පානදුර සුමංගලයෙන් අධ්‍යාපනය ලබා පසුව කොළඹ රජකීය විදුහලේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන චන්න පෙරේරා ඒ කාලයේද රාජකීය විදුහලේ නාට්‍ය සඳහා දායක වෙයි. මේ අතර බැංකුවක රැකියාවක් ලබන චන්න බැංකුවේ සේවය කරන අතරතුර සති අන්තයේ හොරෙන් රඟපෑමට සම්බන්ධ වෙයි. එහිදී කේ. ඩබ්ලිව්. පෙරේරා මුණගැහෙන අතර, ඔහු තම චිත්‍රපටයේ සාමාන්‍ය චරිතයක් චන්නට ලබාදෙයි. එලෙස රංගනයට පිවිසි චන්න දැන් දක්‍ෂ රංගන ශිල්පියෙක් ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්, අවුරුදු 25කට වඩා ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් සැබෑ ජීවිතයේදී බොහෝ රසිකාවියන්ගේ හදවත් දිනාගත් විශිෂ්ට රංගන ශිල්පියෙක්.
ඇයි චන්න හැංගිලා මේ දවස්වල?
හැංගිලා නැහැ. ළඟදිත් චිත්‍රපටයක් කළා. අනෙක මම බොහොම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අවුරුද්දට චිත්‍රපට එක ගානේ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට හරියට චිත්‍රපටයක් කරන්න අවුරුදු දෙකක් විතර යනවා.
මොකක්ද ඔබේ චිත්‍රපටය?
ඒකේ නම “යුගාත්‍රා.” එහි තිරපිටපත ලිව්වෙත්, අධ්‍යක්‍ෂණය කළෙත් මම. දැන් එහි වැඩකටයුතු සම්පූර්ණයෙන් ඉවරයි. එයට මම, නදීකා ගුණසේකර, සනත් ගුණතිලක, අසංකි ද සිල්වා, මාෂී සිරිවර්ධන සහ ලක්‍ෂ්මන් මෙන්ඩිස් යන අය රංගනයෙන් දායක වුණා.
බොලිවුඞ් නිළි පූජා උමාශංකර් සහ වයිත්‍රි චන්ද්‍රනාත් ලංකාවේ සිනමාවට ගෙනාවේ ඔබ. ඒ අතර ඔබ හඳුන්වා දුන්න හින්දි නිළියක් වූ ජැස්මන් භාෂිණි ඔබ අධ්‍යක්‍ෂණය කරන චමත්කා චිත්‍රපටයේ රූගතකිරීම් ආරම්භ කිරීමටත් මත්තෙන් ලංකාවෙන් ගියා නේද?
ඔව්. ඒ දෙන්නව ගෙනාවේ මම. ඒ වගේම චමත්කා චිත්‍රපටයට ගෙනාව ජැස්මින් භාෂිණි රංගන ශිල්පිනිය අසනීපවෙලා ආපසු ඉන්දියාවට යන්න වුණා. ඒ චිත්‍රපටයට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් දින වෙනස් වෙලා අතරමඟ නතර කරන්න සිද්ධ වුණා.
චන්න ඉන්දියාවෙන් නිළියන් ගේනවට ගයත්‍රි අකමැතිද?
එහෙම එකක් නැහැ. එයා එයාගේ වැඩකටයුතු කරගෙන යනවා. මගේ ජීවිතය මම ගෙනියනවා. අපි දෙන්නා එක එක්කෙනාගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ.
ඇය නම් කියන්නේ ඔබ චමත්කා චිත්‍රපටයේ කොල්ලාගේ චරිතයට රඟපාන්න හිටිය නිසා ඇය නොගත්තේ කියලා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
එහෙම එකක් නැහැ. එයාට සුදුසු චරිතයක් තිබුණොත් මට එයාව නොගෙන ඉන්න හේතුවක් නැහැ. මම දන්න විදියට මම ගත්තේ නැතිවුණාට ගයත්‍රිට වැඩ තියෙනවා.
ඔබ මොනවද ප්‍රේක්ෂකයින්ට මතක හිටින්න කරලා තියෙන්නෙ?
ඒක ඔවුන්ගෙන් තමයි අහන්න තියෙන්නේ.
මට පිට පිට ජනප්‍රිය නළුවා තුන්වතාවක් ලැබිලා තියෙනවා. ඒක ලැබෙන්නේ රසික රසිකාවියන් ආදරේ කරන නිසා, එයාලට මතක හිටින්න මම යමක් කරලා නැත්නම් මට ජනප්‍රිය නළුවා සම්මානය ලැබෙන්නේ නැහැ. මම චිත්‍රපට සැලකියයුතු ගානක් රඟපාලා තව චිත්‍රපට හතරක් අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. “අංජලිකා,” “සෙනසුරු මාරුව,” “කල්පාන්තයේ සිහිනයක්” කියලා චිත්‍රපට, ඒ වගේම ළමයි වෙනුවෙන් “පුංචි වීරයෝ” කියලා කතා මාලාවක් හදලා තියෙනවා. ඒ චරිත එදා වගේම අදත් ජනතාවට මතක තියෙනවා. ඉතින් මම හිතනවා ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් ලැබෙන ගෞරවයත් එක්ක මම යම්කිසි දෙයක් කරලා තියෙනවා කියලා.
