• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි

August 22, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික කතා බොහෝ විචාරකයන්ට අප්‍රසන්න යුගයක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීණයෙක් ඩබ්ලව්.ඒ. සිල්වා මහතා විසින් රචිත විජයබා කොල්ලය නවකතාවට ජීවයක්දී එය ප්‍රේම වෘතාන්තයක් බවට පත්කොට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරයි. එහි ප්‍රධාන චරිතයට තෝරාගන්නේ සොනාලි ෆොන්සේකායි. ඇය තොරාගන්නේ කිසිම පෞද්ගලික හැඳුනුම්කමක් මත නොවන බවත් සුනිල් ආරියරත්නයන් මාධ්‍යයට පකාශකර තිබුණා. එසේම මෙම කතාව තුළ තවත් අපූරු කතාවක් ඇත. එනම් ඇයට මෙම ආරාධනාව මුල්ම වතාවට කරද්දී ඇය ටෙලිනාට්‍යයකට සම්බන්ධව සිටි නිසාවෙන් මහචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනත් රංගන ශිල්පිනියක සොයා ගියද වසරකට පසුව නැවතත් ඇයගේ දෛවෝපගත ලැබීමක් ලෙස මෙම චරිතය ඇයටම ලැබෙයි. සෙනාලි අත්දැකීම් බහුල කලා පවුලකින් පැවැත එන්නීය. මාලනි ෆොන්සේකා සහ දමයන්ති ෆොන්සේකා ඇයගේ නැන්දලාය. විජයබා කොල්ලය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන නීලමනිගේ චරිතය තුළින් රසික හදවත් අමන්දානන්දයට පත්කරන ඒ දක්ෂ රංගන ශිල්පිනිය අපත් සමග දොඩමළු වුණේ මේ විදියටයි.
කොහොමද සෙනාලි ජීවිතේ?
මේ දවස්වල විජයබා කොල්ලයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිහිනයක් විජයබා කොල්ලය කියන්නේ. එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩාක් සන්තෝෂයි. ඔහු පුංචි කාලයේ ඉඳලා ආස නවකතාවක්ලු විජයබා කොල්ලය කියලා කියන්නේ. ඉතින් ඒක කවදා හරි සිනමාවට නඟනවා කියලා ඔහුගේ සිහිනයක් තිබිලා. ඒකේ කොටස්කාරියක් වීමට සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මේ කණ්ඩායමත් එක්ක දායකවෙන්න ලැබීමත් මට සතුටක්.
විජයබා කොල්ලය ඔබේ දෙවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටය සිරිපැරකුම්. මේ අතර වෙනස්කම් මොනවද?
ගොඩාක් අය හිතනවා ඓතිහාසික චිත්‍රපටවලට විතරක් මම කොටු වෙනවාද කියලා. එහෙම එකක් නැහැ. සිරිපැරකුම් ගත්තාම එහි සිරිමල් එතනාගේ චරිතය ළමා චරිතයක් සහ ළමා චිත්‍රපටයක්. විජයබා කොල්ලයේ නීලමනිගේ චරිතය ගත්තාම පටන්ගන්න කොට තිබුණු චරිතය නෙවෙයි අවසාන වෙනකොට තියෙන්නේ. මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලැබුණා රංගනය පිළිබඳ ඉගෙන ගන්න සහ අනාගතයට අත්දැකීම් ගොඩක් ලැබුණා. මගේ ප්‍රථම ආදර කතාව සහ මම ආදරවන්තියක් ලෙස කරන ප්‍රථම චරිතය තමයි නීලමනිගේ චරිතය.
මේ චිත්‍රපටයට කොහොමද ආරාධනා ලැබෙන්නේ?
