• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හෙනාන්නේගලින් හමුවූ නිහඩ තාපසයා

October 10, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
හෙනාන්නේගලින් හමුවූ නිහඩ තාපසයා
Share on WhatsAppShare on Facebook

බ්ලූම් නමැති අධ්‍යාපන විශාරදයා හඳුන්වාදී ඇති බ්ලූම්ගේ වර්ගීකරණය යන චින්තන ක්‍රියාවලිය ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. අප එය යළි සිහිපත් කරමු.

  1. මතක තබාගැනීම
  2. අවබෝධය
  3. භාවිත කිරීම
  4. විශ්ලේෂණය
  5. ඇගයීම
  6. නිර්මාණය කිරීම
    යනාදිය වෙයි. මෙම බ්ලූම්ගේ වර්ගීකරණය උපයෝගී කරගැනීම තුළින් අප්‍රකට, ගැඹුරු තත්ත්වයන් සහ සිදුවීම් හෙළිකරගත හැකි බව බ්ලූම් පෙන්නා දී ඇත.
    මෙවැනි ටීකාවකින් කතාව පටන් ගත්තේ අද අප කියන්නට යන හෙළිදරව්වද බ්ලූම්ගේ සයවැදෑරුම් චින්තන ක්‍රියාවලිය උපයෝගී කරගෙන හෙළිකර ගත් අපූරු තොරතුරු සමුදායක් නිසාය.

    අම්පාර දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අයත් භූමිය තුළ මාදුරුඔය ජාතික වන උද්‍යානය පිහිටා ඇත. මේ සුන්දර වන උද්‍යානය දෙපළු කරමින් මහඔය උණු දිය ළිං පාරේ අරලගංවිල හරහා මඩකළපුව හන්දියට වැටෙන ප්‍රධාන පාරක් වෙයි. මෙමගින් මනම්පිටිය, දඹුල්ල හරහා කොළඹට හෝ මහනුවරට ළඟාවිය හැකිය. මාදුරුඔය ජාතික වන උද්‍යාන සීමාවේ පනජ්ජාඔය ආසන්නයේ වනජීවී දෙපාර්තමේන්තුවේ මාර්ග බාධකය පිහිටා තිබේ. මෙම මාර්ග බාධකය පසුකර ටික දුරක් යන විට මාර්ගයේ දකුණු පසින් හෙනන්නේගල (දෙහිඅත්තකණ්ඩිය හෙනන්නේගල නොවේ) යනුවෙන් හඳූන්වන විශාල ගල් පර්වතයකි. මහඔය අරලගංවිල පාරේ යන ඔබ එය අනේක වාරයක් දැක ඇතිවාට සැක නැත. මෙහි ලෙන් රාශියකි.

    පුරාවිද්‍යා පර්යේෂණසූරී, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවිරයන් 2003 වසරේදී ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාචීන පස්ස – උත්තර පස්ස නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය ග්‍රන්ථයේ හෙනන්නේගල ලෙන් වෙහෙර යටතේ මෙසේ දක්වා තිබේ. මෙහි ලෙන් අතර විශාල ලෙනක් දක්නට ලැබේ. රෝහණයේ ඇති විශාලම ලෙන මෙය විය හැකි යැයි හැඟේ. ලාහුගල කරඳහෙළ ලෙන මීට වඩා දිග නමුත් මෙතරම් පුළුල් නැත. හෙනන්නේගල නටබුන් ගැන කිසිවකු මේතාක් සැලකිල්ලක් දක්වා නැත. ක්‍රමික ගවේෂණද කෙරී නැත.

    මහඔය අරලගංවිල ප්‍රධාන පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් මෙම ගල් පර්වතය පිහිටා තිබේ. ප්‍රධාන ලෙනේ සිට බලන විට මාදුරුඔය වන උද්‍යානයේ මනස්කාන්ත දර්ශනයක් දැකිය හැකිය. එහි දකුණු පසට බරව ඈතින් තවත් ගල් කන්දක් පෙනේ. එය ඔමුණුගල කන්ද නමින් හඳුන්වයි. අතීතයේ මහඔය ඉද්දපොල විදුහලේ මුල්ම ගොඩනැගිල්ල තනා දීමට මුල් වී ඇත්තේ අපේ ආදිවාසියෙකි. ඔහු උපත ලබා ඇත්තේ හෙනන්නේගල ගල් පර්වතයේ පිහිටි ලෙන තුළ යැයි පැවසෙන අතර මෙම ආදිවාසියා කන් පෙතිවල තෝඩු පැලඳගෙන සිටියෙක්ද වෙයි. පසු කාලයකදී හෙනන්නේගල ප්‍රදේශය අත්හැරදමා මාදුරුඔය ආශ්‍රිතව කන්දේගම්වල ජීවත්වූ දරු මුණුබුරු මිණිබිරියන් සොයා ගිය මෙම ආදිවාසියා මහකළු ගමරාළ නමින් හැඳින්විය. හෙනන්නේගල ලෙන් විහාරයේ ඉතිහාසය සොයා බැලූ අප ගල් පර්වතයේ ඡායාරූපයක් ගත්තෙමු.

    දකින දේවල් ඇසට පමණක් සීමා නොකර මනසින්ද බැලිය යුතුය. ඉංග්‍රීසියෙන් දැකීම SEE යනුවෙන් හදුන්වයි. බැලීම මොළය හා සම්බන්ධ කරගන්නා වූ විඤ්ඤාණ ක්‍රියාවලියකි. එය (LOOK) යනුවෙන් හඳූන්වයි. මෙහි දී අප ගත් ගල්පර්වතයේ ඡායාරූපය බ්ලූම්ගේ වර්ගීකරණය යනුවෙන් හඳුන්වන චින්තන ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන දක්ෂිණාවෘතව අංශක 90ක කෝණයකින් කරකවා බැලීමු. ආශ්චර්යයකි! ඇත්තෙන්ම ආශ්චර්යකි. එම ගල් පර්තයෙන් නිරූපණය වූයේ කොණ්ඩය හිස් මුදුනට වන්නට බැඳගත් තපස්වරයකුගේ මුහුණකි. ඇඹී ඇති හෝ අඹා ඇති එම තපස්වරයාගේ මුහුණින් අපේ ආදි හෙළයන්ගේ සුරු විරුකම් මනාව හෙළිදරව් වනු නොඅනුමානය. හෙනන්නේගල ගල් පර්වතයේ සිට උතුරු දෙසට හැරී බලන විට දකුණු අත පැත්තට බරව පිහිටි විශාල කන්ද ඕමුණගල කන්ද නම් වෙයි.

    රැග් විජයසිරි
SendShareShare
Previous Post

නිරාවරණ පටලැවිල්ලේ අනාවරණය

Next Post

ගෝඨා සිංගප්පූරු ගිහින්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.