• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් සේරම ක්ෂණික නූල්ඩ්ස් වගේ

August 22, 2019
in Heart
Reading Time: 2 mins read
A A
දැන් සේරම ක්ෂණික නූල්ඩ්ස් වගේ
Share on WhatsAppShare on Facebook

ගීතා කාන්ති ජයකොඩි

හිරිමල් අවදියේම කලා ක්‍ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ දස්කම් – විස්කම් විදහා පාන්නට ඇය වාසනාවන්තියක් වුණා. මුළු කලා කෙතම සුවඳවත් කරමින් කලා කෙතට පිපුණු ඇස කැලණි පාලමේ සුරංගි වුණා. එතැනින් නතර නොවුණු ඇය චරිත ගණනාවකින් කලා කෙත හැඩ වැඩ කළා.
නමින් ගීතා කාන්ති ජයකොඩි නම් වූ ඒ විශිෂ්ට රංගනවේදිනිය ගැන අලුත්ම තොරතුරු ඔබට කියන්නට අපි ඇයට කතා කළා. සුපුරුදු ළෙංගතුකමින් ඇය ඔබ වෙනුවෙන් අප සමඟ දොඩමළු වුණා.
ගීතා කාන්ති දැන් කළු චරිතයක් වෙලා පුංචි තිරේ දෙවනත් කරනවා නේද?
දැන් ඉතින් අපිට රඟපාන්න විවිධ චරිත කෝ. ටෙලිනාට්‍ය කලාවට රැලි ඇවිත් කාලයක් තිබුණා. මම චරිත තෝරා බේරාගෙන රඟපාන්න ලැබුණා. දැන් එහෙම කළොත් ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. ඉතින් මම මේ දවස්වල වෙනසකටත් එක්ක දෙරණ නාලිකාවේ විකාශය වන “පාවෙලා වලාකුළේ ඒවිද අම්මා” ටෙලිනාට්‍යයේ ලේලිට නපුරුකම් කරනවා.
දැන් ඉතින් දිගට හරහට ගීතා කාන්ති නපුරු චරිතවලට කොටුවෙයි?
එහෙම කොටුවීමක් වෙයි කියලා තමයි මම මුල් කාලයේ කළු චරිත රඟපෑවේ නැත්තේ. ඒත් දැන් ප්‍රේක්ෂකයන් බුද්ධිමත්. ඉස්සර මඟතොටදී බැණුම් කෙළවරක් නැහැ. ඒත් දැන් චරිත පෞද්ගලික ජීවිතයත් එක්ක සසඳන්න රසිකයන් දුර්වල නැහැ.
දැන් කාලේ හැදෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නෙ?
මෙහෙමයි. 80 දශකයේ වගේ දැන් නිර්මාණ හදන්න බැහැ. මොකද ඒ කාලේ නිර්මාණවල තිබුණු ගුණාත්මක භාවය දැන් හැදෙන ටෙලිනාට්‍යවල නැහැ. මේ හැම දේටම මුල තාක්ෂණය දියුණු වීම වරදක් නැහැ. නමුත් දැන් ගොඩ දෙනෙක් සිතන පතන විදිය වෙනස්. හරියට ක්‍ෂණික නූඞ්ල්ස් වගේ. හිතන්නෙ නැහැ. සිතුවිලි නැහැ. මම ආශාවෙන් රඟපෑව බත් අම්මා වගේ චරිත දැන් කෝ. එවැනි නිර්මාණ දැන් නැහැ. සීනිබෝල ආදර කතා හැදිලා. දැන් පෙන්වන ටෙලිනාට්‍යවල තියෙන පාසල් ආදරය නෙවේ එදා තිබුණේ. දැන් මවුපියන් සහ වැඩිහිටියන් ඉදිරියෙත් කිසි ලැජ්ජා බයක් නැතුව ආදරය කරනවා. දැන් දකින පොඩි ළමයා වුණත් දකින්නේ ඒ ආදරේ. සමහර මවුපියෝ දරුවන්ට රූපවාහිනියත් නරඹන්න දෙන්නැති තරමට පත්වෙලා.
