• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අයිවෝ ආයෙත් එනවා

September 9, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

බේස් ගිටාරය ගැන අහලා තියෙන කවුරු හරි ඉන්නව නම් අයිවෝ ඩි මෙල් කියන නමත් ඒ එක්කම අහලා තියෙනවා. මොකද අයිවෝ ඩි මෙල් ගැන කතා නොකර ලංකාවේ අපට බේස් ගිටාරය ගැන කතාකරන්න බැහැ. බේස් ගිටාරයකින් කරන්න පුළුවන් මොකක්ද කියන එක අපේ මිනිසුන්ට පෙන්නුවේ අයිවෝ. 90 දශකයේදී සන්ෆ්ල්වර් සංගීත කණ්ඩායම සිදුකරපු දැවැන්ත පෙරළිය එක්කම තමයි අයිවෝ එළියට එන්නේ. හැබැයි මේ හැමදේම එක්ක ලංකාවේ කණ්ඩායම් සංගීතයට ප්‍රිය කරන ගොඩක් ආදරය කරපු චරිතයක් වුණු අයිවෝ හිටිගමන් අතුරුදන් වෙනවා. ඊට පස්සේ අපි ලංකාවේ ප්‍රසංග වේදිකාවෙදි අයිවෝව දැක්කේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් සමුඅරගෙන විදේශ රටක පදිංචියට ගිය අයිවෝ ඩි මෙල් මේ වෙද්දි නැවත ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම පැරැණි සන්ෆ්ල්වර් සාමාජිකයෝ එකතු වෙලා අලුත් වැඩක් කරන්නත් මේ දවස්වල ලෑස්ති වෙනවා. මේ හැම දෙයක් ගැනම, අයිවෝ Jpromo 2019 යූටියුබ් චැනල් එකත් එක්ක විස්තර කියනවා.

