ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධාන කරනු ලබන ජාතික ගොල්ෆ් තරගාවලිය සහ 2023 ප්‍රාදේශීය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ආහාර අලෙවි සමාගමක් වන ප්‍රීමා සමාගමේ ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමය සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමය විසින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග්‍රාහකත්වය එක්කරනු ලබන්නේ අඛණ්ඩව 15 වැනි වසරට වීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වාදෙන මෙවර තරගාවලියට 10 දෙනකුට අධික විදේශ තරගකරුවන් පිරිසක්ද සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2023 දෙසැම්බර් මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පෙ.ව. 8.00 සිට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 18 හා 19 දෙදින පැවැත්වීමට කටයුතු කොට ඇත. ‘ප්‍රීමා සන්රයිස්’ සන්නාමයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය දෙසැම්බර් 22 වැනිදා ප.ව. 3.00ට පැවැත්වීමට සැලසුම් කොට ඇත.