OPPO A Series 2020 දුරකතන මාදිලි නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට OPPO පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මින් ඉදිරියට OPPO A9 2020 සහ OPPO A5 2020 මාදිලි ශ්‍රී ලංකාවේදී මිලදීගැනීමට අවස්ථාව සැලසේ. OPPO සමාගමේ නවතම නිෂ්පාදන වන මෙම දුරකතන මධ්‍යම මිල ප්‍රමාණයේ දුරකතන කාණ්ඩයට අයත්ය. උසස් ප්‍රමිතිය, සහනදායී මිල, අලංකාර නිමාව, විශිෂ්ට ඡායාරූප සහ දිගුකල් පවතින බැටරිය වැනි සාධක නිසා මෙම දුරකතන තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වනු ඇත.
OPPO A 9 2020 දුරකතන පැමිණෙනුයේ Multipurpose Quad Camera setup’’ එකක් සමගිනි. මීට 48MP ප්‍රධාන කැමරාවල 8MP Ultra-Wide Lens, 2MP Mono Lens, 2MP Portrait Lens වැනි අංග ඇතුළත්ය. OPPO A 5 2020හි ප්‍රධාන කැමරාව 12MP වේ.
48MP ප්‍රධාන කාචය වැඩි resolution ප්‍රමාණයක් සමග ඡායාරූපයේ පැහැදිලි බව වැඩි කරයි. 8MP 119° ultra-wide-angle කාචය ඡායාරූප වඩාත් පරිපූර්ණ කිරීමට උපකාරී වේ.
Ultra Night Mode 2.0 රාත්‍රියේ පැහැදිලි ඡායාරූප ගැනීම සඳහා උපකාරී වන අතර, HDR සහ Multi-Frame Technology මගින් සාමාන්‍ය මිනිස් ඇසේ හැකියාවන් ඉක්මවා යන තියුණු බවක් සහිත විශිෂ්ට ඡායාරූප ලබාදෙයි. Ultra Wide angle ඡායාරූපවලදී පවාUltra Night Mode 2.0 භාවිත කළ හැකි වීම විශේෂත්වයකි.
A9 2020 දුරකතනයේ 16MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වන අතර A5 2020 දුරකතනයේ 8MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වේ.