මේක මටම දෛවයෙන් ලැබුණු චරිතයක්. ප්‍රථම අවස්ථාවේ මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙනකොට මම ටෙලිනාට්‍යයක රඟපාමින් හිටියේ. එතකොට මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා ටෙලිනාට්‍ය රගපාන ජනප්‍රිය අය ගන්න කැමති වුණේ නැහැ. ඊට අවුරුද්දකට පස්සේ විමල් දේශප්‍රිය මහත්මයාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඔහු ඇහුවා මේ දවස්වල ලංකාවේ ඉන්නවාද කියලා. මොකක්ද චිත්‍රපටය, කාගේද කියලා කිව්වේ නැහැ. ඔහු දවස් කිහිපයකට පසු කිව්වා සුනිල් සර්ගේම චිත්‍රපටයක් තමයි කියලා.
කොහොමද විජයබා කොල්ලයේ නීලමනීට ප්‍රතිචාර?
ඇත්තටම හොද’ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. බලපු හැමෝම කිව්වේ මගේ රංගන ජීවිතේ රඟපෑ හොදම චරිතයක් කියලා. ඒ කියපු අය අතර ජැක්සන් ඇන්තනී මහත්මයා, රවීන්ද්‍ර රණ්දෙණිය මහත්මයා, මගේ ලොකු නැන්දි මාලනී ෆොන්සේකා මහත්මිය වගේ අය හිටියා. එයාලගෙන් හොඳ අහන්න ලැබුණා වගේම මංගල දර්ශනය ඉවරවෙලා සතුටට මාව සිපගත්තා. ඉතින් මගේ උපරිමයෙන් රඟපෑම කළා. දැන් බලනකොට හිතෙනවා මට ඊට වඩා හොඳට කරන්න තිබුණා කියලා.
මොනවද විශේෂ සිදුවීම් විජයබා කොල්ලය රූගතකිරීමේදී වුණු?
මට පෞද්ගලිකව අමතක නොවන සිද්ධියක් තමයි අශ්වයාගේ පිටේ ගිහින් වැටුණු එක. මගේ කොන්දට තමයි එකෙන් බලපෑම් වුණේ. නමුත් අපිට රූගතකිරීම් නවත්වන්න කාලයක් තිබුණේ නැහැ. සුනිල් සර් ඇතුළු හැමෝම කිව්වා අපි රූගතකිරීම් නවත්වමු කියලා. ඒත් මම කව්වා මට වැඩකරන්න පුළුවන් කියලා. මම අශ්වයා පදින්න මාස 3ක් 4ක් පුහුණුවීම් කළා. කොන්ද කඩාගෙනත් අශ්වයා පදින ජවනිකාව කළා. අද හැරිලා බලනකොට සතුටක් දැනෙනවා.
හේමාල්ගෙන් සහ අශාන්ගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ?
ලොකු සහයෝගයක් ලැබුණා දෙදෙනාගෙන්ම. අශාන් අයියාත් එක්ක මම වැඩකරලා තියෙනවා. මම රඟපෑව සිරිපැරකුම් චිත්‍රපටයේ අශාන්ව පෙනුණේ මගේ ලොකු අයියා කෙනෙක් විදියට. නමුත් මෙම චිත්‍රපටයේ පෙම්වතකුගේ චරිතයක් තියෙන්නේ. හේමාලුත් වැඩ කරනකොට උනන්දුවෙන් අවංකව වැඩකරන කෙනෙක්. ජංගම දුරකතන පවා විසන්ධි කරගෙන වැඬේට කැපවෙලා රූගතකිරීම් කළේ. අපි සියල්ලන්ම එහෙමයි.
නීලමනී නිසා අසංගගේ ජීවිතය නැති වෙනවා නේද?
ඔව්. මම නිසා ඔහු ජීවිතක්ෂයට පත්වෙනවා.
කොහොමද මෙහි සංගීතයට දායක වෙන්නේ?
රූපගතකිරීම්වලින් මට දායක වෙන්න ලැබුණු ප්‍රථම සින්දුව බවට පත්වෙන්නේ “ඇහි පිල්ලමක්” සින්දුව. රෝහණ සර්ගේ සංගිතයෙන් ඒ සින්දුව ගොඩාක් ලස්සන වුණා. සංඛ අයියා නර්තනයෙන් දායක වුණා.
