• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

July 18, 2026
in Heart
Reading Time: 3 mins read
A A
වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 2’හි අනුශූරතාව දිනාගත් ඔහු හිප්-හොප් නර්තනයෙන් ලංකාවේ මයිකල් ජැක්සන් නමින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත් වුණා. නර්තනයට පමණක් නොව චිත්‍ර හා මූර්ති නිර්මාණය, ඇදුම් නිර්මාණය සහ රෝල ස්කේට් හා රෝල බෝල් ක්‍රීඩාවේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක්. ඔහු නමින් ලසන්ත ප්‍රමුදිත සිල්වාය. ‘මව්රට’ මේ සංවාදය ඔහු සමගයි. Sri Lanka Latest News

මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල මයිකල් ජැක්සන්ගේ ෆිල්ම් එකේ රිලීස් එක එක්ක මම නර්තන ප්‍රසංග රැසක් කළා. ඊට අමතරව මගේ නර්තන පාසලේ ඉගැන්වීම් කටයුතු හා ක්‍රීඩාමය පැත්තෙන් රෝලර් ස්කේටින් හා රෝලර් බෝල් පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.
ඩාන්සින් ජීවිතේ වෙලා දැන් ගොඩක් කල් ඇති?
ඩාන්සින් එක්ක මගේ බැඳීම පටන් අරන් අවුරුදු විසිපහකට වැඩියි. පාසල් යන කාලේ ඉඳන්ම ඩාන්සින් කළා. ඒ බැඳීම මගේ හුස්ම වගේ. නවත්වන්න බැහැ. නවත්වන්න හිතුණෙත් නැහැ. ඒ තරම් මම නර්තනයට ආදරෙයි. මගේ දැන් ජොබ් එකත් ඩාන්සින්.
මයිකල් ජැක්සන්ට ගොඩක් කැමැතියි නේද?
මම පොඩි කාලේ ඉඳන්ම මයිකල් ජැක්සන්ට ආදරේ කළා. ආසා කළා. මට මයිකල් ජැක්සන්ගේ රටට යන්නත් අවස්ථාව ලැබුණා. නමුත් මට ඔහුව දැකගන්න හම්බවුණේ නම් නැහැ. විදේශ සංගීත ප්‍රසංග දෙකකදි ඔහුව හම්බවෙන්න තිබුණු අවස්ථා දෙකක් මිස්වුණා.
සිරස ඩාන්සින් ස්ටාර් ගැනත් කතා කරමු?
සිරස ඩාන්සින් ස්ටාර් මගේ ගමනේ තවත් සන්ධිස්ථානයක්. දෙවැනි අදිරයරේ මායි කුෂානි සඳරේඛායි අනුශූරතාව දිනාගත්තා. ඊට පස්සේ සීසන් 3 එකේදී මම කොරියෝග්‍රැෆර් කෙනෙක්. මට ඩාන්සර්ස්ලා 5ක් ලැබුණා. ලලිත් පැරකුම්, අයේෂා මධුෂානි, චාපා ජයමහ, ජොයෙල් පීටර් ඒ අය අතර හිටියා. මම ඒ අයව හොඳම දහදෙනා අතරට ගෙනාවා. ඒක කොරියෝග්‍රැෆර්ස්ලා අතර තරගයක්. ෆයිනල් එකට දෙන්නෙක් තේරුණා. ඒකෙන් දෙවැනි සහ තුන්වැනි ස්ථාන දෙකම මට ආවා. දැන් මේ පාර සිරස ඩාන්සින් ස්ටාර් එකේ මායි රමෝද් දෙන්නම මුළු වැඩසටහනේම උපදේශකවරු විදිහට වැඩ කරනවා.
ඔබ හිප්-හොප් නර්තනය පටන් ගත්තු කාලේ මිනිස්සු හිප්-හොප් ගැන දැනගෙන හිටියද?
ඒ කාලයේ හිප්-හොප් නර්තනය ගැන ලංකාවේ බොහෝ දෙනා දැනුවත් වෙලා හිටියේ නැහැ. වෙඩින්වල තිබුණේ සාම්ප්‍රදායික නර්තන විතරයි. අපි තමයි පළමුවැනි වතාවට වෙඩින්වල හිප්-හොප් ඇක්ට් එකක් කරන්න අවස්ථාව ඉල්ලුවේ. නිවැරදි මාර්ගයක ඉඳන් අලුත් දෙයක් කරන්න ඕනෙ කියන ආශාව ඒ කාලේ අපේ හිතේ තිබුණා. හිප්-හොප් කියන වචනයවත් එතරම් ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ.