කොහොමද අයිවෝ ඩි මෙල් බීට් බෑන්ඞ් කලාවට යොමු වුණේ?
මම ඉස්කෝලෙ යන කාලෙම තමයි යාළුවෝ එක්ක පොඩියට බෑන්ඞ් එකක් පටන් ගත්තේ. ඒක හරි ක්‍රමයට කරපු එකක් නෙවෙයි. මියුසික් අත ගාගෙන එන කාලෙනේ.
එතකොට ගිටාර් එකක් අරන් අයිවෝ ස්ටේජ් එකකට නැග්ගේ කොයි කාලෙද? මතකද ඒ අතීතය?
මුලින්ම යාළුවෝ එක්ක උපන්දින සාදවල තමයි මම ගිටාර් එක ප්ලේ කළේ. ඒ හරහා තව තව සංගීතය කරන අය අඳුරගෙන ඒ ගමන ටික ටික ඉස්සරහට ගියා.
අයිවෝ ඩි මෙල් ගැන කතා කරද්දි සන්ෆ්ලවර් ගැන කතා නොකර බැහැ. අපි කතා කරමු ඒ ගැන?
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට නිල වශයෙන් සම්බන්ධ වෙන්න කලිනුත් මම ඒගොල්ලෝ එක්ක එකට ප්ලේ කරලා තියෙනවා. ඒ හරහා තමයි මට සන්ෆ්ලවර් සංගීත කණ්ඩායටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ විදියට සම්බන්ධ වුණු මම සන්ෆ්ලවර් එක්ක අවුරුදු 23ක්ම හිටියා.
අවුරුදු 23ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. හැබැයි අවුරුදු 23කට පස්සේ සන්ෆ්ලවර් හැර යන්න අයිවෝ තීරණය කරනවා. කොහොමද ඒ වගේ තීරණයක් ගත්තේ. ඇත්තටම ඒ වෙලාවේ දුක හිතුණේ නැද්ද?
මෙහෙමයි ඕනෙම දෙයක කාලයක් නිරත වෙලා ඉන්නකොට වෙනසක් තිබුණොතින් හොඳයි කියන අදහස හැමෝටම එනවා. ඒ වැඬේ තව දුරටත් ඒ වගේම කරගෙන යන්න අමාරුයි කියන හැඟීමක් හිතට එනවා. සන්ෆ්ලවර් එක්ක වැඩ කළා ඇතියි කියලා මට හිතුණා. ඉතිං මම ඒ තීරණය ගත්තා.
හැබැයි අයිවෝ ඩි මෙල් සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත්කළා කියලා තමයි ඒ දවස්වල ගොඩදෙනෙක් කතා කළේ. ඇත්තටම වුණේ ඒකමද?
නැහැ නැහැ. ඒක ඉවත්වීමක්වත් ඉවත් කිරීමක්වත් නෙවෙයි. මම වෙනත් රටක පදිංචියට යන්න තීරණය කළා. ඒ හින්දා සන්ෆ්ලවර් එකෙන් අයින් වෙන්න මට සිද්ධ වුණා. ඒක කණ්ඩායමේ හැමෝම එක්ක කතා කරලා බොහොම සුහද විදියට ගත්ත තීරණයක්. එදා වගේම අදටත් අපි හැමෝම හොඳ යාළුවෝ. ප්‍රශ්න තිබුණා නම් එහෙම ඉන්න බැහැනේ. ඒ යාළුකම අදටත් ඒ විදියටම තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර හිටිය කට්ටිය නැවත එකතුවෙලා ඉදිරියේදී සන්ෆ්ලවර් නමින් ප්‍රසංගයක් රසිකයන්ට තිළිණ කරන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් අපි අතරේ ප්‍රශ්න තිබුණා නම් එහෙම කරන්න බැහැනේ.
ඒත් හිටි හැටියේ අයිවෝ සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත්වීම ඒ දවස්වල ලොකු කතාබහක් ඇති කළා. ලංකාවෙන් යන්න අයින් වුණා නම් ඇයි අයිවෝ ඒ එක්කම ෆ්ලෑෂ්බැක් එක්ක එකතු වෙන්නේ?
ඒක වුණේ මෙහෙමයි. මම සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත්වෙලා වීසා ලැබෙන තුරු ටික කාලයක් ලංකාවේ හිටියා. ඒ වෙලාවේ තමයි ෆ්ලෑෂ් බැක් එකේ රොෂාන් ප්‍රනාන්දු ඒ ටික කාලයට ඒගොල්ලෝ එක්ක එකතු වෙන්න කියලා මට ආරාධනා කළේ. මම ඒ අය එක්ක ඉන්නේ ඉතාම සුළු කාලයක් විතරයි කියන එක ඒ ආරාධනාව කරද්දිම රොෂාන් දැනගෙන හිටියා. ඒකත් බොහොම සුහදව කතාබහ කරලා ගත් තීරණයක්.
සංගීතයේ නිරත වෙලා ඉන්න කාලේ අභියෝගයක් එල්ල වුණු වෙනත් කණ්ඩායම්, වෙනත් ශිල්පීන් හිටියද?
නැහැ. මට එහෙම අභියෝගයක් තිබුණේ නැහැ. මොකද අනෙක් අයට වඩා වෙනස්ම ස්ටයිල් එකක් තමයි මම අනුගමනය කළේ. ඒ හින්දා මට කාගෙන්වත් අභියෝගයක් තිබුණේ නැහැ.
සන්ෆ්ලවර්ස් කියන්නේ වෙනස්ම දෙයක්. වෙනස්ම ශබ්දයක්. අයිවෝ ඒක පැහැදිලි කරන්නේ කොහොමද?
සන්ෆ්ලවර් කියන්නේ හරිම පැහැදිලි ශබ්දයක්. ඒක ඝෝෂාකාරී නැහැ. ඒ ශබ්දයට ආස කරන ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. අනෙක් එක එක්කෙනාගේ ආශාවන් වෙනස් නේ. ඒ හින්දා සන්ෆ්ලවර් ශබ්දයට ආශා නොකරන අයත් ඉන්න පුළුවන්.
ඒ කාලේ මතක එක්ක අයිවෝ මේ කාලේ දකින්නේ කොහොමද?
දැන් වෙනස්ම රැල්ලක් තමයි දකින්න තියෙන්නේ. කොහොමත් අපි හැමෝම කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනේ. දැන් කවුරු හරි මට එස්.එම්.එස්. එකක් එව්වොත් එයාට මම ලියුමක් යවලා හරියන්නේ නැහැනේ. ඒ වගේ කාලෙත් එක්ක ඒ වෙනස ඇති කර ගන්න ඕනේ.
ලංකාවේ වාදන ශිල්පියකුට තියෙන්නේ මොන වගේ තැනක්ද? වාදන ශිල්පියෙක් විදියට ඔබ කොහොමද ඒක දකින්නේ?
ඒක වාදකයා සතු දෙයක් විදියටයි මං දකින්නේ. මොකද වාදකයෙක් දක්ෂ නම් ඔහු හරියට වාදනය කරනවා නම්, වෙනස් විදියේ දෙයක් කරනවා නම් ඔහුට තැන ඉබේම හැදෙනවා. ඒක අමුතුවෙන් හදන්න ඕන වෙන්නේ නැහැ.
අපි ටිකක් පෞද්ගලික ජීවිතය ගැන කතාකරමු. ලංකාවේ මෙච්චර කාන්තාවන් ඉද්දි අයිවෝ පිටරටක කාන්තාවක් විවාහ කරගත්තේ ඇයි කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා?
හැම කෙනාටම දෛවය කියලා දෙයක් තියෙනවනේ. ඉතින් දෛවය අනුව අපිට ලැබෙන කෙනා කොහේ කෙනෙක්ද කියන එක කියන්න බැහැ. මගේ දෛවය අනුව මට හිමිවුණු කෙනා තමයි ඒ.
මේ තමයි අන්තිම ප්‍රශ්නය. අයිවෝ සංගීතය කරලා මොනවද ලබාගත්තේ?
ලබාගත්ත ගොඩක් දේවල් තියෙනවා. රසිකයන්ගේ ආදරය. ඒ වගේම ජීවිතය ගෙනියන්න පුළුවන් සාර්ථක ආර්ථික පසුබිමක් ලැබුණෙත් සංගීතය හින්දම තමයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇල්පිටිය ජන්දය නවතී?

Next Post

පක්ෂ සභාපතිකමින් කබීර් ඉවතට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.