ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ JDA කලාගාරයේදී පැවැත්විණි.Sri Lanka Latest News
ඡායාරූපකරණයට බොහෝ සෙයින් ලැදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට JDA කලාගාරයට පැමිණෙන ලදී.
ශ්‍රී ලංකාවේ වනාන්තර රැසක ජීවත් වන වන සතුන් රැසකගේ සුවිශේෂ හැසිරීම් රටා සහිත විවිධ ඡායාරූප, ආලේඛ්‍ය ඡායාරූප, භූමි දර්ශන ඡායාරූප සේම ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ලද අලංකාර සුවිශේෂ ඡායාරූප රැසක් ද මෙවර ප්‍රදර්ශනයට එක්කර තිබුණි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ ඡායාරූප ලබා ගන්නා ලද ශිල්පීන් හමුවී කතා කිරීමටත් ඔවුන්ව ඇගයීමටත් කටයුතු කරන ලදී.


















