කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම්වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකරදී තිබේ.
මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග්‍රිකල්චර් සමාගම සතුව තිබෙන Kubota, Agrotech සහ Farmtrac කෘෂි කාර්මික යන්ත්‍ර සූත්‍ර ගොවීන්ට මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ලීසිං ප්‍රවර්ධන වැඩසටහන 2021 මාර්තු අවසන් වනතුරු පවතින අතර ආකර්ෂණීය වට්ටම්, විශේෂ වාරික සහ තවත් ප්‍රතිලාභ ලබාදීමට අමතරව පහසු සහ නම්‍යශීලී ලීසිං පැකේජ මේ යටතේ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
මෙහිදී පාරිභෝගිකයින් සඳහා ලබාදෙන ප්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණෙන් විශේෂයෙන්ම මෙරට කෘෂි කාර්මික ප්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හේලීස් ඇග්‍රිකල්චර් සමාගම විසින් සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන්වලට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කොමර්ෂල් බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සමග සම්බන්ධ කරන අතර හේලීස් ඇග්‍රිකල්චර් සමාගමේ අලෙවි කණ්ඩායම විසින් මෙම ගොවීන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරුණු ලබාදෙනු ඇත.