• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩි 7000ක් උසින් පිහිටි ලංකාවේ උසම ගෙදර ඉඳන් කෑම වේලක් කන්න කැමැතිද? Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද අපි කියන්න යන්නේ වෙනස් විදියේ කතාවක්. අපි දැන් ඉන්නේ නුවරඑළියේ. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් බාගයක් වගේ නුවර පාරේ එනකොට ශාන්තිපුර කියලා බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ සඳහන් වෙනවා ශාන්තිපුරට කිලෝමීටර් 2යි කියලා. අපි යන්නේ ශාන්තිපුරට. ශාන්තිපුර කියන්නේ ලංකාවේ උසින්ම පිහිටි ගම. ඒ ගමේ ලංකාවේ උසම තැනක හදපු ගෙදරට තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඒ ගෙදරට උඩින් හදපු ගෙවල් වෙන කොහෙවත් නෑ. ශාන්තිපුර ගමට එන පාරේ කිලෝමීටර් 3ක් විතර අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ලංකාවේ උසම ගම. මෙතැනට පේනවා ගස්වලින් වටවෙච්ච පුංචි ගෙදරක්. අන්න ඒ ගේ තමයි ලංකාවේ උසම තැන පිහිටා තියෙන ගෙදර. එතැනට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. හැම තැනම තියෙන්නේ එළවළු වගාවන්. ඒ සුන්දර පරිසරයත් නරඹන ගමන් සෑහෙන දුරක් පහුකරගෙන අපි යනවා කන්ද මුදුනේ තියෙන පුංචි ගෙදරට. (Sri Lanka Latest News)

ඔන්න දැන් අපි තවත් උඩට ආවා. මෙතැනින් එහාට වාහනයකට යන්න බැහැ. මෙතැන වාහනය නතර කරලා පයින් තමයි ඉතිරි දුර යන්න ඕනේ. අපේ ගමනට උදව් කරන්න දිනුක සහ නෙරංජන් අයියත් මෙතැනට ඇවිල්ලා ඉන්නවා. අපි දැන් යන්න හදන තැන තමයි ලංකාවේ උසින්ම පිහිටි ගෙදර. ඒ වගේම ලංකාවේ උසින්ම පිහිටි කබානා එකත් ඒත් එක්කම අපිට බලන්න පුළුවන්. ඒ කබානා එකේ අයිතිකාරයා තමයි දිනුක කියලා කියන්නේ. අපි දිනුක එක්ක ටිකක් කතාකරමු.

දිනුක අපි දැන් මේ ඉන්න ස්ථානය ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද?
මේ ස්ථානයට නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක් දුරයි. මෙතැන අමුණක් :්බසජමඑ* තියෙනවා. ගමට වතුර බෙදාහරින්නේ මෙතැනින්. මාස හතරක විතර ඉඳලා තියෙන පෑවිල්ල නිසා අමුණේ වතුර ගොඩක් අඩුයි. නමුත් බීමට ප්‍රමාණවත් තරම් වතුර තියෙනවා. මේක තමයි ලංකාවේ උසම තැනක පිහිටි අමුණ.

හොඳයි අපි දැන් මේ අමුණත් පහුකරගෙන ලංකාවේ උසම ස්ථානයේ පිහිටි කබානා එක ළඟට යන්න පිටත් වෙනවා. ටිකෙන් ටික උඩට යද්දී හුස්ම ගන්න තරමක් අපහසු වෙනවා. දිනුක එහෙම වෙන්නේ ඇයි?
එහෙම වෙන්නේ අපි මුහුදු මට්ටමෙන් උඩට එන්න එන්න පීඩනය වැඩිවෙනවා. එතකොට ඔක්සිජන් අඩුවෙනවා. ඒ නිසා තමයි හුස්ම ගැනීමේ අපහසුතාවක් වගේ දැනෙන්නේ. අපි දැන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000කටත් වඩා උඩින් ඉන්නේ.

