ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසි බව සම්බන්ධ නඩු තීන්දුවෙන් පසු ඇයට එරෙහිව නඩුව ගොනු කළ ඕෂල හේරත් මහතා පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පියවර ගත්තේය.
එහිදී හේරත් මහතා චෝදනා කර සිටියේ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇය වෙනුවෙන් පෙනී සිට ඇති බවත්, ඇගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට පවා ඔහු අත්සන් කර ඇති බවත්ය.









