• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අන්තර්ජාලය කළඹන බච්චන් උණුසුම

August 21, 2019
in Heart
Reading Time: 1 min read
A A
අන්තර්ජාලය කළඹන බච්චන් උණුසුම
Share on WhatsAppShare on Facebook

බච්චන් පවුල කෙරෙහි සිනමාවට ළැදි ප්‍රේක්ෂකයන් දක්වන ගෞරවය අසීමිතය. එයට හේතූන් කිහිපයක්ම වේ. බච්චන්ලා දෙදරා ගිය පවුල් ජීවිතවලට උරුමකම් නොකීවද පුංචි පුංචි ආරවුල් තිබුණද ඒවා බත ඉදෙන මට්ටමට පමණක්ම තබා අමතකකොට දැමූ අමිතාබ් සහ අභිෂේක් තම බිරින්දෑවරුන්ට දෙවැනි කසාදයක් කරගැනීමට ඉඩ තැබුවේ නැත.
තවත් එක් කාරණයක් වන්නේ බච්චන්ලා ගාන්ධි පවුල සමඟ තිබූ සමීපතම බැඳීමය. නුදුරු අතීතයේදී බච්චන් පවුල උතුරු ඉන්දීය ජනතාව අතර තවත් ජනාදරයට පත්වූ කාරණාව වූයේ සුරූපී ඓශ්වර්යා අභිෂේක් සමඟ අතිනත ගැනීමය.
බච්චන්ලා ගැන තොරතුරු දැන ගැනීමට ඔවුන් සිය සුපිරි මහල්වලින් බිමට බැස මාවතේ ඇවිද යනු දැකීමට සහ සැලියුට් එකක් ගසා සිනාසෙනු දැකීමට ඉන්දියානුවන්ට තිබෙන උමතුව ඔවුන්ගේ ලේවලින්ම ආ එකකි.
බඩ පිපුමේ රෝගයට මැදිව පීඩා විඳිමින් සිටි ඓශ්වර්යාගේ කුසෙහි පිම්බුනු ස්වභාවය දැක ඈ දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන බව පතුරුවමින් ඔවුන් සමාජ ජාල වෙබ් අඩවි හරහා විශාල අඩව්වක් ඇල්ලුවේද එනිසාය.
බච්චන් පවුලේ කිසිවකු ඒ ඕපාදූපයට විරුද්ධව එක් වචනයක් හෝ කීවේ නැත. ආඩම්බර ගතියක් ප්‍රකට කළද බච්චන් පවුල ප්‍රේක්ෂකයාව තුට්ටුවට දැමුවේ නැත. එලෙසම ඔවුන් දිළිඳු බවෙන් පීඩා විඳින ඉන්දීය ජනතාවගේ දුක තුනීකර දමන්නට සමහර අවස්ථාවල ඉදිරිපත් වූයේ සද්භාවයෙනි.
බච්චන්ලා තවමත් ජනප්‍රිය යන අකුරු හතර මත රැඳී සිටින්නේද ඒ ළෙංගතු සංවේදී පැවැත්ම නිසාය. සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔවුන් එක්කරන පෝස්ට්වලට දහස් ගණන් ලයික් වැටෙන්නේද එනිසාය.
පසුගිය සති කිහිපය තුළ බච්චන් පවුල ගැන බොහෝ උණුසුම් පුවත් දස දහස් ගණන් ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත (ලයික්) සහ ‘වාව්’ සංකේත මැද ඔවුන්ව අලුතින් ජනප්‍රිය කොට තිබිණි. එහි ප්‍රධානතම පුවත වූයේ අමිතාබ් බච්චන් බිහාර්හි ගොවීන්ට සිය ණයතුරුස් ගෙවන්නට ඉදිරිපත් වූ සංවේදී පියවරය.
