• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සසුන කලකිරිලා ගිහිගෙට එන මහණවුණු මහත්තුරු! Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රබල දේශපාලකයෙක්ලු. ඔහු මේ ගැන කියලා තියෙන්නෙ බෞද්ධ විශ්වවිද්‍යාලයකදීලු. ඉතින් මේ විදියට සිවුරු අරින්න හේතුව ආර්ථික ප්‍රශ්නලු. එතකොට භික්ෂුන් වහන්සේලා ආර්ථික ප්‍රශ්න නිසා සිවුරු අරිනවා කියලා කියන්නේ ඒගොල්ලෝ පැවිදි වෙලා ඉඳලා උපැවිදි වෙනවා. අපි අහලා තියෙන්නේ සංසාරය පිළිබඳ කලකිරිලා සසුන්ගත වෙනවා කියලා. දැන් මේ වෙන්නේ සසුන ගැන කලකිරිලා සංසාරගත වෙන එක. ජීවිතේ ගැන කලකිරුණම මහණ වෙන අය මහණ වෙන එක ගැන කලකිරුණම ඊළඟට කරන්නේ මොකක්ද? මේ පියවර ගැන ඇත්තටම ලෝකේ කවදාවත් මීට පෙර සාකච්ඡා වෙලා නෑ. මේ අයට සිද්ධ වෙන්නේ ආර්ථික අපහසුතා නිසා සිවුර ගලවලා තියලා ආයෙත් ගිහියෙක් බවට පත්වෙන්නලු. එතකොට මේක බුදුරජාණන් වහන්සේ තේරුම් අරගන්නේ කොහොමද? රාජ්‍යත්වය හිමිවෙලා තිබුණු සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ රජ ඇඳුම් ඔටුනු සියල්ල ගළවලා තියලා කන්ථක අසු පිටින් නේරංජනාවට ගිහිල්ලා එතැනින් එගොඩ වෙලා කසාවත් පොරවාගෙන හිස කෙස් කපලා දාලා ගහක් මුල ඉඳගෙන භාවනා කරනවා. ඉන් පස්සේ සියලු රාජ්‍ය අනුග්‍රහයන් අතහැරලා දාලා උන්වහන්සේ තමන්ගේ ජීවිතේ ගතකරනවා. හැබැයි ඒ යන අතරතුරේදී රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් බොහෝ දේවල් උන්වහන්සේට පූජා කරන බව ඇත්ත. නමුත් මේ කතන්දරේ ඇතුළේ අපට පැහැදිලි වෙන දේ තමයි බුදුරජාණන්වහන්සේ සියල්ල අතහැරපු තැන අපේ මිනිස්සු සියල්ල රැස්කරන බව. (Sri Lanka Latest News)

