විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයකට පැමිණෙන ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා කළ අභියෝගය බාර ගැනීමට සමගි ජනබලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ජවිපෙ කළ අභියෝගය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවකි.
නලින් බණ්ඩර මහතා පළමුව මාලිමාවේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් කරමින් කියා සිටියේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් කිරීමට සජබ ආර්ථික කමිටුවේ ප්‍රධානීන් සූදානම් බවකි.
ඊට ප්‍රතිචාර දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ආර්ථික කවුන්සිලය නොව කෙළින්ම අනුර කුමාර දිසානායක මහතා සමග විවාද කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවකි.
ඒ අනුව අද දිනයේදී නලින් බණ්ඩාර මහතා එම අභියෝගය බාර ගනිමින් අනුර දිසානායක මහතා සමග විවාද කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව දැනුම් දී සිටියේය.