• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංගීත බිමේ පිනුම් ගහපු නෙල්සන් වාස්

June 20, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සංගීත බිමේ පිනුම් ගහපු නෙල්සන් වාස්
Share on WhatsAppShare on Facebook

“ඉපදුණු දා පටන්ම
ආදරෙන් මා හදා…
ඔරුවෙ නැඟලා
කිසි බයක් නෑ හිතේ…
හදවත ඉල්ලන
ආදර සෙනෙහස…
ආදරේට තරහ වෙලා
ගියා කියලා…
දිනනදාට කොල්ලෝ
ෂා නියමයි කියලා…
කරවට මල් මාල දානවා…
ආහ්… ආහ්…
තාලෙට අත්පුඩියක් එහෙම ගහලා දෙමු නේද මල්ලිලා…
අත්දෙක උස්සලා කෑ ගහලා නැඟලා යන්න ගහමු මල්ලි…”
ඒ වචන ටික ඇහුවත් ඇති සංගීතවල නිදිමරන් නට නට බලපු සෙට්වලට. මේ සංගීතවල පිනුම් ගහපු ලංකාවෙ වටේ විතරක් නෙවෙයි ලෝකෙ වටේ ගිහින් වැඩ පෙන්නපු ප්‍රසංග වේදිකාව දිනපු කොල්ලෙක් (ඒ කාලේ) කිව්වොත් හරියටම හරි. ලංකාවේ නොම්බර එකේ සංගීත කණ්ඩායම වුණු සන්ෆලවර්හි දශක 3ක වැඩි කාලයක් වේගරිද්ම ගායකයකු වගේම ප්‍රසංගය මෙහෙවන්නකු ලෙස වෙනම අනන්‍යතාවයක් තිබ්බ නෙල්සන් වාස් ගැන අමුතුවෙන් කතා කියන්න දෙයක් නෑ. බිංදුවේ ඉඳන්ම මේ වෙනකම් සන්ෆලවර් ප්‍රසංග වේදිකාවේ හිනිපෙත්තටම නංවපු යාවජීව සාමාජිකයෙක් වුණු නෙල්සල් වාස් සන්ෆලවර් එක්ක මේ වෙනකම් ආව ගමන, කාපු කට්ට වගේම රහ තැන් ගැන අපිත් එක්ක කිව්වෙ මේ විදිහට.
වර්ණකුලසූරිය බර්ණාඞ් නෙල්සන් වාස්?
ඔව්. අනිවාර්යෙන්….
ප්‍රසංග වේදිකාවේ නෙල්සන් වාස් කියන චරිතය බිහිවුණේ කොහොමද?
මම සංගීතයට සම්බන්ධ වෙන්නෙ නීල් අයිය නිසා. එයා ගමේ පොඩියට බෑන්ඞ් එකක් පටන් ගන්නව. අපි ඥාති සහෝදරයො නිසා මටත් ඒකට සම්බන්ධ වෙන්න චාන්ස් එක හම්බුවෙනව.
ඔය කියන්නෙ සන්ෆලවර් බෑන්ඞ් එක පටන් ගත්ත විදිහද?
නෑ. නෑ. සන්ෆලවර් එන්නෙ කලින් වෙන වෙන නම්වලින්. අපි බෑන්ඞ් ගොඩක් කළා. ‘සුපර් සිග්නස්’ අපේ මුල්ම බෑන්ඞ් එක. ඔය බෑන්ඞ් එකේ කට්ටිය එක එක ප්‍රශ්න නිසා කැඩිල යනකොට අපි තව අලුත් බෑන්ඞ් එකක් පටන්ගත්ත ඇමේසින් ක්‍රියේෂන් කියල. ඒකට ක්‍රිස්ටෝප ලියනගේ අපිත් එක්ක එකතු වෙනව. ඊට පස්සෙ අර්ණි පීරිස්, ඔහුගෙ මල්ලි පන්චි පීරිස්, ලූෂන් අලහකෝන් අපේ බෑන්ඞ් එකට සම්බන්ධ වෙනව.
සන්ෆලවර් පටන් ගන්නෙ කොයි කාලෙද?
ඔය බෑන්ඞ්වලින් පස්සෙ අපි 1982 ‘ස්ටා ලයිට්’ කියල බෑන්ඞ් එකක් හදාගෙන හොටෙල්වල ප්ලේ කරන්න යනව. ඔය කාලෙදි බෑන්ඞ් එකට අතුල අධිකාරි එකතු වෙනව. ඊට පස්සෙ 83 ජූලි කලබල නිසා හොටෙල්වලට ගෙස්ට්ල එන්නෙ නැතිව ගියාම අපිට වැඩ නැති වෙනව. ඊට පස්සෙ නීල් අයියගෙ තිබුණ හැඳුනුම්කමකට ක්ලැරන්ස් එක්ක එකතු වෙලා වැඩ කරනව. එතනදි තමයි සන්ෆලවර් කියන බෑන්ඞ් එක හැදෙන්නෙ.
