ජනාධිපතිවරණයේ එක්සත් ජාතික අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම විශාල ලෙස කියවුණද තිරය පිටුපස කියවෙන චරිතය වන්නේ කතානායක කරු ජයසූරිය මහතාගේ නමය.
විශේෂයෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන පාඨලිී චම්පික රණවක මහතා කියන්නේද අපේක්ෂකත්වය සදහා නියම සුදුස්සා කරු ජයසූරිය මහා බවත්, රටේ සියලුම පාර්ශ්වයන් ඒක්රැස් කිරීමේ හැකියාව ඒ මහතාට පවතින බවත්ය.
ඒ් බව සනාථ කරමින්දෝ පාඨලී චම්පික මහතා සිය ජායාරූප ප්‍රදර්ශනයේ බදාදා දින විවෘත කිරීම සදහා ආරාධනා කරනු ලැබුවේ කරු ජයසූරිය මහතාටය.
කතානායකවරයා පසුගිය කාලය පුරා ආගමික කටයුතු සදහා පමණක් සහභාගි වුවද මෙවර චම්පිකගේ ජායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණ ඉගි කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක්ද?