.දඔි. සැලසුම් ක්‍රමය හරහා බිහාර්හි ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්නයකට පිහිට වීමට අමිතාබ් ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. ඒ සඳහා ඡායා සේම අභිෂේක්ද බොහෝ වෙහෙස වී කටයුතු කළ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ණය බරින් නිදහස් වීමේ සුගතියට පත් ගොවීන් අමිතාබ්ගේ දෙපා වැඳීම සඳහා කොන්ද නැමුවේ ලයික් දැමීමට සහ වෙනත් ආකාරයේ ප්‍රතිචාර දැක්වීමට අන්තර්ජාල පහසුකම් නැති නිසාය. ඒ අතර පසුගිය ජුනි මාසයේ 12 වැනිදා ඡායා බච්චන් සිය උපන් දිනය සැමරුවාය. ඇතෙක් බරට ‘තෑගි’ ලද ඡායා බච්චන් ඒ සියලුම තෑගිවලට වඩා ප්‍රිය කළේ ඓෂ්වර්යා දුන් උපන් දින සැමරුමටය.
එම සැමරුමෙහි වූයේ පුංචි ආරාධ්‍යා සමඟ එක්ව ඓෂ්වර්යා තැනූ සේයාරූ එකතුවකි. අභිෂේක්ගේ කුඩා කාලයේ සිට මනාලියක ලෙස තමා බච්චන් මැදුරට පැමිණෙන තෙක්ම වූ මතක සැමරුම් එහි විය. ඡායා ඉතාම තදින් සිය ලේලිය වැළඳ ගත්තේ දෙනෙතෙහි කඳුළු සහ සිත පිරි සතුට සමඟය.
බචචන් පවුල සමග නිතර නම නොකියවුණද, අමිතාබ්ගේ එකම දූ සිඟිත්තා ‘ස්වේතා නන්ද’ ජුනි මාසයේ අවසානයත් සමඟම සිය විලාසිතා මුද්‍රාවක් එළිදැක්වූවාය. එය දොරට වඩිනදා මුළු බච්චන් පවුල ඇතුළු පුංචි ආරාධ්‍යාද එයට සහභාගි වී සිටියහ. උත්සව අවස්ථාව නිමවීමෙන් පසුව පවුලේ සේයාරුවක් වෙනුවෙන් සියල්ලන් කලකට පසු එක්විය.
එය පරම්පරා තුනක් නියෝජනයක් කරමින් නිකිල් නන්දා සහ ආරාධ්‍යා බච්චන් අතරට එක්විය. සේයාරුව සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යන විට එයට ලැබුණු ලයික් ගණන පුදුමාකාර විය. ඒ තරමට එය ගෞරවනීය මට්ටමේ ලස්සන පෙනුමකින් සමන්විතව තිබිණි.
අලුත් විලාසිතාවකට අනුව සිරුරට මදක් තෙරපී ගිය අන්දමේ අලංකාර ඇඳුමකින් සැරසුණු ඓෂ්වර්යා මෑතදී තම සේයාරුවක් සිය ට්විටර් ගිණුමෙහි පළකළාය. ඒ සමඟම ආරාධ්‍යා සහ අභිෂේක් සමග වෙන් වශයෙන් දැඩිව සමීපව සිටින සේයාරූ කිහිපයක් පෙළට එක්විය. අවසානයේ ඓෂ්වර්යා ‘මා සතු සියල්ල ඔබයි’ යනුවෙන්ද එහි ආදරණීය සටහනක් තැබුවාය.
සොයාරූ පෙළ නිමවූයේ පුංචි පවුල මාලදිවයිනේ ගිය සංචාරයකිනි. අභිෂේක්ට එම පෝස්ටුව දැක ඇතිවූ ඇල්ම හෘදයාංගම විය. හෙතෙම,
“I Love u my lucky charms, good luck” යනුවෙන් සංවේදී පිළිතුරක් ඊට එක්කළාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලෝකයේ ළාබාලතම කෝටිපතිනිය

Next Post

චම්පික කරුව එළියට අරන් එයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.