කලක පටන් බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි OPPO Watch සහ OPPO Enco W51 උපාංග ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම සැලසුම්කර තිබේ. OPPO Watch යනු Google මගින් හඳුන්වා දී ඇති Wear OS පද්ධතිය සහිත, ජලය ඇතුළු නොවන ලෙස නිමවා ඇති Smartwatch වර්ගයේ අත්ඔරලෝසුවක් වන අතර OPPO Enco W51 යනු OPPO Acoustics කාණ්ඩය යටතේ ‘Active Noise Cancellation’ තාක්ෂණය සමගින් එන ප්‍රථම හෙඞ්ෆෝන් උපාංගයයි.
තම වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් වඩාත් හොඳින් සමබර කරගැනීමට අපේක්ෂා කරන කෙනෙකුට Google Apps සහ සේවාවන් සහිත OPPO අත්ඔරලෝසුව බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. අනෙක් අතට OPPO Enco W51 යනු, තරුණ පරපුර ඇතුළුව අනෙකුත් සියලුම පාරිභෝගික කාණ්ඩයන්ට තම වේගවත් ජීවන රටාවල් තුළදී නවතම අත්දැකීමක් ගෙනෙන උපාංගයක් වනු නිසැකය.
මනා නිමාවක් සමගින් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහාම නිපදවා ඇති OPPO Watch උපාංගයට 6000-series ඇලුමිනියම් ඇලෝයි සැකිල්ලක් යොදා ඇති අතර, එය eSIM/LTE or WiFi සම්බන්ධතාව සහිතව පැමිණේ. Black හෝ White වර්ණවලින් මෙම අත්ඔරලෝසු ලබාගත හැක.
ශරීර සුවතා ඉලක්ක සපුරා ගැනීම වඩාත් පහසුකරන OPPO Watch උපාංගය තුළ Fitness Run, Fat Burn Run, Outdoor Walk, Outdoor Cycling, සහ Swimming යන workout modes ඇතුළත්ය. Voice coaching මෙන්ම Exercise Tracking ක්‍රමද මීට යොදා තිබේ. ඉහළ තලයේ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත OPPO Watch 46mm මාදිලියේ බැටරියේ ආරෝපණය පැය 36ක් දක්වා රැඳී පවතී.