• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විජයයි ජෝතියි තරහ වුණේ ඇයි

February 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
විජයයි ජෝතියි තරහ වුණේ ඇයි
Share on WhatsAppShare on Facebook

විජය කුමාරණතුංග සහ එච්.ආර්. ජෝතිපාල යනු හරි අපූරු සුසංයෝගයකි. ගසට පොත්ත මෙන් බැඳුණු රුවක් සහ හඬක් දෙදෙනාටම තිබිණි. විජයගේ කඩවසම් රුවට ජෝතිගේ පිරිපුන් හඬ කොතරම් දුරට ගැළපේදැයි සිංහල සිනමා රසිකයාට නැවත නැවැත පහදා දිය යුතු නොවේ. මන්ද ඔවුහු විජයගේ රුවටත්, රඟපෑමටත් ඇලුම් කරන්නේ කොතරම්ද ඒ තරමටම එච්.ආර්. ජෝතිපාලගේ හඬටත් ඇලුම් කරති. එසේම විජය ජෝතිගේ හඬට රඟද්දී ඒ හඬ ජෝතිගේ රඟපෑම විජයගේ යැයි කිසිවකුට සිතන්නට අවස්ථාවක්ද නැත. මන්ද ඒ හඬත් ඒ රුවත් එතරම්ම එකිනෙක බැඳී තිබිණි.

එතරම් බැඳීමක් තිබුණද විටෙක ජෝතිපාලයන් සමඟ අමනාප වන්නට විජයට සිදුවූ බව අප අසා ඇත්තෙමු. ඒ බොහෝ අවස්ථාවල විජය කුමාරතුංගයන් ජෝතිපාලයන් සමඟින් තර්ක විතර්කවලට පැටලී ඇත්තේ ජෝතිගේ හොඳටම බවයි විජයගේ කතාබස්වලින් පැහැදිලි වන්නේ. එවන් සුවිශේෂී කතාවක් ජෝති ගැන විජය කුමාරතුංගයන් සිදුකළේ ජෝතිපාලයන්ගේ මරණයෙන් පසු අවමංගල උත්සවයට සහභාගි වෙමිනි. එහිදී ඔහු කොතරම් දුරට සිය මිතුරා ගැන ආදරණීයව සිතුවාද යන්න පැහැදිලි වන්නේය. මේ එදින විජය කුමාරතුංග සිදුකළ ආදරණීය මිතුරාට සමුදීමේ කතාවයි.

එච්.ආර්. ජෝතිපාල නැතිව ගියාම හුඟ දෙනකුට පාඩු වුණා. හැබැයි මං හිතනවා ගොඩක්ම පාඩු වුණේ අර දුප්පත් අම්මට. යාළුවෝ අඬන්න ඇති. මිත්‍රයෝ අඬන්න ඇති. මිත්‍රයෝ, හිතවත්තු, හිතවතියෝ අඬන්න ඇති. ඒත් ඒ සියලු ඇස්වලට වඩා ඒ අම්මගේ ඇස්වලින් ගලපු කඳුළු ප්‍රමාණය වැඩි ඇති. ඒ අම්මා තරම් අඬන්න නැතිව ඇති කවුරුවත්. ඒ අම්මා ඇඬුවේ ආදරයයි කරුණාවයි නැතිවීමේ දුකටයි. ඒ වගේම පාඩුව නිසයි. යාළු මිත්‍රයොත් එහෙමයි. ඒත් මං ඇඬුවෙ නැහැ. මොකද මැරෙන්න ඉස්සර වෙලා මං ජෝතිපාලට කියල තිබුණා උඹ මැරුණු දවසට මළ මිනිය බලන්න මං එන්නෙ නෑ කියලා. ඒ කිව්වේ හේතුවක් ඇතිව. මට ඕන කරලා තිබුණෙ එච්.ආර්. ජෝතිපාලගෙ මළමිනිය බදාගෙන අඬන්න නෙවෙයි. ජෝතිපාල කියන සුහද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් හරි ජීවත් කරවා ගන්නයි”

විජය යනු තම හිතවතුන් ගැන මිත්‍රයන් ගැන, ජනතාව ගැන කොතරම් ළෙන්ගතු සිතින් කටයුතු කරන්නේද යන්න ඉහත කතාවෙන්ම ඉතා පැහැදිලිව තේරුම්ගත හැකිය. සියලුදෙනා නොසිතන පැත්තකින්, නොසිතන අයුරින් සමාජය දෙස බැලීමේ දූරදර්ශී බව නිසාම ජන හදවත් තුළ මානව හිතවාදියකු ලෙසින් ලැගුම් ගන්නට සමත්කම් දැක්වූ හෙතෙම කිසි විටෙකත් කිසිවකු ගැන ද්වේෂයෙන් කටයුතු නොකරන්නකු බවද මේ හරහා පැහැදිලි වන්නේය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

දේවානිගේ සිද්ධියට සතියයි: මුතුහෙට්ටි-‌මොහාන් ‌දෙන්නාම සනත් නිශාන්ත ගිය පාරේ යයි

Next Post

විජයට ලේබල් ගහපු නොම්මර 17

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.