භික්ෂුන්වහන්සේලාට මොනවද තියෙන මේ ආර්ථික අපහසුතා? ඒක පුදුමාකාර ප්‍රශ්නයක්. අපි දන්න තරමට භික්ෂුන්වහන්සේලා කියලා කියන්නේ සිවුපසයෙන් උපස්ථාන ලබන පිරිසක්. සිවුපසයෙන් කියලා කියන්නේ දානමාන ආදිය උන්වහන්සේලාට ලැබෙනවා. ආහාර ටික නිසි ආකාරව පිළිවෙළට අවශ්‍ය විදියට පන්සලකට ලැබෙන පිළිවෙළක් ලංකාවේ තියෙනවා. එහෙම පිළිවෙළකට නොලැබෙන පන්සල් ලංකාවේ තියෙනවා නම් ඇත්තේ ඉතාම අතළොස්සක් විතරයි. ඒ කීපයට වුණත් මොකක් හරි වැඩපිළිවෙළක් හදන්න බෞද්ධයෝ කොහොමත් සූදානම්. ඊළඟට උන්වහන්සේලා ගිලන් වුණාම උපස්ථාන කිරීම සඳහා සමහර වෙලාවට සමහර ස්ථාන සූදානම් කරලා තියෙනවා. ගිලානෝපස්ථාන වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ වගේම භික්ෂුවක් ගිලන් වුණාම ඒ විහාරස්ථානයේ දායක සභාව හෝ අදාළ දායකයන් විසින් උන්වහන්සේලාට ඇපඋපස්ථාන කිරීමේ පිළිවෙළක් පවත්වාගෙන යනවා. ඒ නිසා ඒ ගැන කිසි ගැටලුවක් ඇති කියලා අපි විශ්වාස කරන්නේ නෑ. උන්වහන්සේලාට ගමන් බිමන් යන්න අවශ්‍ය කරන පහසුකම් එදාට වඩා අද අවශ්‍යයි. එදා නම් තල් අත්තක් ඉහළගෙන පයින් ගමන් ඇවිත් ගියා. එදා සාමාන්‍ය ගැමියා ගමන් ගියේ පයින්. ඒ නිසා ගමේ පන්සලේ කරත්තයක් තිබුණා නම් ඒ කරත්තයෙන් දුර ගමනකට උන්වහන්සේව වැඩමවන්න ගමේ මිනිස්සු ලෑස්ති වෙලා හිටියා. අද නම් පන්සල්වලින් 90%කම මොකක් හෝ වාහනයක් තිබෙනවා. සමහර භික්ෂුන් වහන්සේලාට තියෙන වාහන සාමාන්‍ය ගිහියට තියෙන වාහනවලට වඩා සුඛෝපභෝගී ඒවා. අපි ඒක නරක දෙයක් කියනවාවත්, ඒක අභියෝගයට ලක්කරනවාවත් නෙවෙයි. එහෙම නැති අයට යන්න ගමේ කවුරු හරි කෙනෙක්ගේ වාහනයක් බොහෝ වෙලාවට උදව්වට ගෙන්වා ගැනීමේ සිරිතක් ගම්වල තියෙනවා. ගැමියෝ බොහෝ විට එහෙම වෙලාවට බෑ කියන්නේ නෑ.

සමහර බස්වල භික්ෂුන්වහන්සේලා සඳහා මුදල් අයකරන්නේ නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ කිසිම බස් එකක් නැහැ භික්ෂුන්වහන්සේලා සඳහා සීට් එකක් වෙන් නොකරපු. ඒ නිසා මම හිතන්නේ භික්ෂුන්වහන්සේලාට ගමනාගමනය පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. ඊට අමතරව අධ්‍යාපනය හෝ වෙනත් කටයුත්තක් සඳහා ලංකාවේ ඕනේ තරම් වැඩපිළිවෙළවල් හදලා තියෙනවා. භික්ෂු විශ්වවිද්‍යාල ලංකාවේ ඕනෙ තරම් තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඉගෙනගන්න පිරිවෙන් ලංකාවේ තියෙනවා. ඒවාට අයකිරීම් කරන්නේ නෑ. ඒවායේ ඉගැන්වීම් කටයුතු සාර්ථකව සිදුවෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ඒවාට මුදල් වෙන් කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සඳහා වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඉතින් මේ නිසා අධ්‍යාපනය ගැන ගැටලුවක් නෑ. එතකොට අධ්‍යාපනයට අවශ්‍ය කරන සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා මිල මුදල් ටිකක් වියදම් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට භික්ෂුන්වහන්සේලාට පොත්පත් නොමිලේ ලැබෙනවා. විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට තමයි මේ පොත්පත් ප්‍රශ්නය බලපාන්නේ. ඒ ගැටලුව නිරාකරණය කරගන්න උන්වහන්සේලාට දානෙකට බණකට වඩින්න සිදුවෙනවා.

