බච්චන් පවුල කෙරෙහි සිනමාවට ළැදි ප්‍රේක්ෂකයන් දක්වන ගෞරවය අසීමිතය. එයට හේතූන් කිහිපයක්ම වේ. බච්චන්ලා දෙදරා ගිය පවුල් ජීවිතවලට උරුමකම් නොකීවද පුංචි පුංචි ආරවුල් තිබුණද ඒවා බත ඉදෙන මට්ටමට පමණක්ම තබා අමතකකොට දැමූ අමිතාබ් සහ අභිෂේක් තම බිරින්දෑවරුන්ට දෙවැනි කසාදයක් කරගැනීමට ඉඩ තැබුවේ නැත.
තවත් එක් කාරණයක් වන්නේ බච්චන්ලා ගාන්ධි පවුල සමඟ තිබූ සමීපතම බැඳීමය. නුදුරු අතීතයේදී බච්චන් පවුල උතුරු ඉන්දීය ජනතාව අතර තවත් ජනාදරයට පත්වූ කාරණාව වූයේ සුරූපී ඓශ්වර්යා අභිෂේක් සමඟ අතිනත ගැනීමය.
බච්චන්ලා ගැන තොරතුරු දැන ගැනීමට ඔවුන් සිය සුපිරි මහල්වලින් බිමට බැස මාවතේ ඇවිද යනු දැකීමට සහ සැලියුට් එකක් ගසා සිනාසෙනු දැකීමට ඉන්දියානුවන්ට තිබෙන උමතුව ඔවුන්ගේ ලේවලින්ම ආ එකකි.
බඩ පිපුමේ රෝගයට මැදිව පීඩා විඳිමින් සිටි ඓශ්වර්යාගේ කුසෙහි පිම්බුනු ස්වභාවය දැක ඈ දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන බව පතුරුවමින් ඔවුන් සමාජ ජාල වෙබ් අඩවි හරහා විශාල අඩව්වක් ඇල්ලුවේද එනිසාය.
බච්චන් පවුලේ කිසිවකු ඒ ඕපාදූපයට විරුද්ධව එක් වචනයක් හෝ කීවේ නැත. ආඩම්බර ගතියක් ප්‍රකට කළද බච්චන් පවුල ප්‍රේක්ෂකයාව තුට්ටුවට දැමුවේ නැත. එලෙසම ඔවුන් දිළිඳු බවෙන් පීඩා විඳින ඉන්දීය ජනතාවගේ දුක තුනීකර දමන්නට සමහර අවස්ථාවල ඉදිරිපත් වූයේ සද්භාවයෙනි.
බච්චන්ලා තවමත් ජනප්‍රිය යන අකුරු හතර මත රැඳී සිටින්නේද ඒ ළෙංගතු සංවේදී පැවැත්ම නිසාය. සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔවුන් එක්කරන පෝස්ට්වලට දහස් ගණන් ලයික් වැටෙන්නේද එනිසාය.
පසුගිය සති කිහිපය තුළ බච්චන් පවුල ගැන බොහෝ උණුසුම් පුවත් දස දහස් ගණන් ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත (ලයික්) සහ ‘වාව්’ සංකේත මැද ඔවුන්ව අලුතින් ජනප්‍රිය කොට තිබිණි. එහි ප්‍රධානතම පුවත වූයේ අමිතාබ් බච්චන් බිහාර්හි ගොවීන්ට සිය ණයතුරුස් ගෙවන්නට ඉදිරිපත් වූ සංවේදී පියවරය.
.දඔි. සැලසුම් ක්‍රමය හරහා බිහාර්හි ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්නයකට පිහිට වීමට අමිතාබ් ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. ඒ සඳහා ඡායා සේම අභිෂේක්ද බොහෝ වෙහෙස වී කටයුතු කළ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ණය බරින් නිදහස් වීමේ සුගතියට පත් ගොවීන් අමිතාබ්ගේ දෙපා වැඳීම සඳහා කොන්ද නැමුවේ ලයික් දැමීමට සහ වෙනත් ආකාරයේ ප්‍රතිචාර දැක්වීමට අන්තර්ජාල පහසුකම් නැති නිසාය. ඒ අතර පසුගිය ජුනි මාසයේ 12 වැනිදා ඡායා බච්චන් සිය උපන් දිනය සැමරුවාය. ඇතෙක් බරට ‘තෑගි’ ලද ඡායා බච්චන් ඒ සියලුම තෑගිවලට වඩා ප්‍රිය කළේ ඓෂ්වර්යා දුන් උපන් දින සැමරුමටය.
එම සැමරුමෙහි වූයේ පුංචි ආරාධ්‍යා සමඟ එක්ව ඓෂ්වර්යා තැනූ සේයාරූ එකතුවකි. අභිෂේක්ගේ කුඩා කාලයේ සිට මනාලියක ලෙස තමා බච්චන් මැදුරට පැමිණෙන තෙක්ම වූ මතක සැමරුම් එහි විය. ඡායා ඉතාම තදින් සිය ලේලිය වැළඳ ගත්තේ දෙනෙතෙහි කඳුළු සහ සිත පිරි සතුට සමඟය.
බචචන් පවුල සමග නිතර නම නොකියවුණද, අමිතාබ්ගේ එකම දූ සිඟිත්තා ‘ස්වේතා නන්ද’ ජුනි මාසයේ අවසානයත් සමඟම සිය විලාසිතා මුද්‍රාවක් එළිදැක්වූවාය. එය දොරට වඩිනදා මුළු බච්චන් පවුල ඇතුළු පුංචි ආරාධ්‍යාද එයට සහභාගි වී සිටියහ. උත්සව අවස්ථාව නිමවීමෙන් පසුව පවුලේ සේයාරුවක් වෙනුවෙන් සියල්ලන් කලකට පසු එක්විය.
එය පරම්පරා තුනක් නියෝජනයක් කරමින් නිකිල් නන්දා සහ ආරාධ්‍යා බච්චන් අතරට එක්විය. සේයාරුව සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යන විට එයට ලැබුණු ලයික් ගණන පුදුමාකාර විය. ඒ තරමට එය ගෞරවනීය මට්ටමේ ලස්සන පෙනුමකින් සමන්විතව තිබිණි.
අලුත් විලාසිතාවකට අනුව සිරුරට මදක් තෙරපී ගිය අන්දමේ අලංකාර ඇඳුමකින් සැරසුණු ඓෂ්වර්යා මෑතදී තම සේයාරුවක් සිය ට්විටර් ගිණුමෙහි පළකළාය. ඒ සමඟම ආරාධ්‍යා සහ අභිෂේක් සමග වෙන් වශයෙන් දැඩිව සමීපව සිටින සේයාරූ කිහිපයක් පෙළට එක්විය. අවසානයේ ඓෂ්වර්යා ‘මා සතු සියල්ල ඔබයි’ යනුවෙන්ද එහි ආදරණීය සටහනක් තැබුවාය.
සොයාරූ පෙළ නිමවූයේ පුංචි පවුල මාලදිවයිනේ ගිය සංචාරයකිනි. අභිෂේක්ට එම පෝස්ටුව දැක ඇතිවූ ඇල්ම හෘදයාංගම විය. හෙතෙම,
“I Love u my lucky charms, good luck” යනුවෙන් සංවේදී පිළිතුරක් ඊට එක්කළාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු