විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්රියාත්මක කිරීමටත් අද (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. Sri Lanka Latest News
එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.
මේ වනවිටත් VFS GLOBAL සමාගම සමග ගිවිසුම් අත්සන් කොට වීසා නිකුත් කිරීමේ බලය එම සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට අනුව අදාළ සමාගම කටුනායක ගුවන් තොටුපොළේ සිය රාජකාරී කටයුතු ආරම්භ කොට තිබිණ.