• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු එකහමාරක බිලිඳා කැරට් කෑල්ලක් උගුරේ හිරවී මියගියා! අවුරුදු පහක දැරිය ෆෝන් එක චාර්ජරයෙන් ගලවන්න ගිහින් කරන්ට් වැදිලා මියගියා! දරුවෝ මැරෙනවාද? මරාගන්නවාද? Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් දරුවෙක්ව ලෝකෙට බිහි කරන්නේ කොයිතරම් නම් දුක් කන්දක් උහුලලාද? ඇය දරුවෙක් ගැන දහසක් සිහින මවන්නේ දරුවෙක් බඩට ආ බව දැනගත් මොහොතේ ඉඳලයි. ඉන් පස්සේ ගතවෙන හැම තත්පරෙන් තත්පරේම ඇය හිතන්නේ මේ දරුවා ගැනයි. (Sri Lanka Latest News)

දරුවාට හොඳ පෝෂණයක් ලබාදෙන්නේ කොහොමද කියලායි. සමාජයට බරක් නැති ගුණවත් දරුවෙක් ලෝකෙට දායාද කරන්නේ කොහොමද කියලායි. තමන්ගේ ආහාර වේලට වඩා දරුවාගේ කුස පුරවන්නේ කොහොමද කියලායි. දරුවා ලොකුමහත් වීගෙන එද්දී පොඩ්ඩක් හරි ඇස් මානයෙන් එහාට ගියොත් අම්මාට ඒක දැනෙනවා. මව සහ දරුවා අතර ඇති ඒ බැඳීම පුදුමාකාරයි. යම් හෙයකින් දරුවා නමැති ඒ මල් කැකුළු පරවෙලා ගියොත් අම්මෙක්ට තාත්තෙක්ට තමන්ගේ මුළු ජීවිත කාලෙම ඒ මහා දුක උහුලන්නට සිදුවෙනවා. ඒ ගැන සිතමින් පසුතැවෙන්න සිදුවෙනවා.

වර්තමානයේ මවුපියන්ගේ මානසික පීඩනය සහ කාර්යබහුලත්වය නිසාම මවුපියන්ට හැම මොහොතකම තම දරුවන් ගැන සොයා බලන්නට බැහැ. මවුපියන්ගේ ඇස් මානයෙන් නොදරුවන්ව ගිලිහෙනවා. ගේ දොර වැඩකටයුතු කරනකොට දරුවන්ව අමතක වෙනවා. ඒත් දරුවන්ගේ ආරක්ෂාව ගැන හැම මොහොතකම මවුපියවරු වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ ආරක්ෂාව ගිලිහුණු එක මොහොතකින් දරුවාගේ ජීවිතයට ලොකු හානියක් සිදුවෙන්නට පුළුවන්.
දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබට මේ විදියේ සටහනක් තැබුවේ අනුරාධපුර සාලියවැව යාය 7 ප්‍රදේශයෙන් පසුගිය 11 වැනිදා වාර්තා වූ අනුවේදනීය සිදුවීමක් ගැන කියන්නයි. අවුරුදු එකහමාරක් වයසැති බිලිඳෙක් කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මියගිය පුවත මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ කනගාටුදායක සිදුවීමට මුහුණ දී තිබුණේ සචින් දුල්සඳ නමැති පිරිමි දරුවෙක්. ඔහු නිවෙසේ තම සිවු හැවිරිදි සහෝදරිය සමග සිටියදී සහෝදරිය ලබාදුන් කැරට් කැබැල්ලක් ඔහු උගුරේ සිරකරගෙන ඇති බවයි පැවැසෙන්නේ. කැරට් කැබැල්ල දරුවාගේ උගුරෙන් ඉවත් කිරීමට මව සහ පියා දැඩි උත්සාහයක් දරා තිබුණත් එය ව්‍යර්ථ වී තිබුණා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ මව කෑම පිසිමින් සිට ඇති අතර, අවුරුදු 4ක් වූ සහෝදරියට අවුරුදු එකහමාරක මල්ලීව බලාගැනීමට බාරදී තිබෙනවා. දැරිය සිය මල්ලීට කැරට් කෑබැල්ලක් ලබාදී තිබුණේ ඒ අතරතුරදීයි. අනතුර ගැන දැනගත් වහාම මවුපියන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන දරුවා නොච්චියාගම රෝහලට රැගෙන යන්නට කටයුතු කර තිබුණා. දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවුණත්, මවුපියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් දරුවා මෙලොවින් සමුගෙන ගොස් තිබුණා.

දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහිකරපු රත්තරං දරුපැටියෙක් මේ විදියේ හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තාම ඒ අම්මට තාත්තාට කොයි තරම් නම් වේදනාවක් ඇද්ද? දරුවාගේ කෑමට දීපු කැරට් කැබැල්ලක් උගුරේ සිරවෙලා මරණය සිදුවීම මොන තරම් අවාසනාවක්ද? අම්මා තාත්තා දරුවා ගැන මීට වඩා සැලකිලිමත් වුණා නම් මේ දරු පැටියා ගැන මේ වගේ පුවතක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම, හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරු පැටව් ගැන හැම මොහොතකම ඇහැ ගහගෙනම ඉන්න ඕනේ. එහෙම බැරි අවස්ථාවක දරුවාගේ වගකීම බාරදෙන්න සුදුසු විශ්වාසවන්ත වැඩිහිටියෙකුත් තබාගන්න ඕනේ. එය දරුවාගේ යහපතට වගේම මවුපියන්ගේ සැනසීමට හේතුවක්ම වනු ඇති.

සචින් දුල්සඳ පුංචි පුතාගේ අකල් වියෝව ගැන පුවත ආරංචි වෙලා දවස් කිහිපයක් ගතවෙද්දී ඒ වගේම තවත් කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණේ මග්ගොන මුංහේන ප්‍රදේශයෙන්. ඒ, විහඟි නෙතාෂා නමැති පස් හැවිරිදි දැරියක් සිය නිවෙසේදී ජංගම දුරකතනයක් චාජරයෙන් ගැලවීමට යෑමේදී විදුලි සර වැදී මරණයට පත්වූ පුවතක්. ඇය අනතුර සිදුවී බේරුවල රෝහලට ඇතළත් කිරීමට රැගෙන යන අතරතුර මියගොස් තිබුණා.
කුඩා දරුවන් ජංගම දුරකතනවලට ඇලුම් කිරීම සාමාන්‍ය දෙයක්. ඒ නිසාම ඔවුන් මවුපියන් කියන ඕනෑම දෙයක් කරනවා. නමුත් වැඩිහිටියන්ගේ වගකීම වන්නේ දරුවන්ව එවැනි අනාරක්ෂිත ක්‍රියාවලට යොමුකිරීමෙන් වැළකී සිටීමයි.

අනතුරෙන් මියගිය විහඟි නෙතාෂා දැරියගේ පියා හැඬූ කඳුළින් මාධ්‍ය වෙත මෙලෙස පවසා සිටියා.
‘ෆෝන් එක චාජරේට ගහලා පොඩි එක්කෙනා ෆෝන් එක බල බලා හිටියේ. ඒ වෙලාවේ අනෙක් ළමයි දෙන්නයි අම්මායි ඉස්කෝලේ වැඩ කර කර හිටියේ. මම ඇඳේ හාන්සිවෙලා හිටියේ. පොඩි එක්කෙනා ෆෝන් එක බල බල ඉඳිද්දී තමයි පුතා ඇවිත් කිව්වේ තාත්තේ නංගිට මොනවද වෙලා කියලා. මම ක්ෂණිකව ඇඳෙන් බැහැලා දුවගෙන ඇවිත් පොඩි එක්කෙනාව අතට ගත්තා. ඒ ගන්නකොට තමයි මම දරුවාගේ පපුවේ පැල්ලම් දෙකක් තියෙනවා දැක්කේ. ඒ වෙලාවෙම අපි දරුවාව බේරුවල රෝහලට අරන් ගියා. එයාලා ප්‍රතිකාර කළා. ඒත් සිහිය ආවේ නැහැ…’

බලන්න නොසැලකිලිමත් එක පුංචි සිදුවීමක් නිසා රටක් වටින සිඟිත්තියක් ජීවිතයෙන් සමුගෙන ගියා. හැම කෙනෙක්ම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියන පණිවුඩය තමයි මේ සිදුවීමෙනුත් පැහැදිලි වෙන්නේ.

