රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල්ගේ උපන්දින සාදය තමයි පසුගිය දවස්වල ලංකාවේ ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා තිබුණේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි සාදයක් වුණු චන්දිමාල්ගේ උපන්දින සාදය අතරේ සිද්ධ වුණු දේවල් තාමත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. මේ වගේ උපන්දින සාද ලංකාවට ටිකක් අලුත්. ඒ හින්දයි මෙහෙම දෙයක් දැක්කම ඒ ගැන හැමෝම කතා කරන්නේ.
චන්දිමාල්ගේ උපන් දිනය ගැන ලංකාවේ අය කතා කරද්දී මුළු ලෝකයේම අවධානය යොමු වුණු තවත් උපන්දින සාදයක් ඉතාලියේදී පැවැත්වුණා. ඉතාලියේ පෞද්ගලික සමාගමකට අයත් නැවක් තුළ තමයි මේ සාදය පැවැත්වුණේ. රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වියදම් කරමින් පැවැත්වුණු මේ සාදයේ හිමිකාරිය තමයි කයිලි ජෙනර්. තවමත් 22 හැවිරිදි කයිලි තමයි මේ වන විට ලෝකයේ ළාබාලම කෝටිපතිනිය විදියට සැලකෙන්නේ.
මුදල් හම්බකරන්න වගේම වියදම් කරන්නත් එක වගේම සමත් කයිලිගේ උපන්දින සාදයට ඇයගේ පවුලේ හිතවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා ඇයගේ මව වන 62 හැවිරිදි ක්‍රිස් ජෙනර් සහභාගි වීමත් විශේෂයි.