කාබනික වගාවන් සම්බන්ධයෙන් වසර 11ක් කන්න 22ක් බතලේගොඩ පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණ වාර්තාව අනුව රසායනික සහ කාබනික පොහොර මිශ්‍රණයක් යොදා ගත හොත් හොඳ අස්වැන්නක් ලබා ගත හැකි බවත් කාබනික පොහොර පමණක් යොදා ගත හොත් 21% සිට 31% දක්වා අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බව සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් මේ වාර්තාව හපුහින්න ලේකම්තුමා ඇතුළු තවත් නිලධාරින් ගණනාවක් එවක ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එවැනි වාර්තා තිබියදී කාබනික පොහොරවලට යොමුවීම නිසා රටට විශාල මුදලක් අහිමි වූ බවත් මේ සම්බන්ධ ඉදිරි පියවර ගැනිමට අමාත්‍යාංශ මට්ටමින් කමිටු වාර්තාවක් සකස් කරන බවට විෂය භාර අමාත්‍යවරයා පැවසුවත් විධිමත් සුදුසුකම් සහිත රජයේ විගණකාධිපතිවරයා විසින් සකස් කරන ලද වාර්තාව භාවිත කර මේ පියවර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (12) පාර්ලිමේන්තුවේදී ඊයේ දින තමා ස්ථාවර නියෝග 27/2 ප්‍රශ්නයට පිළිතුරු සපයමින් කෘෂිකර්ම ඇමතිවරයාගේ කතාවට පිළිතුරු ප්‍රකාශයක් සිදු කරමිනි.
අසූචි පොහොර ගණුදෙනුව හේතුවෙන් ඩොලර් මිලියන 6.9ක මුදල ගෙවීම රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ලෙස දැමීම වැරදි බවත් ‘සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරිම සහ අත්තිකාරම් ගෙවීමේ දී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරිම හේතුවෙන් නිසා එය රජය සතු වගකීමක් බවත්’ මෙහි වගකීම චීනය සතු නොවන බවත් මෙය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ලෙස ඉදිරිපත් කර සමථ කොන්දේසි ඉදිරිපත් නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ ගැටලුව කෝප් සහ කෝපා කමිටුවලට ඉදිරිපත් නොකළ බවට විෂය බාර අමාත්‍යවරයා පැවසූ බවත් එය ඉදිරිපත් නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියා රසායනික පොහොරක් මේ රටේ ගොවි ජනතාවට කාබනික පොහොර ලෙස බෙදා දුන් නිසා ගොවි ජනතාවගේ අත්වල තුවාල ඇතිව සෞඛ්‍ය ගැටලු මතුවූ බැවින් මේ මොහෙතේ හෝ අතුරු කමිටු වාර්තා සකස් නොකර අංග සම්පුර්ණ විගණන වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස යි.
එසේ ම නැනෝ පොහොර වංචාව තුළින් ද ඉන්දියාවෙන් වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි මුදලට වැය කර පොහොර ගෙන්වීම සිදුවූ බවත් මේ සම්බන්ධ තවමත් පරික්ෂණයක් හෝ විගණන වාර්තාවක් නොමැති බැවින් එම නැනෝ පොහොර වංචාව සහ සංස්කෘතික කටයුතු අරමුදලේ දෙවැනි විගණන වාර්තාවත් සභාගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.