නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන 2ක මුදලක් වංචා කර ඇති බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මඩ ප්‍රහාරයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව ද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.