රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ගැන ප්‍රසිද්ධ වේදිකාවක විවාද කිරීමට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික මණ්ඩලයට අභියෝග කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 27දා පැවැසීය. (Sri Lanka Latest News)
සමගි ආර්ථික කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සමඟ විවාද කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හ¾දුන්නෙත්ති වැනි අයට පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ආරාධනා කළ නමුත් ඔවුන් ඒ සඳහා සහභාගි නොවී මඟහරිමින් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා චෝදනා කළේය.
ආර්ථිකය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බැවින් ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය සමඟ ප්‍රසිද්ධියේ වාද විවාද කිරීමට නොඑන්නේ යැයිද තමා ඇතුළු පක්ෂය හත්වැනි වතාවටත් මෙසේ එම අභියෝගය ජවිපෙ වෙත සිදු කරන බවද ඔහු කීය. මේ අනුව ජවිපෙ ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ එක් මතයකුත් කැනඩාව, ඉන්දියාව වැනි රටවලදී තවත් මතයකුත් ඉදිරිපත් කරන බවත් ඔවුන් වර්තමාන රට වැසියා රවටා ඇති බවත් පැවැසීය.
සමගි ජන බලවේගය සිදු කරන මෙම ආරාධනය පිළි නොගනී නම් ජවිපෙට ආර්ථික වැඩපිළිවෙළක් නැති බව රටේ ජනතාව වටහාගනු ඇතැයිද නලින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් ඊයේ (02) ජනතා විමුක්ති පෙරුමණේ නියෝජිත සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ විවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වීමට සූදානම් සිටින බවයි.