සන්ෆලවර් නම හැදෙන්නෙ කොහොමද?
ක්ලැන්ස් විජේවර්ධන තමයි සන්ෆලවර් කියන නම දාන්නෙ. එයා මුලින් දාන්න හැදුවෙ ‘සූරියකාන්ත’ කියල. පස්සෙ නීල් අයිය කියල තමයි අපි ඒක ‘සන්ෆලවර්’ කියල වෙනස් කරගත්තෙ.
මුල්ම බෑන්ඞ් එකේ සාමාජිකයො කවුද?
නීලුයි, මමයි, අතුල අධිකාරි, ඩ්‍රම්ස්වලින් ලූෂන් අලහකෝන්, බේස් අර්ණි පීරිස්, රිදම් අයිවෝ. ඔය තමයි මුල්ම සන්ෆලවර් සෙට් එක. ඔය කාලෙ එකොස්ටික් තමයි අපි ප්ලේ කළේ.
අද ගොඩක් අය එකොස්ටික් ගහන්න ට්‍රයි කරනකොට ඇයි එදා සන්ෆලවර් එකොස්ටික්වලින් ඉලෙක්ටි්‍රක්වලට මාරුවුණේ?
එකොස්ටික්වලින් ගහද්දි අපිට ඇහෙන්නෙ එකම සද්දයක්. ඒ සද්ද ඒ වෙනකොට අහල අහල එපා වෙලා හිටියෙ. ඉලෙක්ටි්‍රක්වලදි අපිට එක එක සද්ද ගහන්න පුළුවන් වුණා. වෙනස් විදිහට ගහන්න පුළුවන් නිසා තමයි අපි ඉලෙක්ටි්‍රක් ගහන්න පටන් ගත්තෙ.
මුලින්ම ලංකාවට ඉලෙක්ටි්‍රක් වාදන භාණ්ඩ ගේන්නෙ සන්ෆලවර්ස්ලද?
ප්‍රසංග වේදිකාවට අපි තමයි මුලින්ම ඉලෙක්ටි්‍රක් හඳුන්වල දෙන්නෙ. අපිට ඒ දවස්වල පිස්සුවක් තිබුණ සිංගප්පූරු ගිහිල්ල ඇවිල්ල තියෙන අලුත් සංගීත භාණ්ඩ ගෙනල්ල මෙහෙ ගහන්න. මුල්ම ඉලෙක්ටි්‍රක් ඩ්‍රම්ස් එක ලංකාවට හඳුන්වල දුන්නෙත් සන්ෆලවර් තමයි.
එතකොට ලංකාවට මුලින්ම ඔක්ටපෑඞ් එක ගේන්නෙත් සන්ෆලවර්ස්ලද?
ඔක්ටපෑඞ් එකත් අපි ගහද්දි ලංකාවෙ කවුරුවත් ගහල තිබ්බෙ නෑ. අපි තමයි ඔක්ටපෑඞ් එකත් මුලින්ම ලංකාවට හඳුන්වල දුන්නෙ.
නෙල්සන් වාස්ද ලංකාවේ මුල්ම ඔක්ටපෑඞ් වාදන ශිල්පිය?
ඔය වෙනකොට ඔක්ටපෑඞ් ගහන්න බෑන්ඞ් එකේ කවුරුත් නෑ. ඕක ගහන්න අලුතෙන් කවුරුත් ගන්න ඕනෙ නෑ කියල මම තමයි මුලින්ම ඔක්ටපෑඞ් ගැහුවෙ. මමයි ක්‍රිස්ටෝපරුයිනෙ ඒ කාලෙ සින්දු කියන්න හිටියෙ. ඉතින් මම සින්දු කියනකොට ක්‍රිස්ටෝපර් ගැහුව. ක්‍රිස්ටෝපර් සින්දු කියනකොට මම ගැහුව. ඊට පස්සෙ අපි සුජිත් මාරසිංහව ඔක්ටපෑඞ් වාදන ශිල්පිය විදිහට ගත්ත.
ඔය විදිහට සන්ෆලවර් හිට් වෙද්දි බෑන්ඞ් එකේ ප්ලේයස්ල කැඩිල යන්න පටන් ගන්නව නේද?
ඔව්. අපෙන් මුලින්ම කැඩිල යන්නෙ ඩ්‍රම්ස් ගහපු ලූෂන් අලහකෝන්. ඒ වෙනුවට මහින්ද සිල්ව එනව බෑන්ඞ් එකට. අතුල ගියාට පස්සෙ ඇන්ටන් පෙරේරා එනව බෑන්ඞ් එකට. ඇන්ටන් ඇවිල්ල ටික කාලෙකින් මහින්ද පෙරේරා වෙනුවට ඩ්‍රම්ස්වලට ඇන්ටන්ගෙ මල්ලි රොෂාන් එනව බෑන්ඞ් එකට.
ඊට පස්සෙ බෑන්ඞ් එකේ දෙවැනි පිපිරීම වෙන්නෙ ඇන්ටන්, රොෂාන් ඇතුළු පිරිසක් සන්ෆලවර් කඩාගෙන යෑම.
ඒක කොහොමද බෑන්ඞ් එකට දැනුණෙ?

