• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කූඹියෝ ලෝකය අල්ලන මෙහෙයුමක

August 22, 2019
in Heart
Reading Time: 1 min read
A A
කූඹියෝ ලෝකය අල්ලන මෙහෙයුමක
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කරමින් පසුගිය වසරේ විකාශනය වූ කූඹියෝ පුංචි තිරය හරහා විප්ලවීය වෙනසක් කළා. එහෙත් කිසි කෙනකුට කූඹියෝ අනුකරණය කිරීමට නොහැකි වීමද පුදුමයකි. ඒ වගේම සම්මාන පිට සම්මාන ගත්ත කූඹියෝ ගැන අහන්න හොඳම කෙනා තමයි එහි නිෂ්පාදකවරයා. ඔහු අසංක දොඩම්තැන්න. අසංක දොඩම්තැන්න කියන්නේ වෙන කවුරුත් නොව අපේ කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් ලෙස කිරුළ දිනා සිටින තුමිඳු දොඩම්තැන්නගේ සහෝදරයා වීමද තවත් විශේෂත්වයකි. ඉතින් කූඹියෝ කරන්න හදන අලුත් පෙරළිය ගැන කියන්න තමයි අසංක පසුගියදා ලංකාවට ආපු සැනින් අපේ කාර්යාලයට ගොඩවැදුණේ.
අසංක හදිසියේම ලංකාවට ආවේ කලා ක්‍ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරන්න වගෙයි?
මම පුංචි මිනිහෙක්. එහෙම පෙරළියක් කරන්න බැහැ. හැබැයි කූඹියෝ පුංචි තිරේ ලොකු පෙරළියක් කළා. ඉතින් තවත් විවිධ මාධ්‍ය තිබෙනවා. වෙනසකටත් එක්ක අත්හදා බැලීමක් එක්ක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුණා. කූඹියෝ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා නැවත ලංකාවට ආවා.
අපිට ආරංචියි කූඹියෝ රිදී තිරයටත් රිංගන බවයි. ඇත්තද මේ කතාව?
කූඹියෝ කවදාවත් චිත්‍රපටයක් කරන්නැහැ. විවිධ අය මට ආරාධනා කළා කූඹියෝ නම යොදාගෙන නිර්මාණයක් කරමු කියලා. එකම දේ විවිධ මාධ්‍යවලින් පෙන්වන්න මම කැමැති නැහැ. “කූඹියෝ 2” ටෙලි නාට්‍යයක් විදිහට 2020 නැවත නිර්මාණය වෙයි. අපි මේ කරන්නේ කූඹියෝ කණ්ඩායමත් එක්ක වගේම අලුත් පිරිසකුත් එක්ක එකතුවෙලා වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයක්. කූඹියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගේ තිර රචනයක් වගේම ඔහුගේ අධ්‍යක්ෂණයක් තමයි මගේ කුළුඳුල් චිත්‍රපට නිෂ්පාදනයත්.
සිනමාව ගැන ලොකු හැදෑරීමක් නැතිව අත්දැකීමක් නැතුව බයක් හිතුණේ නැද්ද චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න?
මෙහෙමයි, කලාවේ හැදුණු වැඩුණු පිරිසක් එක්ක තමයි මම අදටත් ජීවත් වෙන්නේ. මම කරන නිර්මාණය ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉතින් මම බය නැහැ. දේශපාලන කඹ ඇදිලි මාෆියාවත් නැතුවා නෙවේ. ඒ නිසා බයක් නැතුවා නොවේ. නමුත් මම හිතන්නේ අපි මේ දූපතේ කොටුවිය යුතු නැහැ. දූපතෙන් එහාට තිබෙන ලෝකවලටත් නිර්මාණ කළ යුතුයි.
