රටක ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ පෙන්දන් සිටින පාර්ලිමේන්තුවකින් රටක ජනාධිපතිවරයකු තෝරා පත් කරගත හැකිදැයි හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයකු නොව කක්කුස්සිකාරයකුවත් එසේ තෝරා ගත නොහැකි බවත්, එය විහිලුවක් බවත්ය.
අද ව්‍යවස්ථාදායක සභාවට කිසිවක් කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරු, මැතිඇමැතිවරු ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවේදී අමුණුගම මහතා මේ බව සදහන් කර සිටියේය.