• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම තමයි ඇහැළේපොළ නිලමේ

August 22, 2019
in Heart
Reading Time: 3 mins read
A A
මම තමයි ඇහැළේපොළ නිලමේ
Share on WhatsAppShare on Facebook

විජය ධර්මශ්‍රී නම් ප්‍රවීණ සිනමාකරුවාගේ දෑසට රවීන්ද්‍ර රන්දෙණියව හමුවූයේ “දුහුළු මලක්” සිනමාපටය තුළිනි.
“දුහුළු මලක්” කතාබහට ලක්වූ තරම් කෙතරම්ද? රවීන්ද්‍ර රන්දෙණිය නම් කඩවසම් යෞවනයාද ඒතරමටම ප්‍රේක්ෂක සිත් තුළ කතාබහට ලක්විය.
සුවිශේෂීව කියනවා නම් රවීන්ද්‍ර රඟපෑ චරිත බොහොමයක්ම එකිනෙකට වෙනස්ය. පරස්පර විරෝධීය…
දඩයම, සත්වෙනි දවස, ආරාධනා, සිරිපාල සහ රන්මැණිකා ඒ අතරින් අතළොස්සකි.
මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ සිනමා ජීවිතයට වසර 50ක් ගෙවී හමාරය.
එහෙත්…
සිංහල සිනමාවට තවමත් නැතුවම බැරි රංගවේදීන් අතර රවීන්ද්‍ර රන්දෙණියද එක් අයෙකි.
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සිය නවතම නිර්මාණයෙහි “ඇහැළේපොළ නිළමේගේ” චරිතයට රවීන්ද්‍ර රන්දෙණියව තෝරාගත්තේද ඒ නිසාමය.
ඔබ මේ දිනවල අලුත් චරිතයකට ජීවය දෙනවා?
මේ දිනවල කියලා කියන්න බැහැ. චිත්‍රපටයේ වැඩ අවසන් වී මාස එකහමාරක් පමණ වෙනවා.
ඒ ගැන තොරතුරු කියන්න කැමැතිද?
අපොයි ඔව්. හරිම කැමැත්තෙන් ඒ ගැන කතා කරන්න පුළුවන්.
අලුතින්ම මට ලැබුණු මේ චිත්‍රපටයේ නම “ගාඩි” මහනුවර රාජ්‍ය සමයේ අවසන් යුගය පසුබිම් කරගත් කතා පුවතක් වූ මෙහි විකාශනය වන්නේ ඇහැළේපොළ නිළමේතුමාව පාවාදුන් පසුව එම පවුලට මුහුණපෑමට සිදුවන වධහිංසා ගැනයි, ඒතැනදී බුලත්ගම දිසාවගේ කුමාරිහාමි රොඩී කුලයේ කෙනකුට ඒ කියන්නේ ගාඩි තරුණයකුට බලහත්කාරයෙන් පාවාදීම ඔස්සේ තමයි කතාව ප්‍රධාන වශයෙන් ඉදිරියට ගලාගෙන යන්නෙ.
ගාඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ඇහැළේපොළ නිළමෙට රඟපාන්නේ මමයි.
සෙසු රංගන ශිල්පීල් ගැන කතාබහ කරනවා නම්?
ජැක්සන් ඇන්තනි මහතාගේ බාල පුතු සජිත් අනුත්තර සමඟ නවක තරුණ නිළියක්ද මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි වේදිකා නළුවකු ලෙස රඟන කිහිප දෙනකුද “ගාඩි”හි චරිත නිරූපණයෙහි යෙදෙනවා.
සෑහීමකට පත්විය හැකි නිර්මාණයකට සම්බන්ධ වූ තෘප්තිය ඔබ තුළ තිබෙනවාද?
සත්තකින්ම ඔව්. මට හැකි උපරිමය කළා. ගාඩි චිත්‍රපටය දුටු අයද එය ඉතා හොඳ නිර්මාණයක් බව පැවැසුවා. ඉතිරිය ගාඩි තිරගත වූ පසුව ප්‍රේක්ෂකයන් තීරණය කරයි.
තවදුරටත් ඔබ චිත්‍රපට රඟපෑමෙහි නිරත වනවාද?
