ඇට්ලස් ඇක්සිලියා සමාගම ආබාධිත දරුවන් වෙනුවෙන් සංවිධාන කළ CIMA Art Campවැඩසටහනේදී චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය සියලුම ලිපිද්‍රව්‍ය සැපයීමට පසුගියදා කටයුතු කළේය. CIMA ආයතනයට වසර සියයක් පිරීම නිමිත්තෙන් ආසියානු පැසිපික් කලාපයේ ක්‍රියාත්මක කරන “100 pledges to give back to the community” වැඩසටහන යටතේ මෙම චිත්‍ර කඳවුර සංවිධානය කෙරිණි. සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ (Senehasa Education Resource Research and Information Centre – SERRIC) දරුවන් 106 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූ අතර එය එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
SERRIC ආයතනය යනු යුධ හමුදා සාමාජිකයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන්ගේ පවුල්වලට අයත් ආබාධ සහිත දරුවන්ට රැකවරණය, අධ්‍යාපනය සහ මගපෙන්වීම ලබාදීම සඳහා කැපවී කටයුතු කරන ආයතනයකි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි) ශාන් වික්‍රමසිංහ මෙසේ පැවසීය. “අප ශ්‍රී ලාංකික වටිනාකම්වලින් පන්නරය ලබන 100%ක්ම දේශීය සමාගමක්. පසුගිය වසර 60ක කාලය තිස්සේ අප දැයේ දරුවන්ගේ ඉගෙනුමට සහ නිර්මාණශීලීත්වයට අත්වැලක් වූවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීමටයි. CIMA ආයතනය ආබාධිත දරුවන් වෙනුවෙන් සංවිධාන කළ මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. සෑම දරුවකුටම ශක්තිමත්ව අනාගතය වෙත පියනැගීමට අවස්ථාව සලසාදීම අප දෙපාර්ශ්වයේම අරමුණ වී තිබෙනවා.”
චිත්‍ර කඳවුර තුළදී තෝරාගනු ලබන චිත්‍ර CIMA Presidents Dinner 2020’ වැඩසටහන තුළදී අලෙවි කෙරෙන අතර, එමගින් ලැබෙන මුදල් SERRIC ආයතනය වෙත ප්‍රදානය කෙරෙනු ඇත.