අධ්‍යක්ෂ
රොෂාන් කුරුප්පු
මමත් නොසිතපු දෙයක් තමයි අවසානයේ වුණේ. 2001 වර්ෂයේ තමයි මම ‘නිරාවරණ’ ටෙලිනාට්‍ය කරන්න සැලසුම් කළේ. අනෙක මේ කතාව නිර්මාණ කරන්න මගේ ලොකු ආශාවක් තිබුණා. වෙනත් නිෂ්පාදන ආයතනයක් එක්ක එකතු වෙලා තමයි ටෙලිනාට්‍ය මම මුලින් නිර්මාණය කරලා ස්වාධීන රූපවාහිනියට භාරදුන්නේ නිෂ්පාදන ගැටලු නිසා. පසුව නුවනි වලිමුනි නිෂ්පාදකවරිය මා එක්ක කතාකරලා ‘නිරාවරණ’ කරන්න එකඟ වුණා. ඒත් පසුකාලීනව ඉතිරි කොටස් නිර්මාණය කිරීමට සැලසුම් කරද්දී ‘නිරාවරණ’ට කණකොකා හඬුවා. නිෂ්පාදන කණ්ඩායම එකතු වෙලා වෙනත් අධ්‍යක්ෂවරයකු සමඟ නිරාවරණ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි මගේ පිටපත පවා සම්පූර්ණයෙන් වෙනස් කරලයි දැන් ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ. ඉතින් කියන්න කනගාටුයි මෙයින් අසරණ වෙන්නේ ප්‍රේක්ෂක පිරිස. උසස් රසවින්දනයක් දෙන්න අපි උත්සාහ කළාට දැන් සිදුවන්නේ විකෘති කතාවක්. ප්‍රධාන චරිත හතරක් මේ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. දැන් වෙනම ශිල්පීන් යොදාගෙන නිර්මාණය කරනවා. මට නම් ටෙලිනාට්‍ය කලාව එපාම වුණා.
දැන් ටෙලිනාට්‍ය කරන්න හිතෙන්නෙ නැහැ. ටෙලිනාට්‍ය විෂය කාලා තියෙන්නේ. ඉදිරියේදී මම චිත්‍රපටයක් කරන්න තමයි සැලසුම.
වොල්ගා කල්පනී
ඇත්තටම අනෙකුත් ටෙලිනාට්‍යවලට වගේම ‘නිරාවරණ’ ටෙලිනාට්‍යයේ උත්තරාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මමත් ගොඩක් ආශාවෙන් රඟපාපු චරිතයක් ඒක. මම විතරක් නෙවෙයි ‘නිරාවරණ’ ටෙලිනාට්‍යයේ හේමසිරි ලියනගේ මහතා, ජෙහාන් අප්පුහාමි, ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු ඇතුළු පිරිසක් ඉවත් වුණා.
‘නිරාවරණ’ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ රොෂාන් කුරුප්පු. අධ්‍යක්ෂ කෙනෙක් ඉවත් වුණු පලියට ප්‍රධාන නිළියකට ඉවත් වෙන්න බැහැ. ඒත් අපි දැකපු කතාව නෙවෙයි නිෂ්පාදන කණ්ඩායම නිර්මාණය කළේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් මතුවුණු නිසා මමත් එයින් ඉවත් වුණා.
මගේ ආදරණීය රසික රසිකාවියන්ට ලොකු අසාධාරණයක් වුණු එක ඇත්ත. මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලනවා. මම එක රැයකින් ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක් නෙවෙයි.
අමාරුවෙන් හදාගත්තු මේ තැන නිකරුණේ විනාශ වෙන්න දෙන්නෙ නැහැ මම. අද වෙනකම් මට මේ ක්ෂේත්‍රයේ කාගෙන්වත් ප්‍රශ්නයක් වෙලා නැහැ. හැමෝම මට ආදරයෙි.
හේමසිරි ලියනගේ
‘නිරාවරණ’ ටෙලිනාට්‍යය පටන්ගන්න කලින් රොෂාන් කුරුප්පු මගේ ගෙදරට ඇවිත් මා සමඟ කතාබහ කළා මේ නිර්මාණය ගැන. හොඳ නිර්මාණ ශිල්පියෙක්, හොඳ අධ්‍යක්ෂවරයෙක් විදියට මම ඔහුව සලකනවා. ඉතින් මට එහි රඟපාන්න ලැබුණේ අබ්දුල් කියන මුස්ලිම් චරිතයක්. ගොඩක් ආශාවෙන් හොඳ සහෝදර ශිල්පීන් පිරිසක් සමඟ වැඩ කළා.
ඒත් එක පාරට ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ඉවත් කරලා වෙනස් විදියකට වෙනත් අධ්‍යක්ෂවරයකු සමඟ වැඩකිරීම නිසා මම ඉන් ඉවත් වුණා. මොකද මට බැහැ රොෂාන් කුරුප්පුගේ මූණ බලන් වැඩ කරන්න. හැබැයි රොෂාන් කුරුප්පු යොදාගෙන කතාව වෙනස් කරලා නිර්මාණය කරනවා කිව්වා නම් මම රඟපානවා. මම සල්ලිවලට වඩා මේ ක්ෂේත්‍රයට ගෞරව කරනවා. මම කැමැති නැහැ කුලීකාරයෙක් විදයට වැඩ කරන්න.
වසන්ත විතාරණගේ