මේ ආකාරයට බැලුවාම මොනවද මේ ස්වාමින්වහන්සේලාට තියෙන ආර්ථික අපහසුතා? ඇතැම් පන්සල්වලට ගියාම අපට දකින්න පුළුවන් යම් යම් පහසුකම් සහිතව භික්ෂුන්වහන්සේලා ඒවායේ වැඩවාසය කරනවා. වෙනදා වගේ නෙවෙයි. හැබැයි භික්ෂුන්වහන්සේලා දෙදාහක් සිවුරු ඇරියා කියන තැනින් අපි තේරුම් අරගන්න ඕනේ දේ තමයි මේ භික්ෂුත්වය කියන දේ ලේසි වැඩක් නෙවෙයි කියන එක. කොටින්ම කියනවා නම් සිවුරක් දාගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි හැමෝම කලිසම් කමිස ඇඳගෙන, පාට පාට ඇඳුම් ඇඳගෙන, ඇඳුම් මාරු කරමින් විලාසිතා ලෝකෙක ජීවත් වෙනකොට උන්වහන්සේලා විතරක් කහ සිවුරක් පොරවගෙන ඉන්න එක විශ්වකර්ම වැඩක්. ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම භික්ෂුවකට පැවරෙන වගකීම ගම ඇතුළේ ඉතා විශාලයි. ඉෂ්ට කරන නොකරන එක වෙනම කතාවක්. හැබැයි භික්ෂුන්වහන්සේලා බොහෝ දෙනෙක් මේ වගකීම ඉෂ්ට කරනවා. ඒක 95%ක් 96%ක් විතර එහෙම වෙන්න පුළුවන්. මොකද ගම ඇතුළේ තියෙන බොහෝ කටයුතුවලදී භික්ෂුන්වහන්සේලාට එදා ඉඳලා අද දක්වාම තිබුණේ සුවිශේෂ ස්ථානයක්. මරණයක් සිදුවුණාම ඒ මරණයට පාංශුකූලය දීම, පිරිතකට දානෙකට සහභාගි වීම, එළිවෙනතුරු පිරිත් කීම මේ සියල්ල නිරායාසයෙන්ම භික්ෂුන්වහන්සේගේ වගකීම් විදියට ගම පිළිගන්නවා. එතකොට භික්ෂුන්වහන්සේට පුළුවන්කමක් නෑ මේවා මගේ වගකීමක් නෙවෙයි කියලා මේවායින් බැහැර වෙන්න. මොන වැඩේ තිබුණත් මේ කටයුතුවලට සහභාගි වෙන්න සිදුවෙනවා. ලෙඩක් දුකක් හැදුණු වෙලාවට ඒවායින් නිදහස් වෙන්න උන්වහන්සේලාට වැඩපිළිවෙළක් තියෙනවා වගේම, තමන්ගේ පන්සලෙන් භික්ෂුන්වහන්සේලා එවැනි පින්කමකට සහභාගි කරවන්න බැරි අවස්ථාවල වෙනත් විහාරස්ථානයකින් භික්ෂුන්වහන්සේලා වැඩම කරලා සහභාගි කරවන්නත් වැඩපිළිවෙළක් ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

කොහොම වුණත් අද වෙද්දී භික්ෂුන්වහන්සේලා දෙදාහක් අවුරුද්දක් තුළ සිවුරු අරින බව මේ හිටපු අමාත්‍යවරයා පැහැදිලිව කියනවා. භික්ෂුන් වහන්සේලා දෙදාහක් සිවුරු අරිනකොට භික්ෂුන් වහන්සේලා දෙදාහක් සසුන්ගත වෙනවාද කියන එක ප්‍රශ්නයක්. බොහෝ විට එහෙම වෙන්නේ නෑ. මේ යන්නේ කාසාව කණ්ඨක යුගයකටද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. වහාම භික්ෂුන්වහන්සේලා මහණ කළ යුතුයි දැන්. සමහර හාමුදුරුවරු සසුන්ගත වෙලා නෑ තවමත්. උන්වහන්සේලා කරන්නේ දේශපාලනය. ඒ අය මහණ වෙලා තියෙන්නේ ඇයි කියන එක ගැනට වඩා ඒ අය උත්සාහ කරන්නේ මහණ වීමෙන් පසුව ලැබෙන වරප්‍රසාද ටික භුක්ති විඳින්න. හාමුදුරුවරු ලෙස පෙනීසිටි ඇතැමුන්ගේ පහත් ක්‍රියා අපි මාධ්‍ය මගින් දැක්කා පහුගිය කාලේ. ඒ නිසා හැමෝටම එක හැන්දෙන් බෙදන්න බෑ. නමුත් අපහසුතා සහිත ප්‍රශ්න සහිත භික්ෂුන්වහන්සේලා ඉන්නවා නම් ඒ අය ගැන හොයාබැලීමත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් දියත් කිරීමත් මහානායක හිමිවරුන්ගේ වගකීමක් කියලයි අපට හිතෙන්නේ. එහෙම අය ඉන්නවා නම් එහෙම අයට ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ අයව මේ ප්‍රශ්නෙන් මුදාගැනීම සඳහා වැඩපිළිවෙළක් භික්ෂුන්වහන්සේලා විසින්ම යෝජනා කළ යුතුයි.

