• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

July 26, 2026
in Heart
Reading Time: 2 mins read
A A
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..!

පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස ඉලන්දාරියෙක්. ‘හඳයා’ තුළින් රංගනයට පිවිසි සදෙව් පසුකාලීනව අඳුන්ගිර, හතේ කල්ලිය ආදී ටෙලිනාට්‍ය රැසකටද දායක වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. අපේ මේ සූදානම සදෙව් වලිමුණි සමග කතාබහක නිරත වන්නටයි.Sri Lanka Latest News

කොහොමද සදෙව් සෑහෙන කාලෙකින්?
ඔව්. මට මතක විදියට ‘මව්රට’ ‘හාට්’ එක්ක මේ විදියට මම කතාබහ කළේ ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ චුට්ටගේ චරිතය රඟපාන කාලේ. අදටත් මා ළඟ ඒ ආටිකල් එක තියෙනවා. මා ගැන පුවත්පතක පළවුණු මුල්ම ලිපිය තමයි ඒක.
මාධ්‍ය සමග ගනුදෙනු කරන්න අකැමැතිද?
මම එහෙම ලොකුවට කතාබහට ගියේ නැහැ. විශේෂයෙන්ම මම සෝෂල් මීඩියා භාවිත කරනවා අඩු නිසා ගොඩ දෙනෙක්ට මාව මගහැරෙන්න ඇති. ඒක මගේ ලොකු වැරැද්දක් කියලා හිතෙනවා. එහෙම වීමට විශේෂම හේතුව මම වැඩි අවධානයක් යොමු කළේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිසා. දැන් ඒ සියලු වැඩකටයුතු අවසන්. සමහර විට මම මුල් කාලයේ රඟපාපු ටෙලිනාට්‍යවල මගේ චරිත මතක තිබුණට දැන් රඟපාන ටෙලිනාට්‍යවල මාව දකිනකොට ඒ කාලේ රඟපාපු අහවල් කෙනා කියලා මතකයට එන්නේ නැතුව ඇති. මම දැන් ගොඩක් වෙනස් වෙලා නිසා. දැන් මට වයස අවුරුදු 18ක් වෙනවා.
ඉතින් මේ දවස්වල රඟපාන ටෙලිනාට්‍ය මොනවද?
‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ හිරුෂ ලෙස රඟපානවා. ‘සොනු මන්දාරා’ ටෙලිනාට්‍යයේ උමේෂ් ලෙස රඟපානවා. ඉදිරියේදී මම රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. ඒ අතර දෙනුවන්, සෙව් ආදරේ සහ හීන කියන සින්දු හරහා ළඟදීම මාව දැකබලා ගන්න පුළුවන්. රොන් සොයා මම රඟපාන හිරුෂ චරිතයට නම් හොඳ ප්‍රතිචාර ගලාගෙන එනවා. සොනු මන්දාරා එක ළඟදි විකාශය වුණු නිසා තවම ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
‘හීන කියන සින්දු’ තුළ කොහොමද වෙනස?
නාලක විතානගේ තමයි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. ඉස්ලාම් භක්තික චරිතයක් මම ප්‍රථම වතාවට රඟපාන්නේ. චරිතය හැටියට මම පික්මී දුවන කෙනෙක්. පළමු වතාවට මේ වගේ චරිතයක් රඟපාන නිසා ගොඩක් අවධානයෙන් තමයි රඟපාන්න සිදුවුණේ. ඒ චරිත ස්වභාවය හැටියට භාෂාව, හැසිරීම් රටාව වුණත් ඉතා පරිස්සමෙන් කළේ. මම පොඩි කාලේ ඉඳලා මුස්ලිම් යාළුවෝ ආශ්‍රය කරපු නිසා මට ඔවුන් ඒ භාෂාව කතාබහ කරන රටාව පොඩි හුරුවක් තිබුණා.
ටෙලිනාට්‍ය රඟපාන්න කලින් ඔබව මුලින්ම අපි දැක්කේ සිනමාවෙන්?
ඔව්. මම මුලින්ම චිත්‍රපටයක රඟපානකොට මට අවුරුදු හයක් විතර ඇති. ‘ආකාස පාලම’ ‘ඇලඩින් සහ පුදුම පහන’ චිත්‍රපටවල මම රඟපෑවා. එහි ඇලඩින් හැටියට රඟපෑවේ මම.
අලුත් චිත්‍රපටයකට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළේ ඇයි?
මට ඒ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන්න ලැබීම ගැන ගොඩක් කනගාටු වෙනවා. මම ඒ වගේ චරිතයක් රඟපාන්න ගොඩක් ආශාවෙන් හිටියේ. පැවිදි චරිතයකට ආරාධනාවක් ලැබුණු නිසා මට ඒ චරිතය වෙනුවෙන් හිස මඩුකරන්න සිදුවෙනවා. ඒත් මම මේ දිනවල රඟපාන සොනු මන්දාරා චරිතය නිසා මගේ බාහිර ස්වරූපය වෙනස් කරන්න අපහසු වුණා. ඒ නිසා මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. රොන් සොයා ටෙලිනාට්‍යයේ චරියත් වෙනස්. මේ නිර්මාණ දෙකම මේ දිනවල විකාශය වෙනවා. චරිතවලට හානියක් කරන්නත් බැහැ. කණ්ඩායම් දෙකම තවත් පැත්තකින් අපහසුතාවට පත්වෙනවනේ එතකොට.
සදෙව්ට දැන් පෙම්වතියක් එහෙම ඇති නේද?
තවම එහෙම කෙනෙක් නැහැ. මගේ යාළුවන්ට පවා ආදරවන්තියන් ඉන්නවා. මම සමහර විට ලස්සන නැතුව ඇති. මටත් ඒ දේ තවම හිතාගන්න බැහැ. සමහර විට මම නළුවෙක් නිසා ආදරය කරන්න අකැමැති ඇති. ආදරයට මම ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. ඉතින් මේ සියලු හේතු කාරණා බලනකොට ඒ දේවල් ටිකක් පහුවෙනවා වෙන්නත් පුළුවන්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.