ලබන ඔක්තෝම්බර් 11 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යාමේ ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
රජයේ ඉහළපෙළේ පාර්ශ්ව කිහිපයක් හා මැතිවරණ කොමිසම අතර පසුගිය දින කිහිපය ඇතුළත පැවැති සාකච්ජා වට කිහිපයකින් පසුව පාර්ශ්ව කිහිපයක් ඇල්පිටි ජන්දයට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමට සූදානමින් සිටීම මේ සඳහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඔවුන්ගේ තර්කය වී ඇත්තේ ඇල්පිටි ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ජනාධිපතිවරණය සඳහා අනිසි බලපෑමක් විය හැකි නිසා ජනාධිපතිවරණය පවත්වන දිනයේදීම ඇල්පිටි ප්‍රාදේශීය සභා මැතිවරණයද පැවැත්විය යුතු බවකි.
ඒ අනුව අදාළ පෙත්සම විනිශ්චය කිරීම සඳහා පූර්ණ බලැති විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීමටද එම පාර්ශ්වයන් තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසම සමග මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ජා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවක්ද දැනගන්නට ඇත.