බැංකුකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් විශිෂ්ටතාවයක් දැක්වූ ශ්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය ආයතන ඇගයීම සඳහා පළමු වරට ශ්‍රී ලංකාවේ පැවැත්වූ ‘ඒෂියන් බෑන්කර් ශ්‍රී ලංකා’ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත්විය.
මෙහිදී බැංකුවට ‘හොඳම ණය ඇගයීමේ වැඩසටහන’, ‘අයදුම හෝ වැඩසටහන’ යන සම්මානය එහි අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය හරහා ක්‍රියාත්මක වන පෞද්ගලික ණය ඉල්ලීමේ පහසුකමට හිමිවූ අතර ‘හොඳම ඵලදායීතා’, ‘කාර්යක්ෂමතා’ සහ ‘ස්වයංක්‍රීයගත කිරීමේ වැඩසටහන’, ‘අයදුම සහ වැඩසටහන’ යන සම්මානය බැංකුවේ ප්‍රධාන බැංකුකරණ පද්ධතිය තුළින් මෙහෙයවූ ගිණුම් ඇරඹීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයගත කිරීම වෙනුවෙන් හිමිවිය. මේ අතර, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකුවේ ප්‍රේෂණ කාඞ්පත සඳහා ‘වසරේ ප්‍රේෂණ සේවාව’ යන සම්මානයත් බැංකුවේ ‘ටොප්-අප් ලීසිං පහසුකම’ සඳහා ‘වසරේ වාහන ණය සේවාව’ යන සම්මානයත් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.