• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැපිලි කෙටිලි අතරින් නැගිටින අජිත්

August 22, 2019
in Heart
Reading Time: 1 min read
A A
කැපිලි කෙටිලි අතරින් නැගිටින අජිත්
Share on WhatsAppShare on Facebook

සුපර්ස්ටාස්ලා අද දකින දකින හැම තැනම රජ කරනවා. සමහරු ගායනය පැත්තක දමලා නළුවො වෙලා. තවත් සමහරු සුපර්ස්ටාස්ලා කියලා ලේබල් ගහගෙන. හැබැයි ඒ සුපර්ස්ටාස්ලා අතරෙ හිටපු නියම සුපර්ස්ටාර් අද ඔබට අමතක වෙලා වගේ කියලා අපට හිතෙනවා. ඔහු තමයි අජිත් බණ්ඩාර. සද්දබද්ද නැතුව ඔහු ගහන ගේම ගැන අපි “මව්රට”ටම හෙළි කරන්නයි මේ සූදානම.
අජිත් මොකක්ද මේ අන්තර්ජාලයේ සැරිසරන කතාව?
අනේ ඔය බොරු. මම කියපු නැති දේවල් අමුණලා “යූ-ටියුබ්” චැනල් හිට් කරගන්න දාන දේවල් තමයි ඕවා. මම එහෙම කිසිම මාධ්‍ය ආයතනයකට බැණලා නැහැ. මගෙනුත් ගොඩ දෙනෙක් ඔය ගැන ඇහුවා. එයාලට මම කිවුවෙත් මේ කියපු ටිකම තමා.
ඇත්තටම සුපර්ස්ටාර් වෙලත් අජිත්ගේ නිර්මාණ සමහර නාලිකාවල දකින්න ලැබෙන්නෙ නැහැ නේද?
ඒක මට හිතාගන්නත් බැහැ. ඉතින් මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නැහැ. සිරස නාලිකාව මගේ මහගෙදර වගේ.
මගේ නිර්මාණ කරපු අධ්‍යක්ෂවරුත් නාලිකාවලට අරගෙන ගිහින් තියෙනවා. එතකොට තමයි කියලා තියෙන්නේ සිරස සුපර්ස්ටාර් ආපු අජිත් බණ්ඩාරගේ නේද කියලා. ඒ නිසා මගේ නිර්මාණ ප්‍රචාරය කරලා නැහැ. ඇයි මෙහෙම වර්ගීකරණයක් කරන්නේ? මේ දේ වෙන්නේ මට විතරද කියලා වෙලාවකට හිතෙනවා.
පසුගිය දවස්වල රටේ තිබුණු තත්ත්වය එක්ක ප්‍රසංග අඩුයි නේද?
ඔව්. ප්‍රසංගවලින් දහස් ගණනක් ජීවත් වුණා. බුලත්විට විකුණපු කෙනා පවා අද අසරණ වෙලා. මොකද සංවිධායකවරු ඉදිරිපත් වෙන්නැහැ ප්‍රසංග පැවැත්වීමටම. මොකද තවමත් විමසිලිමත්ව සියලුම දෙනා වැඩ කරන නිසා. පසුගියදා කුවේට් ප්‍රසංගයකට සහභාගි වෙලා මම ආවේ. ආර්ථික පැත්තෙන් අපි සියලුම දෙනා අසරණයි.
එක රැයකින් බිහිවෙන තරු අද රියැලිටි තරග විනිශ්චය කරනවා. ඒත් තවම අජිත් බණ්ඩාරව දැක්කෙ නැහැ?
ඇත්තටම මට සිරස නාලිකාවෙන් රියැලිටි වැඩසටහන් කිහිපයකටම ආරාධනා කළා. ඒත් මම සහභාගි වුණේ නැහැ. මගේ පෞද්ගලික හේතූන් මත මට ආරාධනා බාරගන්න බැරි වුණා. ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
තාත්තයි, දුවයි දැන් සුපර්ස්ටාර් කිරුල දිනාගෙන හමාරයි. හැබැයි දුවගේ කිරුළට වැඩිය අජිත් පේන්න හිටියෙ නැත්තේ ඇයි?
ඇත්තටම මට ඕනා කළේ මගේ දුවගේ දක්ෂතාවයෙන් ඉදිරියට යවන්න. මගේ දුව සත්සරි චංචලා හිරු සුපර් හීරෝ වැඩසටහනේ හොඳම නිළිය වුණා. එය මටත් සතුටක්. හැබැයි දුව තරගවලට සහභාගි වෙද්දි මම නොගියෙ ඊට පස්සෙ කියයි මගේ දැනහැඳුනුම්කමට මගේ දුව දිනුවා කියයි කියලා. ඉතින් මගේ බිරියව තමයි මම යොමු කළේ. අවසාන දවසේ තමයි මම සහභාගි වුණේ.
පසුගිය දවසක අජිත්ට රංගන වරම් හිමි වුණා කියලා ආරංචියි. සින්දු කියලා ඉවරද දැන්?
අපෝ පිස්සුද. මට රඟපාන්න බැහැ. මම කැමතිත් නැහැ. මට ටෙලි නාට්‍යයකින් ආරාධනාවක් ලැබුණා. මම කිව්වේ මට නම් බැහැ කැමති නම් දුව සම්බන්ධ කරන්නම් කියලා.
අජිත් බණ්ඩාර ගින්දර වැඩක් කරන්න යන කතාව මොකක්ද?
කාලෙක ඉඳලා මට නිර්මාණයක් කරන්න බැරි වුණා. ඉතින් මගේ නිර්මාණ ගොඩාක් තියෙනවා කරපුවා. සමහර නාලිකාවල මට දොර විවර කරන්නැහැ. මම අහසින් කඩාපාත් වුණේ නැහැ. මම ලොකු කට්ටක් කළා ආපු ගමනක් මේක. මගේ රසිකයෝ මට ආදරය කළා. ඔවුන් මට ශක්තියක් වුණා. ඉතින් මම හිතුවා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. මගේ “යූ-ටියුබ්” නාලිකාවෙන් මගේ නිර්මාණ මම එළියට දාන්න තීරණය කළා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දැන් සේරම ක්ෂණික නූල්ඩ්ස් වගේ

Next Post

කූඹියෝ ලෝකය අල්ලන මෙහෙයුමක

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.