හෙට මේ දේ ඔබගේ මගේ දරුවකුට සිදුවෙන්න පුළුවන්. අපි හැමෝම දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න අවශ්‍යයි.
ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. යම් අනතුරක් සිදුවුණාම දරුවෙක්ව රැගෙන යන රෝහලේ ඊට අවශ්‍ය පහසුකම් සියල්ල තිබෙනවා නම් දරුවාගේ ජීවිතය බේරාගන්න එය වඩාත් පහසුවක් වෙනවා. නමුත් අපේ රටේ තිබෙන ග්‍රාමීය රෝහල් බහුතරයක පවතින්නේ අඩු පහසුකම් ප්‍රමාණයක්. ඒ වගේ වෙලාවක රෝගියාව වෙනත් රෝහලකට මාරුකිරීමට සිදුවෙනවා. රටේ තිබෙන දුෂ්කර ආර්ථික තත්ත්වයත් එක්ක බොහෝ රෝහල්වල අත්‍යාවශ්‍ය පහසුකම් නැහැ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග, ප්‍රතිකාර ක්‍රමත් බොහොමයක් නැහැ. ඒ වෙලාවට රෝගීන් වගේම රෝගීන්ගේ ඥාතීනුත් පත්වන්නේ දැඩි අපහසුතාවකට. යහමින් මුදල් ඇති අයට නම් පෞද්ගලික රෝහලකට ගිහින් ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාව තිබෙනවා. ඒත් එතරම් ආර්ථික ශක්තියක් නැති සාමාන්‍ය කෙනෙක් කොහොමද පෞද්ගලික රෝහලකට යන්නේ. ඔවුන්ගේ පිහිටට තියෙන්නේ රජයේ රෝහල් පමණයි. ඒ රෝහල්වලත් අත්‍යාවශ්‍ය ප්‍රතිකාර නොමැති වුණාම ඔවුන් මොන තරම් අසරණ බවට පත්වෙනවාද කියන එක දන්නේ ඒ තත්ත්වයට මුහුණ දීපු අය විතරමයි.

ලිපිය අවසන් කරන්න මත්තෙන් පුංචි දරුවො ඉන්න ගෙවල්වල වැඩිහිටි අය දැනගෙන සිටිය යුතුම ප්‍රථමාධාරයක් ගැනත් සඳන් කරන්න ඕනේ. ඒ තමයි දරුවකුගෙ උගුරේ යමක් සිරවූ විට පළමුව කළ යුතු දේ. එවැනි අවස්ථාවක දරුවාගෙ පිටුපසින් සිටගෙන දරුවගෙ බඩ සහ පපු ප්‍රදේශය වෙන් වෙන ස්ථානය වටා ඔබේ දෙඅත් දමා දරුවා තදින් බදාගන්න. දෙතුන් වතාවක් ඔබේ දෑත්වලින් දරුවා තද කරගෙන දරුවාගේ ශරීරය ඉහළට ගස්සන්න. එවිට උගුරේ හෝ ශ්වාස නාලයේ සිරවී ඇති දේ එළියට එනවා. මේ අතරතුර හැකි ඉක්මනින් දරුවා රෝහලකට රැගෙන යා යුතුයි.

ඒ වගේම කුඩා දරුවන් සිටින නිවෙස්වල විදුලි රැහැන් පද්ධතිය ආරක්ෂිත තත්ත්වයක පවතිනවාද යන්න ගැනත් ඔබ නිරතම සොයා බැලිය යුතුයි. යම් අනතුරක් සිදුවුණාම පසුතැවිලි වෙලා වැඩක් නැහැ. දරු පැටවුන්ගේ ආරක්ෂාව සලසාගත යුත්තේ ඔබ විසින්මයි. ඉතින්, ඉදිරියේදීවත් වඩාත් සැලකිලිමත් වෙලා මල් කැකුළු වන් පුංචි දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි හැම කෙනෙක්ම වගබලා ගනිමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොල්ලො කෙල්ලො බැන්දට දරුවො හදන්නෙ නෑ වගේ! Sri Lanka Latest News

Next Post

සසුන කලකිරිලා ගිහිගෙට එන මහණවුණු මහත්තුරු! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.