• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිළිකා මාරයා පැරදූ බොලිවුඩ් තරු

September 27, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමස්තයක් ලෙස ගත් කල “පිළිකාව” යන වචනයට අප හැමෝගෙම සිත තුළ ජනිත වන්නේ යම් ආකාරයක බියකි. මීට දශක කිහිපයකට පළමුව “පිළිකාව” ඉතාම අසාමාන්‍ය මට්ටමේ රෝගාබාධයක් වුවද දැන් දැන් එය වසංගත රෝගාබාධයක ආකාරයට නීරෝගී මිනිසුන් ඉතා සුලබව ගොදුරුකර ගනිමින් සිටියි. ඉන්දීය සුපිරි තරුද එම ශ්‍රේෂ්ඨ සටනට දායක වූවන් අතර සිටින බව සතුටින් ප්‍රකාශ කර සිටින්නට පසුගිය දිනවල ඉන්දීය මාධ්‍යයන් පෙළගැසී සිටියහ. සතුටට හේතුව වන්නේ තම රංගන හැකියාවෙන් දැයක් පිනවන ඔවුන්, පිළිකාව හමුවේද නොපැකිළව සිනාසෙන්නේ පිළිකාව යන අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙමින් සිටින සාමාන්‍ය මිනිසුන්ටද ජීවත්වීමේ ආසාව සහ ධෛර්යය තිළිණ කරමිනි.

“කමෝෂී” චිත්‍රපටයෙන් ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගේ සිත්සතන් තුළ වියැකී නොයන කඳුළක් තැබූ මනීෂා කොයිරාලද පිළිකා රෝගයට ගොදුරු වූ සොඳුරු සුපිරි තාරකාවකි.
තමා පිළිකාවකින් පෙළෙන බව මනීෂා ස්ථිරව දැනගත්තේ 2012 දීය. පුදුමය කියන්නේ මේ ලස්සන තාරකාව එය කිසිසේත්ම සඟවාලන්නට උත්සාහ දැරුවෙ නැත. තම කැරලි සහිත ලස්සන කෙස් වැටිය අහිමිවී යෑමේ දුකක්වත් ඇයට නොතිබිණි. සම්පූර්ණයෙන්ම තට්ට වූ හිස සමඟ මනීෂා උත්සවවලට සහභාගි විය. ඡායාරූපවලට මුහුණ දුන්නාය.
“ස්කාෆ්” එකක් භාවිතයට ගෙන ගමන් බිමන් යන්න යැයි හිතවත් මිතුරියක මනීෂාට පැවසූ විටෙක මනීෂා සිනාසෙමින් කියා තිබුණේ “සත්‍යමය තත්ත්වය වසන් කිරීම සිතට සහ මනසට වදයක් බවයි.”

වසර ගණනක් තිස්සේ මනීෂා “මෙටාස්ටැටික්” යන පිළිකා තත්ත්වයෙන් දුක්වින්දාය.
මගේ අම්මා පිළිකා රෝගයට මැදිවූ මොහොතේ මම ඇයට ආදර්ශයක් කොට දුන්නේ මනීෂා කොයිරාල නම් වූ “සුපිරි තාරකාවගේ” ආත්ම විශ්වාසයයි.
“මම මගේ අම්මාට කිව්වා මනීෂාව ආදර්ශයට ගන්න. පිළිකාවට ප්‍රහාරාත්මක උත්තරයක් දෙන්නය කියලයි.”

ලෝක පිළිකා දිනය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට පැමිණි මනීෂාට ඇයට ළැදි ප්‍රේක්‍ෂිකාවක් දුරකතනයෙන් කතාකොට කීවේ එවැනි සංවේදී කතාවකි.
දැන් දැන් මනීෂා සම්පූර්ණ සුවයට පත්වෙමින් සිටින අතර, කලා කටයුතු සඳහාද අතගසන්නට බලාපොරොත්තුව සිටින්නීය.

