මෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයාවන හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, 2020 ඔක්තෝබර් මස 02 වැනිදා නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. සෞඛ්‍ය ඇමතිනී ගරු පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ වෙළෙඳ අමාත්‍ය ලේකම් ආචාර්ය සුනිල් නවරත්න ඇතුළු කැබිනට් අමාත්‍යවරු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. හෝමාගම, පිටිපන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ උද්‍යානයේ පිහිටි මෙම කර්මාන්තශාලාව මොරිසන් සමාගමේ දෙවන නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයයි. ප්‍රථම වලංගු ඖෂධ තොග නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා එම කර්මාන්තශාලාව මේවන විට සූදානමින් පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වත්මන් රජයේ ඉලක්කයට සවියක් වෙමින් මීළඟ වසරේ ආරම්භයේදී වාණිජ වශයෙන් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
සියලු ශ්‍රී ලාංකිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා කැපවී කටයුතු කරන මොරිසන් සමාගම මෙරට ඖෂධ පෙති අවශ්‍යතාවයෙන් 20%ක් සම්පාදනය කිරීමේ හැකියාවෙන් යුතු වෙයි. දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක්වන මොරිසන් සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා සිදුකරන ලද ඇ.ඩො. මිලියන 18.5ක ආයෝජනය මෙරට සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන ක්‍රමවේද (EU-GMP)වලට අනුකූල ප්‍රථම ඝන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවද වේ.