ඔන්න අපි දැන් ආවා ලංකාවේ උසින්ම පිහිටි ගෙදරට. මෙතැනට ආවාම ඉතා සුන්දර පරිසරයක් දැකබලා ගන්න පුළුවන්. දර්ශනීය කඳු පන්තියක් ඈතින් පේනවා. දිනුක අර දුරකතන කුලුනු සවිකරලා තියෙන කන්දේ නම මොකක්ද?
ඒකට කියන්නේ කිකිළියාමාන කන්ද කියලා. ලංකාවේ උස අනුව 6 වැනි තැන ගන්නේ කිකිළියාමාන කන්ද. ඒ කන්දට ඉස්සරහින් පේන්නේ ලංකාවේ උසම කන්ද ලෙස සැලකෙන පිදුරුතලාගල කන්ද. ඊට පහළින් පේන්නේ ශාන්තිපුර ගම්මානය.

අපි දැන් මේ ගෙදර ඉන්න අයත් එක්ක ටිකක් කතාබහ කරමු. මේ ගෙදර ඉන්නවා අම්මා, තාත්තා, පුතා, දුව සහ අත්තම්මා. පුතාගේ නම තමයි ලක්ෂ්මන්. ලක්ෂ්මන් මල්ලි ඔයාලා මේ ගෙදරට පදිංචියට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු 40ක් විතර වෙනවා.

ඔයාලා බොන්න වතුර ගන්නේ කොහෙන්ද?
උල්පත් ළිඳකින් තමයි වතුර ගන්නේ. අනෙක් බඩු ගන්න නම් ටවුන් එකටම යන්න ඕනේ.

අපි පහුගිය දවසක ෆේස්බුක් එකේ දැක්කා ලංකාවේ උසින්ම පිහිටි ගෙදර කියලා මේ ගෙදර පින්තූර වගයක් පළවෙලා තිබුණා?
ඔව්. ඒ මීට අවුරුදු ගානකට කලින් ගත්තු පින්තූර වගයක්. ඒ කාලේ මම හතර වසරේ හිටියේ. මම දැන් උසස් පෙළ කරනවා.

මේ ගේ බලන්න සංචාරකයෝ එහෙමත් එනවද?
ඔව්. නිතරම එනවා. ඇවිල්ලා ෆොටෝස් එහෙම අරගෙන, අපි එක්ක කතාබහ කරලා යනවා. මම ආරාධනා කරනවා ඕනෙම කෙනකුට ඇවිල්ලා මේ සුන්දරත්වය බලලා යන්න කියලා.

හොඳයි, ලංකාවේ උසම තැන පිහිටි ගෙදර බලපු අපි දැන් යන්න හදන්නේ ලංකාවේ උසම තැනක හදලා තියෙන කබානා එක බලන්න. නුවරඑළියේ ලස්සන බලන්න එන අයට ඒ ලස්සන සිත්සේ නරඹන්න පුළුවන් මේ කබානා එකේ නතර වුණොත්. මේකේ හිමිකරු තමයි දිනුක. දිනුක අපිට මේ ස්ථානය ගැන විස්තර කියන්නකො?
මේක තියෙන්නේ නුවරඑළියේ ඉඳලා කිලෝමීටර් 4ක් දුරින් පිහිටි ශාන්තිපුර ගම්මානයේ. මේ කබානා එකේ නම තමයි Misty Wood Cottage. මේකේ සුවපහසු කාමර 4ක් තියෙනවා. ඒ වගේම අලංකාර අවන්හලකුත් තියෙනවා. කැමැති ආහාරයක් ඇණවුම් කරලා රසවිඳින්න වගේම, නවතින අයට කෑම සකසාගැනීමේ පහසුකමුත් අපි සලසා දීලා තියෙනවා. 11 දෙනකුට නවාතැන් ගන්න ඉඩකඩ තියෙනවා. 11 දෙනකුට සම්පූර්ණ කොටේජ් එකම අපි ලබාදෙන්නේ රුපියල් 25,000කට. තනි කාමරයක් රුපියල් 10,000ක මුදලකට ලබාගැනීමේ හැකියාවත් තියෙනවා. මෙතැනට එන්න බලාපොරොත්තු වෙන අයට Misty Wood Cottage කියන අපේ ෆේස්බුක් පිටුවට ගිහින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

සසුන කලකිරිලා ගිහිගෙට එන මහණවුණු මහත්තුරු! Sri Lanka Latest News

Next Post

මාස 3ක් නිවාඩු ගිහින් ඉන්න වෙල්ගමගේ දුක සැප බලන්න මහින්ද හොරවල ගෙදරට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.