“සුපිරි තාරකාවන් පමණක් නෙවෙයි, 2019 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ඉන්දියාවේ බොහොමයක් වූ අසරණ මිනිසුන් සිය ගණන්, දහස් ගණන් පිළිකා රෝගයක ගොදුරුව සිටිනවා. ඒ අය වෙත වගකිව යුත්තන්ගේ දැඩි අවධානයක් සැලකිල්ලක් යොමුවේවා යන්න මම කාරුණිකව ඉල්ලා සිටිනවා.”
මනීෂා ලෝක පිළිකා දිනය වෙනුවෙන් පැවැති සම්මුඛ සාකච්ඡාව අවසන් කළේ එලෙසිනි.
ඉර්ෆාන් ඛාන්ද පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතිදක්‍ෂ සුපිරි තරුවකි.
තමා ඉතා දරුණු පිළිකා තත්ත්වයකින් පෙළෙමින් සිටින බවත් ප්‍රතිකාර සඳහා මඳ කාලයකට සිනමාවෙන් සමුගන්නා බවත් ඉර්ෆාන් මෑතකදී විද්‍යුත් මාධ්‍යයක සටහන් කොට තිබිණි. නමුත් පිළිකා තත්ත්වය මත චිත්‍රපට භාර ගැනීම අතහැර දැමීමට හෝ සම්මුඛ සාකච්ඡාවලින් ඉවත්ව සිටීමට ඉර්ෆාන් උත්සාහ කළේ නැත. නිතරම පාහේ දැඩි හිසේ අමාරුවකින් වගේම යම් මානසික පීඩාවකින් පෙළුණද, ඉර්ෆාන් කලා කටයුතුවල නොපැකිලිව නියැළුණේ ඒ සියල්ල සිතේ දරාගනිමින්ය.

“පිළිකා තත්ත්වයකින් පෙළෙන්නේ” යැයි මාධ්‍ය හමුවේ සාමාන්‍ය ප්‍රකාශයක් කළ ඉර්ෆාන් පසුව එක එල්ලේම තමා ස්නායු සම්බන්ධ මොළේ පිළිකාවකින් පෙළෙන බව ප්‍රකාශ කර සිටියේය. එම ප්‍රකාශයෙන් පසුව හිටි අඩියේම ඉර්ෆාන් අතුරුදන් විය. ප්‍රසිද්ධ ජීවිත රටාවෙන් සැඟව ගියේය. “නිවෙස” යන විෂය තුළ පවුල් වටපිටාවෙන්ද ඔහු ගැන ආරංචි ලැබුණේ නැත. ඉර්ෆාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ ඔහු සංචාරයක් සඳහා ලන්ඩනයට ගිය බවය.
නුදුරු දිනකදී මුම්බායි ගුවන් තොටුපොළේදී හදිසියේම වාගේ පැපරාසියකුට ඉර්ෆාන්ව මුණගැසුණේය. ඉතාම සරල ඇඳුමින් සැරසී සිටි ඔහු රෝද පුටුවක ඉඳගෙන සිටිනු දුටු පැපරාසියා ඉර්ෆාන් වෙත කැමරාව මානන විටම ඔහු දෑතින් මුහුණ වසාගෙන තිබුණේ කලබලයෙන් වාගේය.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද එම සිදුවීම පැතිර ගියේය. ඉර්ෆාන් එයට පිළිතුරු දුන්නේ නැත.
නමුත් ඉර්ෆාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා, ඉර්ෆාන් ඛාන් සිය නවතම චිත්‍රපටයේ වැඩ භාරගත් ආරංචිය ඊට මඳ කලකට පසුව ප්‍රකාශ කර සිටියේය.
“මම දැන් ඉතාම සුවෙන් දවස ගෙවනවා. බලන්න මගේ පෙනුම. මම නරක අසනීප තත්ත්වයකට ගොදුරුව සිටිය බව පෙනෙන්නටවත් නැහැ නේදැ”යි යනුවෙන් ඉර්ෆාන් ඛාන්ද සුහද සරල සිනාවකින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
ඇත්තෙන්ම ඉර්ෆාන් කීවේ බොරුවක් නොව, හෙතෙම සුපුරුද ක්‍රියාශීලී ස්වරූපය හොඳින් ප්‍රකට වන ආකාරයට මාධ්‍ය සාකච්ඡාවට මුහුණදුන්නේය.
ප්‍රවීණ නිරූපිකාවක මෙන්ම සිනමා නිළියකද වන සොනාලි බ්‍රෙන්දේ ද දරුණු පිළිකා තත්ත්වයකට මුහුණ දුන්නේ මීට ටික කලකට ඉහතදීය.

