සමගි ජන බලවේගය ප්‍රධාන කොට බිහිවන ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය සඳහා ලබන 05 වැනිදා අස්සන් තැබීමට නියමිතව ඇත.Sri Lanka Latest News
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මීට අමතරව දේශපාලන සංවිධාන රැසක නායකයන්ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
මෙම සන්ධානයට අස්සන් තැබීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය මේ වන විට සියලු කටයුතු සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.