ඒ කාලේ ඔබ දැකපු ආදරය කොයි වගේද?
ඇත්තටම ඒ කාලේ හොර රහසේ ආදරය කළේ ගෙදරට අහුවෙයිද කියන බයකින්. ලියුමක් ලියලා ඒක දෙන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නවා. ආදර හසුන්වල ලියලා එවන සිතුවිලි දැන් කෝ. දැන් ආදරය ෆේස්බුක් එකට පෙරළිලා. ඒ තිබුණු කවි සිතුවිලි නිසා නිර්මාණකරුවන් බිහිවුණා. ඒ හරහා සිතුවිලි එක්ක නිර්මාණ, නවකතා ලියන්න පටන් ගත්තා.
තවමත් ගීතාගේ ආදරය රහසක් වගෙයි?
මම ආදරය කරන්න පටන් ගත්තේ නවකතාවකින්. මට නවකතාවේ නම මතක නැහැ. එහි තිබුණු කවි පෙළක් මට හොඳට මතකයි. ඒ මින්දද හී සර කියන කවිය. එයින් මගේ ආදරයේ දෝර ගැලුවා.
කැලණි පාලම ඔබේ රංගන ජීවිතයේ මංගල පියවර කිව්වොත් මම හරිද?
මම ඒ කාලේ ගුවන්විදුලියේ ළමා පිටිය වැඩසටහනේ වැඩකටයුතු කළා. ඉතින් ආර්. ආර්. සමරකෝන් මහතා මා ගැන දැනගෙන කොහොම හරි මට ආරාධනා කළා සුරංගිගේ චරිතය රඟපාන්න. මම එතකොට බැඳල මාසයයි. මම කසාද බැන්දේ අවුරුදු 18දී.
කලා දිවියේ පළමු පෙම්වතා සනත් ගුණතිලක කියන්නේ ඇත්තද?
ඩී. බී. නිහාල්සිංහ මහතාගේ “රිදී නිම්නය” චිත්‍රපටයට මාව තෝරා ගත්තා. සනත් ගුණතිලකගේ පෙම්වතියට රඟපාන්න. හැබැයි චිත්‍රපටයට කලින් විජය ධර්මශ්‍රීගේ රන් දොරටුව ටෙලිනාට්‍යය විකාශය වුණා. ඉන්පසු ඉතින් චිත්‍රපට ටෙලිනාට්‍ය ගණනාවක මම රඟපෑවා. ඒ කාලේ හරිම සුන්දර කලා දිවි පෙවතක් අපි ගත කළේ. දැන් වගේ නෙවේ.
කොහොම හරි අම්මාටයි, දුවටයි එකට රඟපාන්න ලැබුණානේ?
ඇත්තටම මම හිතුවේ නැහැ නැවත මටයි පබෝදාටයි එකට රඟපාන්න ලැබෙයි කියලා. පබෝදා මගේ දුවට රඟපෑවේ යශෝරාවය ටෙලිනාට්‍යයේ. එතකොට පබෝදා ගොඩක් පොඩියි. අවුරුදු ගණනාවකට පස්සේ සරත් වීරසේකර අධ්‍යක්ෂණය කරන ඓතිහාසික සිනමා පටයක අපි දෙන්නාට එකට රඟපාන්න ලැබුණා.
ගීතා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළා. ඇයි ඒකෙන් ඈත් වුණේ?
ටෙලි නාට්‍යයක් මම අධ්‍යක්ෂණය කළා. අදටත් කැමැතියි ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. ඒත් නිෂ්පාදකවරයකු හොයාගන්න තමයි අපහසු. හොඳ නිෂ්පාදකවරයෙක් ලැබුණොත් හෙට වුණත් මම ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න සූදානම්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අතුරුදන් වුණු ටිරාන් ආයෙත් ඇවිත්

Next Post

කැපිලි කෙටිලි අතරින් නැගිටින අජිත්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.