ඒ කාලේ ඔබට හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණද?
හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. නමුත් අපි ඒ කාලේ හිප්-හොප් සම්බන්ධ වැඩ කළා. මගේ මුල්ම ඩාන්ස් එක ස්ටේජ් එකක ඉදිරිපත් කළේ ඒ කාලේ මම සම්බන්ධ වෙලා තිබුණු ළමා සමාජයක තිබුණු ඉවෙන්ට් එකකදි. මම කැප්ටන් විදිහට හිටියා එක ටීම් එකක. ඒ සම්බන්ධ වුණු ඉවෙන්ට් එකේදි හැම ටීම් එකකම කැප්ටන්ට එදා දවසේ විශේෂ දෙයක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඉතින් මම එදා කළේ ඩාන්ස් ඇක්ට් එකක් හින්දි සිංදුවකට. එදා ඒ කරපු ඇක්ට් එකට හිතුවේ නැති විදිහට මට ප්‍රතිචාර ලැබුණා. ක්‍රීඩාවට දක්ෂ බව දැනගෙන හිටියට නර්තනයටත් දක්ෂතාව තියෙනවා කියලා දැනගත්තෙ එදා තමයි.
මයිකල් ජැක්සන්ගේ ඇඳුම් ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ ඇත්තද?
ඇත්ත. මයිකල් ජැක්සන්ගේ ඇඳුම්වල තිබුණු හැම සියුම් දෙයම, හැම මැහුමකම අර්ථය මම තේරුම් අරන් මගේ අතින්ම නිර්මාණය කරනවා. මොකද අපි නර්තනයට විතරක් නෙවෙයි, පෙනුමටත් සාධාරණයක් කරන්න ඕනෙ. ඒක තමයි මයිකල් ජැක්සන්ට දෙන උපහාරය.
ඔබ නර්තන පාසලක් පටන් අරන් කොච්චර කල්ද?
මගේ ටොරෙන්ෂල් නර්තන පාසලට අවුරුදු විසිපහක් වෙනවා මේ දෙසැම්බර් මාසෙට.
දෙරණ සිටි ඔෆ් ඩාන්ස් ගැන මතකය ?
දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සීසන් වන් එකේ කොරොයෝග්‍රැෆි කළා. එකේ සෝලෝ ඩාන්ස් කැටගරි එකේ මුල්ම ජයග්‍රාහකයා වුණේ සුපුන් අබේසිංහ. අද ඔහු ලංකාවේ හොඳ තැනක ඉන්නවා. කණ්ඩායම් අංශයෙන් ජයග්‍රහණය කළේ මම කොරියොග්‍රැෆි කරපු රෝයල් වොරියර්ස් කණ්ඩායම.
ඩාන්සින් කොරියෝග්‍රැෆිවලින් ඔබ සම්මානයට පාත්‍ර වුණා?
ඔව්. සුරේනිගේ ආදරෙයි නම් එන්න මා වෙත, රන්දීර්ගේ ඕයේ ඔජායේ, භාතිය ඇන්ඩ් සන්තුෂ්ගේ බයිලා ගමුද රිමික්ස් කරලා ගීතයටත් දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් සම්මාන උළෙලේදි මට පිට පිට සම්මාන තුන් වතාවක් ලැබුණා.
රෝද සපත්තු පදින්න ගත්තේ කොහොමද?
දවසක් කොළඹදි දැක්කා රෝද සපත්තු තියෙනවා. මම රෝද සපත්තු දෙකක් අරන් ඇවිත් හැමෝටම හොරෙන් තනියම පුරුදු වෙලා මගේ යාළුවන්ටත් පුරුදු කළා. වැරදියට පැදලා තමයි හරියට පදින්න පුරුදු වුණේ. දැන් රෝද සපත්තුවලින් ඩාන්සින් පවා කරනවා.
ලංකාවේ මුලින්ම ලොකු ප්‍රසිද්ධියක් දීලා රෝද සපත්තු රේස් එකක් කළේ මම. මම මගේ ඩාන්සින් ටීම් එකේ අයට බලෙන් පුරුදු කළා. තරග සංවිධාන කරලා පුහුණු වීම් කරලා ස්ටේජ් පවා හදලා අන්තිමට තරගයේ රෝද සපත්තු පදින්නත් ගියා.
එතකොට රෝල බෝල්වලට චාන්ස් හම්බුණා කියන්නේ?
අපි කරපු හැම රේස් එකකම වීඩියෝ යූටියුබ් දැම්මා. ඒක දැකලා තමයි ඉන්දියාවේ සර් කෙනෙක් අපිට රෝලර් බෝල් ගේම් එක හඳුන්වලා දුන්නෙත්. හෑන්ඩ් බෝල් වගේම තමයි වෙනසකට තියෙන්නේ රෝද සපත්තු දාගෙන ක්‍රීඩා කරන එක. අපි ප්‍රැක්ටිස් කරලා රටවල්වලට ගිහින් ක්‍රීඩා කරලා ලංකාවට ජයග්‍රහණත් අරගෙන ආවා.
රෝල බෝල් සම්බන්ධ වටිනම මතකයක් මතක් කරමු?
ලංකාව වෙනුවෙන් මුල්ම ගෝල් එක ගත්තේ මම පෝලන්ඩ් එක්ක තිබ්බ තරගයේ. ඒක අපි ජයග්‍රහණය කළා. ඒක මගේ වටිනම මතකයක්.
පවුලේ විස්තර?
අම්මයි, තාත්තායි, නංගිලා දෙන්නයි මගේ බිරිඳයි දරුවයි තමයි පවුලේ ඉන්නේ.
ඉදිරි වැඩකටයුතු?
මගේ නර්තන පාසලේ සංවත්සරය වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම ඩාන්සින් කොරියෝග්‍රැෆි කරපු චිත්‍රපට, මියුසික් වීඩීයෝ කිහිපයක් රිලීස් වෙන්න තියෙනවා.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

Load More
අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉතිහාස පිටු අතර හමුවන දුක්ඛිතම සහ අඳුරුතම පරිච්ඡේදය ලියැවෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1215දීයි. ඒ, කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයත් සමග මුළු...

Read more
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.