ඇට්ලස් ඇක්සිලියා සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතු පාසල් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයා ලෙස නම් දරයි. දැයේ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගට දිරි දෙමින් ඒ වෙනුවෙන් නිබඳවම කැපවූ දේශීය සමාගමක් වන ඇට්ලස් මෙවරත් BMICHය පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වැනි සංවත්සරය මේ වසරේ සැප්තැම්බර් 29 වැනි දිනට යෙදී ඇති බැවින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිය සංවත්සරය පොඩිත්තන් හා එක්ව දැනුම විනෝදය පිරි අංග රැසක් සමඟ සැමරීමටද කටයුතු යොදා ඇත.
2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඇට්ලස් සමාගම සංවිධාන කෙරෙන මෙම සුවිශේෂී වැඩසටහන නම් කොට ඇත්තේ ‘Atlas Future Land’ නමිනි. ‘Shaping Future Leaders of Tomorrow’ (අනාගත නියමුවන් හැඩකරමු) යන තේමා පාඨය මූලික කොට ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ Virtual Reality (VR) ක්‍රීඩා Augmented Reality (AR) අත්දැකීම්, පරිගණක ක්‍රීඩා ඇතුළු විශේෂාංග රැසක් සමඟින් එක්වන්නටත්, ශ්‍රී ලංකාවේ පළමුවරට නිර්මාණය කෙරෙන ‘ඩිජිටල් චිත්‍ර පවුර (Motion Drawing Wall) මත තම අතැඟිලිවලින් සිතුවම් අඳින්නට, පාට කරන්නටත් පොඩිත්තන්ට අවකාශ සැලසෙනු ඇත. විනෝද ක්‍රීඩා, විවිධ ක්‍රියාකාරකම්වලට අමතරව සහභාගි වන්නන්ට වටිනා තෑගි දිනාගැනීටමද ‘Atlas Future Land’ ’ කුටියේ දී හැකියාව ලැබේ. එලෙසම මෙම වැඩසටහනේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නෙත් ත්‍ඵ සේවයේ ජනප්‍රිය ළමා වැඩසටහන් දෙකක් වන ‘පුංචි උදෑසන’ සහ ‘කලබල පැංචා’ යන වැඩසටහන්වල නිවේදක නිවේදිකාවන්ද එක්වනු ලබයි.
ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම මින් පෙර හඳුන්වනු ලැබුවේ සිලෝන් පෙන්සිල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් යන නාමයෙනි. 1959 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම ඉතා ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම අලෙවියක් ඇති පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සමාගම බවට පත් විය. දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ පාසැල් උපකරණ නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් යෝධ සන්නාමයක් ලෙස ඇට්ලස් හඳුන්වා දිය හැකිය.