සජබ ආර්ථික විශ්ලේෂකයන්ගෙන් වැඩක් නොමැති බවත්, අනුර කුමාර දිසානායක මහතා සමග ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල් හදුන්නෙත්ති මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කළ අභියෝගයට තවමත් පිළිතුරු ලැබී නොමැති බවත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කෙදිනකවත් රූපවාහිනී විවාදවලට පැමිණ නැති බවත්, ඒ අනුව මෙම අනුර-සජිත් විවාදය සිදුනොවනු ඇති බවත්ය.
කෙසේවෙතත් ටිල්වින් සිල්වා මහතා එසේ ප්‍රකාශ කළද හදුන්නෙත්ති මහතා සජිත්ට විවාදයට අභියෝග කර පැයක් යාමටත් මත්තෙන් විපක්ෂනායකවරයා එය පිළිගනිමින් මුලතිව්වල සිට ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් අනුර කුමාර දිසානායක මහතා සමග ඔනෑම අවස්ථාවකදී ආර්ථිකය සම්බන්ධයෙන් විවාද කිරීමට සූදානම් බවකි.
ඒ අනුව ටිල්වින් සිල්වා මහතා කරුණු නොදැන ප්‍රකාශ සිදුකරනවාද, එසේත් නැතිනම් අනුර-සජිත් විවාදය සිදුනොවන තැනට කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.