2020 ජනාධිපතිවරණය කවදාද? යන පැනයට පිළිතුරු සෙවූ කාටත් දැන් තියෙන අලුත්ම ප්‍රශ්නය නොවැම්බර් 16 වැනිදා මොනවා සිදුවෙයිද යන කාරණයයි. 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා මොනවා සිදුවෙයිද? එදින කෙබඳු දවසක්ද? කවුරු ජයග්‍රහණය කරයිද? රටේ මීළඟ ජනාධිපති කවුද? ආදී වශයෙන් හැමෝටම තියෙන මේ ප්‍රශ්නවලට උත්තර තව නොබෝ දිනකින් දැනගැනීමට පුළුවන්. හැබැයි මේ වන විටත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න පුළුවන් නම් කවුරුත් අකැමැති වෙන්නේ නැහැ. දෙයක් කලින් දැනගන්න නම් ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්නම ඕනෙ. නොවැම්බර් 16 කොහොම දවසක්ද? ඒ ගැන පිළිතුරු දුන් ජ්‍යොතිෂවේදීන් අතර කැලුම් ගුණතිලක මහතාගේ පිළිතුර තමයි මේ.
නොවැම්බර් 16 වැනිදා ජ්‍යොතිෂයට අනුව නම් සංකීර්ණ විපරීත දවසක්. සාමාන්‍යයෙන් මැතිවරණ දිනයකදී එදින ග්‍රහචාරය පරීක්‍ෂා කරන්නේ ඡන්දය දැමීම ආරම්භ කරන උදෑසන 7.00ට පවතින තත්කාල කේන්දරය අනුවයි. මෙදින තත්කාල කේන්දර සටහන අනුව ලග්නය වන්නේ වෘශ්චික. වෘශ්චික ලග්නයේ ගැටලුකාරී තත්ත්වයක් නැතිවුවත් එහි දෙපස හෙවත් දොළොස්වැන්න සහ දෙවැන්න තුළ පිහිටා සිටින ග්‍රහයන් අනුව 16 වැනිදා යහපත් ග්‍රහචාරයක් ඇති බව කීම අපහසුයි. වෘශ්චික ලග්නය දෙපස සිටින 12 වැන්නේ රවි – කුජ සහ බුධ ග්‍රහයන්ද, දෙවැන්නේ ශනි – කේතු – ගුරු යන ග්‍රහයන්ද පසුවෙනවා. සාමාන්‍යයෙන් ලග්නයක දෙපස ග්‍රහයන් තිදෙනා බැගින් පැවතීම සුවිශේෂී තත්ත්වයක්. එසේ තිදෙනා තැන්පත් වීමේදී ඒ ග්‍රහයන්ගෙන් වැඩිපුර බලපෑමක් පාපී ග්‍රහයන්ට නතුවීම සිදුවෙනවා. 12 වැන්නේ සිටින රවි – කුජ සහ දෙවැන්නේ සිටින ශනි – කේතු පාපී ග්‍රහයන්. බ්‍රහස්පති දෙවැන්නේ බලවත්ව පිහිටා ඇති බව බැලූබැල්මට පෙනුණත්, බ්‍රහස්පති සිටින්නේ මූලගතව නිසා බලවත් නැහැ. මේ තත්ත්වය නිසා නොවැම්බර් 16 වැනිදා තත්කාල කේන්දරයේ ග්‍රහයෝ ඉන්නේ පීඩාවට පත්වෙලයි. මේ තත්ත්වය නිසා මැතිවරණය පිළිබඳ යහපත් අනාවැකි කීම අපහසුයි.
ඒ හේතුවෙන් ඡන්ද අපේක්‍ෂකයන්ටත්, ඡන්දදායකයන්ට මෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවටත්, එහි ප්‍රධානීන්ටත් ඉතා පීඩාකාරී තත්ත්වයන් පෙන්නුම් කරනවා. මේ දිනය අයත්වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවට. ඒ අනුව එදින ග්‍රහ බලය සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමසාරිස්ට හිමිවෙනවා. ඒ නිසා ග්‍රහ බලපෑමේ වැඩි පීඩාව එල්ලවන්නේ ඔහුටයි.
නොවැම්බර් 16 වැනිදා සඳු – රාහු සමඟ අටවැන්නේ තැන්පත්ව සිටිනවා. රවි – සඳු දෙදෙනාම මෙදින මරණකාරකයි. රවි – සඳු යනු ග්‍රහ ලොවේ මව – පියා වන අතර, මව සහ පියා මරණකාරක වන දිනයකදී සුබ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න නොහැකියි.
එම නිසා මෙදින ජයග්‍රහණය කරන නායකයා පිළිබඳ ජනතාව මනාප ලබාදෙන්නේ මානසික පීඩාකාරී බවක් සමඟයි.
එම නිසා ක්‍ෂණික තීරණයක් ඒ දින කිහිපයක තුළ ඇති වන රැල්ල අනුව ලබාදෙනවා මිස එය බුද්ධිමත් තීරණයක් වන්නේ නැත.
මේ පවතින ග්‍රහචාරය අනුව ග්‍රහයෝ පීඩිතව සිටින අතර, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය දෙස ග්‍රහයන්ගේ අවධානය යොමුවෙනවා. ඒ කියන්නේ ග්‍රහයන්ගේ අවධානය මහජනතාව වෙත එල්ල වෙනවා. ඒ අනුව පීඩිත ජනතාව සෙනසුරු නියෝජනය කරනවා. 2020 ජනවාරි 24 වැනිදායින් පසුව සෙනසුරු ගමන් කරන්නේ සිය මකර – කුම්භ රාශිවලයි. ඒ අනුව සෙනසුරු ඉන්නේ තමන්ගේම රාශිවලයි. මේ ග්‍රහචාරය පෙන්වන්නේ පීඩිත ජනතාව තමන්ගේ මතය ජයග්‍රහණය කරන බවයි. ඒ අනුව කවුරු ජයගත්තත් ජනතාවට වාසිසහගත වන බව පෙන්වනවා. එහිදී කෘෂිකර්මාන්තයේ සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැඩි දියුණුවක් දකින්න පුළුවන්.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කැලුම් ගුණතිලක