අපි දන්නවා කොළඹ තියෙන සමහර විහාරස්ථානවලට නායක හාමුදුරුවරුන්ට ප්‍රකෝටිපතියෝ බවට පත්වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. සමහර විහාරස්ථානවල තියෙන ඉඩකඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනක්. කුරුණෑගල පැත්තේ පන්සල්වලට විශාල භූමිවල හිමිකාරීත්වය තියෙනවා. අපි දන්නවා මහානායක හාමුදුරුවරුන්ගේ පන්සල්වලට අයිති වෙලා තියෙන ඉඩම් ප්‍රමාණය. මහනුවර වැඩඉන්න ඇතැම් මහානායක හිමිවරුන්ගේ ඉඩම් තියෙන්නේ කුරුණෑගල. සමහර ඉඩම් තියෙන්නේ ඈත පළාත්වල. ඒවා කොහේ තියෙනවද කියලා දන්නෙවත් නෑ. හාමුදුරුවරු ඉඩකඩම් බදු දීලා, ඒවායේ වගා කරවලා, මිල මුදල් ලබාගෙන සියලු සැප සම්පත් විඳිනවා. සමහර හාමුදුරුවරු වැඩි ප්‍රමාණයක් රැකියාවක නිරත වෙනවා. ගුරුවරු විදියට, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු විදියට වැටුප් ලබනවා. මේ ප්‍රශ්නය අතිවෙලා තියෙන්නේ තම තමන්ට ලැබෙන මුදල් ටික පොදිගහගන්නා භික්ෂුන්වහන්සේලා නිසයි. අනෙක් ස්වාමින්වහන්සේලා සමග බෙදාගෙන, උන්වහන්සේලාගේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ජීවත් වෙනවා නම් මේක පහසු වෙනවා. ඒ නිසා අපට කියන්න තියෙන්නේ හාමුදුරුවරු හැමෝම මහණ වෙලා සංසාරේ කෙටි කරගත්තා නම් මේ ප්‍රශ්නේ මීට වඩා ලේසියෙන් විසඳගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දැන් සංසාරේ ගැන කලකිරිලා පැවිදි වෙනවා වෙනුවට පැවිද්ද ගැන කලකිරිලා සංසාරගත වෙන එක හොඳ වැඩපිළිවෙළක් නෙවෙයි කියලත් යෝජනා කරන ගමන්ම ඉන්න බැරි නම් දාලා යන එක ඔක්කොටම වඩා හොඳයි කියලයි අපට නම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අවුරුදු එකහමාරක බිලිඳා කැරට් කෑල්ලක් උගුරේ හිරවී මියගියා! අවුරුදු පහක දැරිය ෆෝන් එක චාර්ජරයෙන් ගලවන්න ගිහින් කරන්ට් වැදිලා මියගියා! දරුවෝ මැරෙනවාද? මරාගන්නවාද? Sri Lanka Latest News

Next Post

අඩි 7000ක් උසින් පිහිටි ලංකාවේ උසම ගෙදර ඉඳන් කෑම වේලක් කන්න කැමැතිද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.