මිනිස් සන්තානයේ ඇති අඳුරු බලවේග දුරු කොට යහපත් බලාපොරොත්තු ගෙන එමින් අප ජීවිතයට නැවුම් පරිවර්තනයක් එක් කරන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය බලය ලොවට ප්‍රකාශ කෙරෙන දිනයක් ලෙස ‘පාස්කු දිනය’ හැඳින්විය හැකි ය.Sri Lanka Latest News
සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය වෙනුවෙන් තම දිවියම කැප කළ ජේසුස් වහන්සේ මරණයට පත් කළ ද, එකී මරණය පරාජය කරමින්, නැවත උත්ථානය වෙමින් ලොවට ගෙන ආ විමුක්තිදායක පණිවුඩය සිහිපත් කරන පාස්කු දිනය දා බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක්ෂා භංගත්වය තුරන් කිරීමේ පණිවිඩය ලොවට ම ගෙන යයි.
මීට පස් වසරකට පෙර පාස්කු ඉරිදාවක මෙරට දේවස්ථාන 03ක් ඇතුළු ස්ථාන 08ක් එල්ල කර ගෙන සිදු වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය හමුවේ සිය ජීවිතය, පවුල, ඥාති හිතමිත්‍රාදීන් අහිමි කර ගනිමින් ලැබූ වේදනාව අපට කිසිදා අමතක කළ නොහැක. මෙකී වින්දිතයන්ට යුක්තිය, සාධාරණත්වය ඉටු කරනවා යැයි බලයට පැමිණි පාර්ශ්වයෙන් වසර 5ක් ගත වී ඇති මුත් කිසිඳු සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කම්පා වීමු.
මේ මිලේච්ඡ ප්‍රහාරය නිසා සමීපතමයන් අහිමි වීමේ වේදනාව කිසිදා අමතක කළ නොහැක. ඔවුන්ට නිවැරැදි යුක්තිය ඉටු විය යුතු ය. එය අපේ ඒකායන අභිලාෂය යි. ආගමික ශ්රද්ධාවත්, ප්‍රේමයත් වපුරපු තැනට පාපය ගෙන ආ අමනුෂ්‍යයන්ට නිසි දඬුවම් ලැබී නැවතත් දිනක ප්‍රේමය උත්ථානය වනු ඇති බව අපගේ විශ්වාසය යි.
සකල ලෝකවාසී කිතුණු බැතිමතුන්ට ප්‍රේමණීය පාස්කු මංගල්‍යයක් වේවා
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
විපක්ෂ නායක