තමා පිළිකාවකින් පෙළෙන බව සොනාලි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ 2018 ජූලි මාසයේදීය. ඇගේ සුරූපී රූපශ්‍රියාව වශීකෘතව සිටි රසිකයන් එම පුවතින් කම්පනයට පත්විය.
එහෙත්, සොනාලි එතරම් සැලුණු බවක් පෙනෙන්නට තිබුණේ නැත. පිළිකා තත්ත්වය ඉතා දරුණුව මෝරා එමින් තිබියදීද සොනාලි ඉතා සුන්දරව සැරසී රියැලිටි වැඩසටනකටද මුහුණ දුන්නාය.

සොනාලිට තිබුණේ ලස්සන ස්ටේ්‍රට් කෙස් වැටියකි. ප්‍රතිකාර නිසා කෙමෙන් හැලී යන විට වුවද සොනාලි දුක් වූයේ නැත. ප්‍රතිකාර සඳහා ඈ එක්සත් ජනපදයට පිටත්ව ගියේ ඇගේ සැමියා වන ගෝල්ඞ් බෙල් සමඟය.
2019 වන විට සොනාලි බ්‍රෙන්දේ ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටින බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සටහන්ව තිබිණි. ඊට සාක්‍ෂි වශයෙන්දෝ සොනාලි වැඩෙමින් තිබෙන තම කොණ්ඩය සමඟ සොඳුරු සේයාරූ එකතුවක්ද ඊට එක්කර තිබුණාය. තව දුරටත් සොනාලි බ්‍රෙන්දේ ඉතා කටුක අවස්ථාවක මානසිකව නොසැලී සිටින්නට තමාට ශක්තිය දුන් සමීපතමයන් ගැන ආදරණීය සටහනක්ද මෙසේ එක්කොට තිබිණි.

“ඉතාම ළබැඳි ලෙස මට ශක්තිවන්තව සිටින්නට ශක්තිය දුන් මනීෂා කොයිරාල නම්වූ සුරදූතියව ඉතා ආදරයෙන් මෙහිදී සිහිකරමි. මනීෂා මට ජීවිතය ගැන ඒ හා පැමිණෙන දුක – සැප සහ යහපත් – අයහපත් කාලවකවානු ගැනද ඉතා දයාවෙන් කරුණු වටහා දුන්නාය. සමීප මිතුරියක, සොහොයුරියක ලෙස මනීෂා මට දුන් “ආත්ම ශක්තිය” මා තුළ අමරණීය මතකයක්ව නිදන්ගතව තිබෙනු ඇත.

එලෙසම මගේ දයාබර සැමියා ගෝල්ඞ් බෙල් මගේ අසල සෙවනණැල්ල මෙන් සිට මා දිරිමත් කළ ආකාරය අතිශයින්ම සෙනෙහෙබරය. ඔහු වැනි සහකරුවකු ලබන්නට මා කොතෙක් නම් පින් කරන්නට ඇතිද කියා මට හිතෙන වාර අනන්තයි.
“සත්තකින්ම ගෝල්ඞ් ඔයාට ගොඩක් ස්තුතියි.
සොනාලි තම දිගු සටහන අවසන් කොට තිබුණේ එහෙමය.
එයට පිළිතුරු වශයෙන් සොනාලිගේ සැමියා ගෝල්ඞ් බෙල්,
“ඔබ බලාපොරොත්තුව සිටි සොඳුරු සොනාලි ඔබ වෙත යළි පැමිණ ඇත. ඉතින් මගේ සිහින කුමරිය දැන් ඔබ වෙනුවෙන් රඟනු ඇත” යන්න සටහන් කළේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

OPPO A Series 2020 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

නව සන්ධානේ මහලේකම්කම රාජිතට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.