බැංකුවෙ රස්සාව දාලා නළුකමට ආව එක හොඳ තීරණයක් කියලා හිතනවද?
මම ගත්ත තීරණය ගැන හදවතින්ම සතුටු වෙනවා. රංගන ශිල්පියෙක්, නළුවෙක් වීම තරම් ආශ්චර්යයක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේකෙන් ලැබෙන දේවල් වෙන කිසිම වෘත්තියකින් ලැබෙන්නේ නැහැ. ස්වභාව ධර්මයා මාව ජීවත්කරවනවා. එදා වගේම අදත් ආදරණීය රසික රසිකාවියන් මට ආදරය කරනවා.
ආදරය ගැන අමතක නොවන සිදුවීම් මොනවද?
ආදරය කියන එක අමතක වෙන දෙයක් නෙවෙයි. අපි ජීවිතේ එක එක නවාතැන්පොළවල නතර වෙනවා. අන්තිමට අපට සුදුසු කෙනෙක් හමුවුණාම අපි එතැන නතරවෙනවා. ඒක තමයි ස්වභාවය. අනෙක් හැමෝටම වගේ මටත් එහෙමයි.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?
මම හිතනවා මම දැන් ආධ්‍යාත්මික පැත්තට යොමුවෙලා ඉන්නවා කියලා. මම ජීවිතය ගැන හෙව්වා. මේ ලෝකේ සදාකාලික සතුටක් නැහැ. ලෝකයේ විවිධ දාර්ශනිකයෝ ජීවිතය ගැන විවිධ අදහස් දක්වලා තියෙනවා. ඒ විවිධ දාර්ශනිකයන්ගේ දේශනා ඇහුවාම ජීවිතය ගැන ලෝකය ගැන විශ්වය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සමහරවිට මගේ ඉදිරි ජීවිතය ආධ්‍යාත්මික පැත්තට යොමුවෙයි. අන්තිමට අවබෝධ වෙනවා සැබෑවක් නෙවෙයි මේ ජීවිතය හීනයක් කියලා. මේ මම කියන්නේ ජීවිතය ගැන කලකිරීමෙන් නෙවෙයි.
කොහොමද දූවරුන් දෙදෙනා?
මගේ ලොකු දුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ හදාරනවා. මගේ දෙවැනි දුව පෞද්ගලික පාසලක් වන රෝයල් ඉන්ස්ටිටියුට්හි 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනවා.
ඔබ හිතනවද ඔබ නිසි ඇගයුමකට ලක්වුණේ නැහැ කියලා?
මට සම්මාන ගොඩාක් ලැබිලා තියෙනවා. හොඳම නළුවාට හිමි සම්මානයට නම නිර්දේශ වෙලා “සෙනසුරු මාරුව” කියන චිත්‍රපටයට ඒක ලැබුණේ නැහැ. ඒ වගේම ලංකාවේ සම්මාන තීරණය කරන්නේ ජූරියේ පස් හයදෙනෙක්ගේ කැමැත්තට මිසක් රසික රසිකාවියන්ගේ ප්‍රතිචාරවලට නෙවෙයිනේ. ඔය පස් හයදෙනාට ගැළපුණේ නැත්නම් ඒ සම්මානය දෙන්නේ නැහැ. ඔය පස්හයදෙනෙක් තීරණය කරන සම්මාන ගැන මට ලොකු ආසාවකුත් නැහැ. මට ඒක නොලැබුණා කියලා කලකිරීමකුත් නැහැ.
අලුත් නිර්මාණ මොනවද?
ඉදිරියට මම රඟපෑව චිත්‍රපට 3ක් තියෙනවා එන්න. “මායාවි,” “බඹර වසන්තය,” ඒ වගේම ළමයි වෙනුවෙන් අධ්‍යක්‍ෂණය කළා “එකයි දෙකයි තුනයි” කියලා චිත්‍රපටයක්. ඒකත් එන්න තියෙනවා.
ප්‍රේක්‍ෂක ජනතාවට මොනවද කියන්න තියෙන්නෙ?
ආදරණීය රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ඒ හැමදාම දක්වපු ආදරය, සැලකිල්ල, ගෞරවයට මම හදවතින්ම ගෞරවය, ස්තුතිය පුදකරනවා.
නිලන්ති රේණුකා