සෙනාලි චිත්‍රපටවලට විතරද දායක වෙන්නේ?
මගේ ප්‍රථම ප්‍රේමය චිත්‍රපට. මම ගොඩාක් දායක වෙන්න කැමති චිත්‍රපටවලට. ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට දැකලා තමයි කලාවට ආදරයක් ඇතිවෙන්නේ. ඒත් මේ කාලේ චිත්‍රපට හැදෙනවා අඩුයි. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
මොනවාද අපිට ඉදිරියට බලන්න පුළුවන් නිර්මාණ?
ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි සොකරි චිත්‍රපටයේ චරිතයකට දායක වුණා. ඒ වාගේම ධනුෂ්ක රේමන් මහතාගේ “පරිස්සමෙන් ඉන්න” කියලා චිත්‍රපටයට දායකවුණා. ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාගේ යාත්‍රා ඉදිරියට එන්න තියෙනවා.
චරිත තෝරා බේරාගෙනද භාරගන්නනේ?
අනිවාර්යයෙන්ම ඔව්. ඉදිරියේදී මම කැමතියි විවිධාකාර චරිත කරන්න. මට හැඟෙන විදියට දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න විවිධාකාර චරිත කරන්න ඕන.
සෙනාලි තාම ආදරය ගැන හිතලා නැද්ද?
සැබෑ ජීවිතයේ අපි ආදරය ගැන හිතනවා. එහෙම හිතන්නේ නැතුව ඉන්න බැහැනේ.
කොහොමද සෙනාලි ආදරය අර්ථ දක්වන්නේ?
අපිට විවිධ විධියට ආදරය ලැබෙනවා. යාහළු යෙහෙළියන්ගෙන්. දෙමාපියන්ගෙන්. ඒ වගේම විශේෂ පුද්ගලයකුගෙනුත් ආදරය බලාපොරොත්තු වෙනවා. මං ගාවට ආදරයට සොයාගෙන එන්න ඉඩදීලා තියෙන්නේ. මම ආදරය සොයාගෙන යන්නේ නැහැ. මම හිතන දෙයක් තමයි ආදරය දියුණුවෙන්න රඳාපවතින්න නම් ආදරයත් එක්ක යාළුකමත් තියෙන්න ඕන කියන එක. ඒ වගේම මාව රැකබලාගන්න පුද්ගලයෙක්ට මම ආසයි. මම ආදරයට ආදරය කරනවා.
සෙනාලි වගේ ලස්සන තරුණියකට ආදරේට ආරාධනා නොලැබෙනවා කියන්න බැහැ නේද?
ඔව්. අනිවාර්යයෙන්ම ආදරය ලැබිලා තියෙනවා. ආදරෙන් පරාදවෙලත් තියෙනවා.
මවුපියන් මංගල යෝජනා ගේන්නේ නැද්ද?
නැහැ. එයාලා මට නිදහස දීලා තියෙන්නේ මට කැමති කෙනෙක් සොයාගන්න. එයාලගේ තියෙන්නෙත් ආදර කතාවක් නිසා.
සෙනාලිගේ පවුලේ විස්තර මොනවද?
මම පවුලෙ එකම දරුවා. අම්මයි තාත්තයි එංගලන්තේ. මම ඉගෙන ගත්තේ මෙහෙ විශාඛා විද්‍යාලයේ. අවුරුදු 8ක් වෙනකන් ඉගෙන ගත්තා. ඊට පස්සේ එංගලන්තයට ගියා කලාවට සම්බන්ධ වෙන්න ආස හින්දා. මවුපියන් ඉඩදීලා තියෙන්නේ ලංකාවේ ඉන්න.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මම තමයි ඇහැළේපොළ නිලමේ

Next Post

ඇට්ලස් ඇක්සිලියා CIMA Art Camp සමඟ අත්වැල් බැඳගනී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.