AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වැනි වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND‘ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ!
AIA හි මෙම දැවැන්ත ගමන් මඟ තුළ, කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියලු සේවකයන්ගේ වෘත්තීය වර්ධනයට සහ සුබසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.
හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත. සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්‍ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයන් සවිබලගන්වනු ලබයි. අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුළින් සහයෝගිතාවයෙන් යුක්තව අභියෝග ජය ගනිමින්, එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්, එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක් AIA කාර්යමණ්ඩල සාමාජිකයන් සමාගම තුළ ගොඩනගාගෙන ඇත.