අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ අනුව ඊට අදාළ සංකල්ප පත්‍රිකාව අවසන් වරට පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබූ බවක් දැනගන්නට තිබේ.
විපක්ෂය මේ සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දැක්වුවද ආණ්ඩුව කලින් තීන්දු කර තිබූ ආකාරයටම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් එය සම්මත කරගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක්ද දැනගන්නට ඇත.