ග්ලෝබල් මාකට් එකත් එක්ක අපේ නිර්මාණ තරග කළ යුතුයි. මම මේ චිත්‍රපටයට යොදවන මුදල් ලංකාවෙ හොයන්න පුළුවන්. නමුත් ලංකාවේ අවදානාත්මක දේවල් අරගෙන එතැනින් එහාට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා පැවැත්විය යුතුයි. කූඹියෝ බංග්ලාදේශය, ඇමෙරිකාව, යුරෝපා රටවල ශ්‍රී ලංකා රසික රසිකාවියො රසවින්දා. එතැනින් එහාටත් මගේ නිර්මාණ පරිවර්තනය කරන්නයි අදහස. මිලියන 3කවත් රසික පිරිසක් අපේ නිර්මාණ රසවිඳින තත්ත්වයක් හදාගන්නයි මගේ උත්සාහය.
කොන් ආටිස්ලා කියලා ඔබ කූඹියෝ හරහා සමාජගත කළා. එය අදහස් කළොත්?
අපේ සමාජයේ වැඩි හරියක් ඉන්නේ කොන් ආටිස්ලා. අපේ සමාජය විතරක් නෙවේ දේශපාලනයත් එහෙමයි. හැබැයි ඊට වඩා එහා අපි දකින යථාර්ථය කූඹියෝ හරහා දැකපු කොන් ආටිස්ලා සමාජයේ දැක්කා. ජෙහාන් කරපු වැඩ සමහර අය කරන්න උත්සාහ කළා. තවත් සමහරු ජෙහාන් වෙන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කොන් ආටිස්ලා ඉන්න වැඩක් තමයි මගේ චිත්‍රපටය.
ඔබ නිර්මාණ කිරීමේදී එක රාමුවක එකම අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කිරීමෙන් කොටුවීමක් සිදුවෙනවා කියලා හිතෙන්නැද්ද?
මෙහෙමයි. මම එහෙම කොටුවෙලා නැහැ. ලක්මාල් මගේ කූඹියෝ ටෙලිනාට්‍ය කළා. ඒ අතර බැඳුණු සහෝදරත්වය, සුහදත්වය මට වටිනවා. අලුත් පිරිසක් එක්ක වැඩ කරනවාට වඩා එය පහසුයි. අලුත් පිරිස එක්ක වැඩ කරන්නැහැ කියලා මම කියන්නේ නැහැ. ඉතින් මම ලක්මාල්ව දැනහඳුනා ගත්තේ මගේ මල්ලි තුමිඳු හරහා. ලක්මාල්ගේ දැකපු දක්ෂතාව නිසා මට හිතුණා ඔහු එක්ක චිත්‍රපටයක් කරන්න. ලක්මාල් මට පිටපත ලියලා දුන්නාට පසු මම හිතුවා කූඹියෝ වගේ හොඳ වැඩක් නිසා ඔහු එක්ක මේ වැඩෙත් කරන්න ඕනෙ කියලා.
තුමිඳු දොඩම්තැන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔබේ සහෝදරයා එක්ක වැඩක් කරන්න අදහසක් නැතිද?
අයියයි, මල්ලියි එකතුවෙලා වැඩක් කරනකොට පහසුවක් තිබෙනවා. මගෙත් ලොකු ආශාවක් තිබෙනවා. මමත් කලාවේ හැදුණු වැඩුණු කෙනෙක්. ඒ ඇතිවුණු ආශාවත් එක්ක මම මල්ලිට කිව්වා නිර්මාණයක් කරන්න ආශාවක් තිබෙන බව. මම කලින් කිව්වා වගේ මට මල්ලි තමයි ලක්මාල්ව හඳුන්වලා දුන්නේ. ඉතින් මල්ලි හිතනවා ඇති තවම නිර්මාණයක් කරන්න සුදුසුම කාලයක් නෙවේ කියලා. සමහර විට ඔහුට දැනුම නැති වෙන්නත් පුළුවන් අධ්‍යක්‍ෂණය ගැන. ඉතින් මල්ලි දෙයක් කරමු කියපු දාට අපි දෙන්නා එකතුවෙලා වැඩක් කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කැපිලි කෙටිලි අතරින් නැගිටින අජිත්

Next Post

මම තමයි ඇහැළේපොළ නිලමේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.