සිනමාවෙන් කොහොම ඈත් වෙන්නද? හොඳ චිත්‍රපට මම භාර ගන්නවා.
ඒ කියන්නේ චිත්‍රපට සඳහා ලැබෙන ඇතැම් ආරාධනා ඔබ ප්‍රතික්‍ෂේප කරනවා?
එයට මෙහෙම උත්තරයක් දෙන්නම්. සමහර තිරනාටකවල යම් වෙනස්කම් සිදුකළ යුතු තැන් තිබෙනවා. මම ඒ ගැන ඒ අය එක්ක කතා කරනවා. ඔවුන් මා ඉදිරිපත් කරන එම වෙනසට සූදානම් නම් එකී චරිතය මම භාර ගන්නවා.
හිතට එකඟ නැති යම් චරිතයක් වැඩකට නැතිව වාගේ රඟපානවට වඩා එය ප්‍රතික්‍ෂේප කිරීම හිතට හොඳයි.
අතීතය ගැන කතාකරන විට ඔබ රඟපෑ චිත්‍රපට අතරින් වඩාත් කැමැති කොයි චිත්‍රපටයද?
ඒක නම් ටිකක් ගැටලුසහගතයි. මොකද? මම රඟපෑ කොයි චිත්‍රපටයටද මා කැමැති කියලා නම් කරන එකවත් නොම්මර දාලා පෝලිමක් හදන එකත් ටිකක් අමාරු වැඩක්. ඒ තරමටම මම ඒ චරිතවලට හරි ඇල්මක් දක්වනවා.
දඩයම, ජනේලය, මායා වැනි චිත්‍රපටවල රඟපෑ දුෂ්ඨ චරිතයටත් ඔබ ඇලුම් කරනවද?
නැතුව. මම ඉතාම තදින් ඇලුම් කරන චරිත කිහිපයක් තමයි ඒ කියැවුණේ.
ඒ වෙනුවෙන් මා කළ වෑයම, කැපකිරීම, වෙහෙස මට කවදාවත් අමතක කරන්නට බැහැ.
ඒ කියන්නේ “දඩයම” චිත්‍රපටයේ නැහැදුණු පාසල් ගුරුවරයාටත් ඔබ කැමැතියි?
අනිවාර්යයෙන් ඉතාම ඇල්මයි. ඒ කෲර චරිතයෙන් මා ලද ආත්මතෘප්තිය අසීමිතයි. අනෙක දඩයම වෙනුවෙන් මා ඇතුළු රංගන ශිල්පීන් සහ අනෙක් කලාකරුවන් කළ අනභිභවනීය මෙහෙවර කොහොම අමතක කරන්නද? වසන්ත ඔබේසේකර අද ජීවතුන් අතර නැහැ. ඔහු අපව මෙහෙයවූ ආකාරය කෙතරම් අපූරුද? ස්වර්ණා, මම, ඩොනල්ඞ් කරුණාරත්න, ඊබට් විජේසිංහ යන මේ ඕනෑම කෙනකුගෙන් ඇහුවොත් ඔවුන් කියාවි දඩයම සාර්ථක කර ගැනීමට අප ගත් වෙහෙස මොනතරම්දැයි කියලා. අනෙක එහි අවසන් ජවනිකාව පවා කොයිතරම් අවදානම්සහගතද?
එය නරඹන විට සිනමා ශාලාවක් තුළ ඉන්න වගක් ප්‍රේක්ෂකයාට දැනුණෙ නැහැ මම හිතන්නේ.
සමහර සිනමා හෝල්වල දඩයම නරඹපු කාන්තාවෝ ජයනාථ, රත්නාව වාහනයට යටකරන වෙලාවේදී අසුනින් නැඟිටලා විලාප දුන්නාලු… ඉතින් මොහොතකට හිතලා බලන්න, ප්‍රේක්ෂකයන් මොනතරම් නම් එයට දැහැන්ගත වන්නට ඇතිද?
“රංගනය” කියන්නේ අන්න එයයි. සරලවම කියනව නම් “සාර්ථක රංගනය” කියන්නේ රඟපෑමක් නොවූ රංගනයයි.
