මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිළි රැජින ලෙස කිරුළු පැලඳි, අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා රංගනයෙන් දායක වූ අවසන් රංගනය රැගත් ‘මොණර විලක්’ චිත්‍රපටය එළැඹෙන ජූලි 24 වැනි දින සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. මෙහි ඇති විශේෂතා කිහිපයකි. සනත් ගුණතිලක සමගින් මාලනී ෆොන්සේකා එක්ව රඟපෑ අවසන් චිත්‍රපටය මෙන්ම, ආචාර්ය වික්ටර් රත්නායක සමගින් කලාසූරී ලතා වල්පොල එක්ව ගී ගැයූ අවසන් චිත්‍රපටයද මෙය වේ. Sri Lanka Latest News
එසේම අකාලයේ අප අතරින් සමුගත් චරිතාංග නළු දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට කිහිපය අතරින්ද එකකි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, ආචාර්ය වික්ටර් රත්නායක ගී තනු නිර්මාණය කරමින්, සංගීතය සපයමින් ගීත ගායනයේ නිරත වන අවසාන චිත්‍රපටයද මෙය වීමයි.
යොවුන් නිර්මාණකරුවකු වූ රසික ලියනගේ තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය වූ ‘මොණර විලක්’ ලලන්ත ගුණවර්ධන සමගින් හර්ෂණ ජයතිලක එක්ව නිෂ්පාදනය කර ඇත.











