතුන් සියල්ල ඉන් පිටවී මිනිස් ජනාවාසවලට පිවිසීමේ අවදානමත් මුල්කොට ඇයව වෙඩිතබා ඝාතනය කරන ලදී. නමුත් ඉන් පසුව මෙම කෙනෙර සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය පූජා කළ බෝධිසත්ව ගුණ ඇති සද්දන්ත ‘ඇත් රාජයකු’ ලෙස හඳුන්වමින් සමාජය තුළ මතයක් ප්‍රබලව පැතිර ගොස් තිබිණි. ඒ සමගම ‘පනාමුරේ ඇතා’ගේ මරණය හුදු සත්ව ඝාතනයකට එහා ගිය බෝධිසත්ව ඝාතනයක් සේ හුවාදක්වමින් ප්‍රබල දේශපාලන රැල්ලක් නිර්මාණය විය. නමුත් එම සිදුවීම සියැසින් දුටු වැඩිහිටියන් පනාමුරේ ඇත් රාජා යනු කෙනෙරක බව මුලින් කියා සිටියද, එය සද්දන්ත ‘ඇත් රාජයකු’ ලෙසින් රට පුරා පැතිරී ගිය ප්‍රචාරය හමුවේ පසුව ඔවුහුද නිහඬ වූහ.

සත්ව විද්‍යාත්මකව බලන විටද අලි රංචුවක නායකත්වය සැමවිටම මාතෘ මූලික වන අතර එය කෙනෙරක විසින් දරනු ලබයි. ඒ අලි රංචුවේ පිරිමි සතුන් එවැනි වගකීම් දැරීමට වඩා නිදහසේ ජීවත් වීමට ඇති කැමැත්ත මුල් කොටගෙනය. නමුදු මෙහිදී එම කෙනෙර තම රංචුව වෙනුවෙන් කළ උදාර ජීවිත පරිත්‍යාගය කෙසේ වත් ලඝු නොවන බවද විශේෂයෙන් කිව යුතුය.

පනාමුරේ ඇත්ගාලේ අයිතිකරු වූ ෆ්‍රැන්සිස් මොලමුරේ එවක ආණ්ඩුවේ ප්‍රබලයකු වීම නිසා, මෙම ඝාතනයට එරෙහිව නැඟුණු මහජන විරෝධය ඍජුවම එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයට එල්ල විය. මෙම සිදුවීම පාදක කරගනිමින් මෙරට වාමවාදී දේශපාලන කණ්ඩායම් සහ සත්ව අවිහිංසාවාදීහු මහා ජනමතයක් ගොඩනැඟූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1950දී ශ්‍රී ලංකාවේ ඇත්ගාල් බැඳීම තහනම් කරමින් නීති පැනවීමට රජයට සිදුවිය. පනාමුරේ ඇතා පිළිබඳ ප්‍රවාදය තවදුරටත් ජනගත වීමට සුගතපාල මලලසේකරයන් රචනා කොට ගායනා කළ ‘පනාමුරේ ඇත් රාජා’ වැනි ගීත සහ විවිධ කවි නිර්මාණ ඉවහල් විය. පසුව 2014 වසරේදී එම සංසිද්ධිය මුල්කොට ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් ‘පනාමුරේ කුංචනාදය’ නමින් සංධ්වනි රංගයක් ද ඉදිරිපත් කරන ලදී.
නමුත් පනාමුරේ ඇතාගේ ඝාතනය යනු සත්‍ය සහ ප්‍රවාදය එකිනෙක වෙළුණු සංසිද්ධියකි. මියගිය සත්වයා සැබවින්ම ඇතකු නොවුවද, ඒ වටා ගොඩනැඟුණු ‘බෝධිසත්ව’ සංකල්පය සමාජය තුළ දැඩි සංවේදීතාවක් ඇති කිරීමට සමත් විය. එම සංවේදීතාව දේශපාලනික අවියක් ලෙස භාවිත කරමින්, මෙරට පැවති ම්ලේච්ඡ ඇත්ගාල් සංස්කෘතිය අහෝසි කිරීමට හැකිවීම මෙම ප්‍රවාදයේ පවතින ධනාත්මක සමාජීය අගයයි.

එමෙන්ම මෙම ‘ආලෝකා’ සුනඛයාද මතු බුදුවන බෝධි සත්වයකු ලෙස හඳුන්වන පිරිස් සිටිති. ඒ ඔහුගේ විස්මිත ජීවිත කතාව හා වත්මන් චර්යාවන් අනුවය. එමෙන්ම පන්සිය පනස් ජාතකයේ එන කුක්කුර ජාතකයේ බෝසතාණන්ද තම වර්ගයා උදෙසා උතුම් කැපවීමක් කළ අමු සොහොනක දිවි ගෙවන සුනඛයකු සේ හඳුන්වා දීමද ආලෝකාට මෙම බෝධිසත්ව ආරෝපණය හිමි කරදීමට මුල් වී තිබේ.

නව ලිබරල්වාදී ආර්ථික රටාව තුළ ඕනෑම දෙයක් ‘භාණ්ඩයක්’ බවට පත්කිරීමේ ප්‍රවණතාවක් පවතී. එහිදී පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රතිරූපය යනු හුදු පෞරුෂයකට වඩා ඉහළ මූල්‍යමය හෝ අලෙවි වටිනාකමක් සහිත වත්කමකි. නමුදු බටහිර ලෝකයේ මේ සම්බන්ධයෙන් පවත්නා සමාජමය විඥානය අප සමාජය තුළ පවතිනුයේ අල්ප වශයෙනි. එහෙත් එම රික්තය තුළ ඕනෑම පාර්ශ්වයකට ඕනෑම දෙයක් කිරීමටද අප ඉඩදිය යුතු නැත.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
(මානව විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය)

SendShareShare
Previous Post

ටේ‍රන්ඩින් හීන අකුරු කරන හර්ෂණ…! මුලින්ම සින්දුවක් හිට් වුණේ 2019දී…! මගේ නිර්මාණ කාලෙන් කාලෙට වෙනස් වෙනවා…! මගේම සින්දු අහන සෙට් එකක් වෙනම ඉන්නවා…! හර්ෂණ කේ. පේරේරා I Sri Lanka Latest News

Next Post

වෙසක් එන්නත් කලින් ආණ්ඩුව පෙන්නපු මහා ගල්අඟුරු ජාතකය! කොටුවෙන් කොටුව සම්පූර්ණ විස්තරේම තියෙනවා! Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.