ඒ රංගනය නැහැදුණු චරිතයක් වුවද ශුද්ධවත් චරිතයක් වුවද වඩා වැදගත් වන්නේ අර කී සාර්ථකත්වයයි. ඒ නිසා එකී සාර්ථකත්වය තුළ මා කළ හැම චරිත නිරූපණයකටම මම ඇලුම් කරනවා.
ජයනාථගේ චරිතය ප්‍රේක්ෂකයන්ගේ පිළිකුලට බඳුන් වූයේ නැද්ද?
කවදාවත් නැහැ. මා එය රඟදැක්වූ ආකාරයට ඔවුන් ප්‍රශංසා කළා. මඟතොටදී හමුවන සමහර දෙනා අම්මෝ රවි අයියේ ඇත්තටම ඔයා එහෙම දරුණු වුණේ කොහොමද? හිතාගන්න බැහැ. හැබැයි ඒක මාරයි කියල ඔවුන් කීවේ මහා ළැදියාවෙන්, ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන්.
මම මේ මා ගැන පාරට්ටු කියවනව නෙවෙයි. මෙතැනදී මම අදහස් කරන්නේ චරිතය කොයික වුවද එය සාර්ථකව නිරූපණය කළ යුතු බවයි. අනෙක් කාරණය අපේ ප්‍රේක්ෂකයන් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ට වඩා හරිම බුද්ධිමත්. දුෂ්ඨයාව ඉවත දැමීමත් වීරයාට මල් පිදීමටත් තරම් ඉන්දියානු ප්‍රේක්ෂකයන් බොළඳ වුවද අපේ ප්‍රේක්ෂකයන් එවැනි මත තුළ ජීවත් වන්නේ නැහැ.
තවත් යමක් කිව යුතුයි. මම යම් චරිතයක් භාරගැනීමේදී එය ශාන්තුවරයෙක්ද, ශුද්ධවන්තයෙක්ද යන පරිස්සම හිතට ගන්නේ නැහැ. “දුෂ්ඨයා, පසුව ශුද්ධ වූ චරිතයක් වී ප්‍රේක්ෂකයා සනසාලිය යුතුය කියා සිතන්නෙත් නැහැ.
එය එසේ වූවා නම් මායා, දඩයම, ජනේලය වැනි චරිත මා තුළින් ගිලිහී යන්නට තිබුණා.
ඔබ රඟපෑ චරිත නිරූපණයන් ගත්තම ඒ සියල්ලමපාහේ විවිධාකාරයි?
ඔව්. බොහෝ විට මට ලැබුණු චරිතයන් එකිනෙකට සමානකම් දැක්වීම බොහෝ විට තිබෙන්නේ අඩු පරාසයකයි.
ඒ කියන්නේ රඟපාන්නට කැමැති යම් චරිතයක් ඔබ තුළ තවත් නැති තරම්?
අහංකාරකමකට නෙවෙයි. මේ කියන්නේ අර විදියට රඟපාන්නට ආසයි. මේ විදියෙ චරිතයක් කරන්න අවශ්‍යයි කියන සිතුවිල්ලක් මගේ ළඟ නැහැ අවංකවම.
එහි අදහස මම සියල්ලෙන් අංග සම්පූර්ණයි කියන එක නෙවෙයි. මා රඟපෑ මට ලැබුණු චරිත විවිධාකාරයි කියන එකයි පැහැදිලිව කිවයුත්තේ.
රඟපෑමේදී ඔබ යම් ප්‍රවීණයකුගේ ශෛලිය අනුකරණය කළාද?
කොහෙත්ම නැහැ. අනුකරණයට මම කැමැතිම නැහැ. නමුත් “මාලන් බ්‍රැන්ඩෝ” නම් විශිෂ්ටයාගේ රංගන ශෛලිය මම යම් විටෙක අධ්‍යයනය කළා.
නිහඬවම ඉතා සිහින්ව වචන මුමුණමින් බොහෝ දේ හැඟීම් හරහා නිරූපණය කරන මාලන්ගේ ශෛලියට මා තුළ අසීමිත කැමැත්තක් තිබුණා.