ඒගොල්ලන් අවුරුදු 20ක් විතර බෑන්ඞ් එකේ ප්ලේ කළා. ඒ විදිහට එකපාර බෑන්ඞ් එකෙන් කට්ටිය ගැලවිලා ගියපු එක බෑන්ඞ් එකේ ජනප්‍රියතාව අඩුවෙන්නෙ ගොඩක් බලපෑවා.
ඔය අතර සන්ෆලවර් කැසට් රැල්ලක් එනව?
අපි ඔය කාලෙ ස්ටේජ්වල ජනප්‍රිය ගායක ගායිකාවන්ගෙ සින්දු අරගෙන නන්ස්ටොප් ගහනව. එහෙම ගහන නන්ස්ටොප්වලින් තමයි අපේ කැසට් ජනප්‍රිය වෙන්නෙ.
ඒ කියන්නෙ නන්ස්ටොප් හඳුන්වල දෙන්නෙ සන්ෆලවර්ස්ද?
ඔව්. අපි තමයි මුලින්ම නන්ස්ටොප් ගැහුවෙ. අපි බෑන්ඞ් එක පටන් ගත්ත මුල් කාලෙ දවසක කැලණිය කැම්පස් එකේ ෂෝ එකක් ප්ලේ කරන්න ගියා. ඒ ගිහිල්ල මුල්ම සින්දුව කිව්වට පස්සෙ අපිට ලොකු හූවක් කිව්ව. ඒකෙන් අපි ගොඩක් බය වුණා. ඊට පස්සෙ නීල් අයිය කිව්ව සින්දුව ඉවර වුණාට පස්සෙ සංගීතය නවත්තන්න එපා, ඊළඟ සින්දුවත් ඒත් එක්කම පටන් ගන්න කියල. ඔය විදිහට අපි ඊට පස්සෙ විනාඩි 45ක් විතර එක දිගටම සින්දු ප්ලේ කළා. ඕකෙන් තමයි අපිට මුලින්ම නන්ස්ටොප් ගහන්න අයිඩියා එක ආවෙ. ඒ විදිහට අපි ගහපු නන්ස්ටොප් ජනප්‍රිය වුණාට පස්සෙ නීල් තීරණය කළා නන්ස්ටොප් කැසට් එකක් ගහන්න ඕනෙ කියලා. ඊට පස්සෙ මමයි, නීල් අයියයි, අතුලයි, අර්ණියි සල්ලි දාල තමයි මුල්ම කැසට් එක කළේ.
මුලින්ම කරපු නන්ස්ටොප් කැසට් එක මොකක්ද?
‘සංගීත සලාදෙ’ තමයි අපේ මුල්ම කැසට් එක වුණේ. ඕකට ගොඩක් කට්ට කෑවෙ මමම තමයි. මට තිබ්බ ටේ්‍රල් බයික් එකක්. මම ඕකෙ පිටිපස්සෙ කැසට් බැඳගෙන කඩවල්වලටත් ගිහින් කැසට් දැම්ම. ඔහොම යනකොට මම ඇක්සිඩන්ට් වුණා. ඊට පස්සෙ නීල් අයිය කිව්ව මේකෙ මාස්ටර් එක විකුණල දාමු කියල. ඊට පස්සෙ තමයි අපි ඒක ජාඇල රත්නසිරි රෙකෝඞ්බාර් එකට විකුණුවෙ. ඔය විදිහට අපි ‘සංගීත සලාදෙ’ කියල කැසට් 5ක් ගහනව.
නෙල්සන් වාස් හිට් වෙද්දි වෙනත් බෑන්ඞ්වලින් කතා කළේ නැද්ද?
බෑන්ඞ් එකෙන් කට්ටිය කැඩිල ගිය ගමන්ම මට ගොඩක් ආරාධනා ආව එක එක බෑන්ඞ්වලින්. පස්සෙ මම නීල් අයියට කියල ගායකයෙක් විදිහට වෙනත් ප්‍රසංගවලට සහභාගි වෙන්න පටන් ගත්ත.
සන්ෆලවර් දැන් තියෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නෙ?
සන්ෆලවර් දැන් අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යනව. අපේ වයසත් එක්ක අපි ඒකට ඉඩදෙන්න ඕනෙ. මම දැන් ගායකයෙක් විදිහට සන්ෆලවර් එක්ක වැඩ කරනව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මේ යෝග ඇත්නම් බඳින්න එපා

Next Post

කවුරු මොනව කිව්වත් මම වැරැද්දක් කළේ නෑ

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.