චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත් කර ගත නොහැති බවට වදුරඹ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටිද්දී ඊට විරෝධය පාමින් සන්ධාන මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම සහ මොහාන්ද සිල්වා යන මහත්වරුන් කටයුතු කිරීම හේතුවෙන් බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීෙමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මෙහිදී අදාළ විදුහල්පතිවරයා තමන්ට චක්‍රලේඛ උල්ලංඝනය කළ නොහැකි බවට දිගින් දිගටම කියද්දීත් මන්ත්‍රීවරුන් දෙදෙනා ඊට එරෙහිව අදහස් දක්වමින් අදාළ සිසුවා විදුහලට ඇතුළත් කරගන්නා ලෙසට බල කර සිටින ආකාරයක් දැකගත හැකි විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වන අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මියගේ සිද්ධිය සිදුව සතියක් ඉක්ම යාමට මත්තෙන් ඒ ආකාරයේම තවත් සිදුවීමක් වාර්තා වීමය.
කෙසේවෙතත් එහිදී ආණ්ඩුව සදහන් කර සිටියේ තමන් අඩවි වන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවකි.