හැබැයි ඒ කැමැත්ත අනුකරණයක් කරගත්තේ නැහැ. අධ්‍යයනයක් ලෙස සිතට ගත්තා පමණයි.
ආරාධනා, දුහුළු මලක් වැනි චරිත රඟපෑ ඔබ කාන්තාවන්ගේ ආකර්ෂණයට මැදි වුණේ නැද්ද?
මොකෝ නැතුව. ගෙදරට ඇවිත් ප්‍රීති ඉස්සරහාම මෙයා මගේ… මටයි අයිති කියාපු අය හිටියා. මගේ ආදරය නොලැබුණොත් දිවිනසා ගන්න තරමට උමතු වූ අය හිටියා.
ප්‍රීති එයින් කලබලයට පත්වුණේ නැතිද?
නැහැ. මගේ බිරිය බුද්ධිමත්, ඇය මාවත් මගේ වෘත්තියත් හොඳින් තේරුම් ගෙන හිටපු කෙනෙක්. ඒ නිසා එවැනි හරසුන් දේ ඈ මායිම් කළේ නැහැ. අනෙක ප්‍රීති හොඳ රසිකාවියක්, කාරුණික බිරියක්.
ඇය ප්‍රවීණ ලේඛිකාවක්, ඔබ ඇයට ඒ සඳහා අවැසි සහයෝගය දෙනවාද?
හැම අතින්ම අප මිතුරුයි. එකිනෙකාට උදව් දෙනවා. හැබැයි ඈ මට ෂොපිං යන්න කතා කළාම නම් මම එය සුහදව ප්‍රතික්‍ෂේප කරනවා.
මෑතදී ප්‍රීති නැවැතත් රංගනයට දායක වුණා නේද?
ඔව්. අවුරුදු හතළිස් ගණනකට පසු ප්‍රීති නැවත රඟපෑවා. ඒ විජයබා කොල්ලය සඳහායි.
හෙට දවස ගැන යම් බලාපොරොත්තුවක් තිබෙනවද?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිතුවිල්ලක් වරින්වර මා උනන්දු කරවනවා. නමුත් තවම එයට යොමු වුණේ නැහැ. ඒ වගේම මමත් සංගීතාත් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් තිරගත වනතුරු මම බලාසිටීමද මා තුළ වන යම් බලාපොරොත්තුවක් ලෙස දැක්විය හැකියි. එය ශ්‍රී ලංකාවේ රූගත කළ ඉතා සුළු වශයෙන් එංගලන්තයේ රූගත කළ උතුරේ ත්‍රස්තවාදය පසුබිම් වූ නමුත් යුද්ධයක දර්ශනවලින් බැහැර වූ කතා පුවතක්. ඉන්දීය නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක් වූ මෙහි දෙබස් විකාශනය වන්නේද ඉංග්‍රීසි බසින්.
චිත්‍රපට බලන්නට සිනමා ශාලාවලට යන අවස්ථා තිබෙනවද?
මංගල දර්ශන සඳහා ලැබෙන ඇරයුම් ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.
නවක නිර්මාණකරුවන්ට පණිවුඩයක් දෙනවා නම්?
නිර්මාණකරුවකු වීම ඉතාම සුවිශේෂී මෙහෙවරක්. හැබැයි ඒ තුළ සාර්ථකව ඉදිරියට යෑම හිතන තරම් ලෙහෙසි නැහැ. ඒ වගේම නිර්මාණකරණය තුළ අවසානය කළයුතු දෑ බොහෝ තිබෙනවා. සරලව කියනවා නම් කලාකරුවකුට සෑහීමකට පත්වෙන්න බැහැ. මට වුණත් එය එහෙමයි. දඩයම නැවත නරඹන විට මීට වඩා හොඳට අහවල් රංගනය කරන්නට තිබුණා, අහවල් දෙබස් කියන්නට තිබුණාය කියා මට සිතෙන වාර අනන්තයි. සාර්ථකයි කියන ඕනෑම නිර්මාණකරුවකුට එහෙම දැනෙනවා. සාර්ථකත්වය කියන්නේද එයයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කූඹියෝ ලෝකය අල්ලන මෙහෙයුමක

Next Post

මාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.