වවුනියාව මහාධිකරණ විනිසුරුවරයාව වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාගවන නඩුවේ ප්රධාන සාක්කිය ලබා දීම පිණිස වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් දැඩි ආරක්ෂාව යටතේ ඊයේ (25) දා යාපනය මහාධිකරණය වෙත පැමිණියේය. (Sri Lanka Latest News)
මානික්කවාසගම් විනිසුරුවරයාට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේද ආරක්ෂාව සලසා දී තිබිණි.
නඩු විභාගයට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා පැමිණීමට පෙර සිටම යුද හමුදා නිලධාරීන්ද අධිකරණ පරිශ්රය තුළ විශේෂ ආරක්ෂාවක් සලසා තිබිණි.
2017.07.22 දින එවක යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ මානික්කවාසගම් ඉලන්චේලියන් අධිකරණ කටයුතු හමාර වී සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටියදී පිස්තෝලයක් රැගෙන පැමිණි පුද්ගලයකු විනිසුරුවරයාට වෙඩිතැබීමට තැත් කළ අවස්ථාවේදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා වෙඩි ප්රහාරය වැළැක්වීමට උත්සාහ කළේය.එහිදී සැරයන්වරයා වෙඩි ප්රහාරයට ලක්ව මියගියේය.
හලාවත පදිංචි එම පොලිස් සැරයන්වරයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව පිස්තෝලය සමග පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළ සාක්ෂි දීම සදහා දැනට වවුනියාව මහාදිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන ඉලන්චේලියන් පැමිණ සිටියේය.
මෙහිදී සාක්ෂි දෙමින් විනිසුරුවරයා කියා සිටියේ යාපනයේ නල්ලූර් කෝවිලට ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුවූ බවයි. කෝවිල් පරිශ්රය පුද්ගලයන්ට වෙඩිතැබීම සදහා යොදාගැනීමට තරම් අපරාධකරුවන් සැහැසි වීම ගැන තමා කනගාටුවන බවකි.
මෙම නඩුව යාපනය මහාධිකරණයේදී තවදුරටත් විභාග වෙමින් පවතී.
lankasara