• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නොවැම්බර් 16 ජ්‍යොතිෂ්‍ය අනාවැකිය මෙන්න

October 10, 2019
in Astrology
Reading Time: 1 min read
A A
නොවැම්බර් 16 ජ්‍යොතිෂ්‍ය අනාවැකිය මෙන්න
Share on WhatsAppShare on Facebook

2020 ජනාධිපතිවරණය කවදාද? යන පැනයට පිළිතුරු සෙවූ කාටත් දැන් තියෙන අලුත්ම ප්‍රශ්නය නොවැම්බර් 16 වැනිදා මොනවා සිදුවෙයිද යන කාරණයයි. 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා මොනවා සිදුවෙයිද? එදින කෙබඳු දවසක්ද? කවුරු ජයග්‍රහණය කරයිද? රටේ මීළඟ ජනාධිපති කවුද? ආදී වශයෙන් හැමෝටම තියෙන මේ ප්‍රශ්නවලට උත්තර තව නොබෝ දිනකින් දැනගැනීමට පුළුවන්. හැබැයි මේ වන විටත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න පුළුවන් නම් කවුරුත් අකැමැති වෙන්නේ නැහැ. දෙයක් කලින් දැනගන්න නම් ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්නම ඕනෙ. නොවැම්බර් 16 කොහොම දවසක්ද? ඒ ගැන පිළිතුරු දුන් ජ්‍යොතිෂවේදීන් අතර කැලුම් ගුණතිලක මහතාගේ පිළිතුර තමයි මේ.

නොවැම්බර් 16 වැනිදා ජ්‍යොතිෂයට අනුව නම් සංකීර්ණ විපරීත දවසක්. සාමාන්‍යයෙන් මැතිවරණ දිනයකදී එදින ග්‍රහචාරය පරීක්‍ෂා කරන්නේ ඡන්දය දැමීම ආරම්භ කරන උදෑසන 7.00ට පවතින තත්කාල කේන්දරය අනුවයි. මෙදින තත්කාල කේන්දර සටහන අනුව ලග්නය වන්නේ වෘශ්චික. වෘශ්චික ලග්නයේ ගැටලුකාරී තත්ත්වයක් නැතිවුවත් එහි දෙපස හෙවත් දොළොස්වැන්න සහ දෙවැන්න තුළ පිහිටා සිටින ග්‍රහයන් අනුව 16 වැනිදා යහපත් ග්‍රහචාරයක් ඇති බව කීම අපහසුයි. වෘශ්චික ලග්නය දෙපස සිටින 12 වැන්නේ රවි – කුජ සහ බුධ ග්‍රහයන්ද, දෙවැන්නේ ශනි – කේතු – ගුරු යන ග්‍රහයන්ද පසුවෙනවා. සාමාන්‍යයෙන් ලග්නයක දෙපස ග්‍රහයන් තිදෙනා බැගින් පැවතීම සුවිශේෂී තත්ත්වයක්. එසේ තිදෙනා තැන්පත් වීමේදී ඒ ග්‍රහයන්ගෙන් වැඩිපුර බලපෑමක් පාපී ග්‍රහයන්ට නතුවීම සිදුවෙනවා. 12 වැන්නේ සිටින රවි – කුජ සහ දෙවැන්නේ සිටින ශනි – කේතු පාපී ග්‍රහයන්. බ්‍රහස්පති දෙවැන්නේ බලවත්ව පිහිටා ඇති බව බැලූබැල්මට පෙනුණත්, බ්‍රහස්පති සිටින්නේ මූලගතව නිසා බලවත් නැහැ. මේ තත්ත්වය නිසා නොවැම්බර් 16 වැනිදා තත්කාල කේන්දරයේ ග්‍රහයෝ ඉන්නේ පීඩාවට පත්වෙලයි. මේ තත්ත්වය නිසා මැතිවරණය පිළිබඳ යහපත් අනාවැකි කීම අපහසුයි.

ඒ හේතුවෙන් ඡන්ද අපේක්‍ෂකයන්ටත්, ඡන්දදායකයන්ට මෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවටත්, එහි ප්‍රධානීන්ටත් ඉතා පීඩාකාරී තත්ත්වයන් පෙන්නුම් කරනවා. මේ දිනය අයත්වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවට. ඒ අනුව එදින ග්‍රහ බලය සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමසාරිස්ට හිමිවෙනවා. ඒ නිසා ග්‍රහ බලපෑමේ වැඩි පීඩාව එල්ලවන්නේ ඔහුටයි.
නොවැම්බර් 16 වැනිදා සඳු – රාහු සමඟ අටවැන්නේ තැන්පත්ව සිටිනවා. රවි – සඳු දෙදෙනාම මෙදින මරණකාරකයි. රවි – සඳු යනු ග්‍රහ ලොවේ මව – පියා වන අතර, මව සහ පියා මරණකාරක වන දිනයකදී සුබ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න නොහැකියි.
එම නිසා මෙදින ජයග්‍රහණය කරන නායකයා පිළිබඳ ජනතාව මනාප ලබාදෙන්නේ මානසික පීඩාකාරී බවක් සමඟයි.

එම නිසා ක්‍ෂණික තීරණයක් ඒ දින කිහිපයක තුළ ඇති වන රැල්ල අනුව ලබාදෙනවා මිස එය බුද්ධිමත් තීරණයක් වන්නේ නැත.
මේ පවතින ග්‍රහචාරය අනුව ග්‍රහයෝ පීඩිතව සිටින අතර, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය දෙස ග්‍රහයන්ගේ අවධානය යොමුවෙනවා. ඒ කියන්නේ ග්‍රහයන්ගේ අවධානය මහජනතාව වෙත එල්ල වෙනවා. ඒ අනුව පීඩිත ජනතාව සෙනසුරු නියෝජනය කරනවා. 2020 ජනවාරි 24 වැනිදායින් පසුව සෙනසුරු ගමන් කරන්නේ සිය මකර – කුම්භ රාශිවලයි. ඒ අනුව සෙනසුරු ඉන්නේ තමන්ගේම රාශිවලයි. මේ ග්‍රහචාරය පෙන්වන්නේ පීඩිත ජනතාව තමන්ගේ මතය ජයග්‍රහණය කරන බවයි. ඒ අනුව කවුරු ජයගත්තත් ජනතාවට වාසිසහගත වන බව පෙන්වනවා. එහිදී කෘෂිකර්මාන්තයේ සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැඩි දියුණුවක් දකින්න පුළුවන්.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කැලුම් ගුණතිලක

SendShareShare
Previous Post

OPPO A9 2020 සහ OPPO A5 2020 දුරකතන අලෙවිය ඇරැඹේ

Next Post

නිරාවරණ පටලැවිල්ලේ අනාවරණය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.